අමිතාබ් බච්චන්ට ඇස් අන්ධව යෑමේ ප්‍රවණතා පෙන්නුම් කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වෛද්‍යවරු නිගමනය කොට තිබෙන්නේ මෙය කොරෝනාවේ අතුරුඵලයක් ලෙසයි. අවුරුදු 60න් හෝ 70න් පසුව කොරෝනා වැලදෙන බොහෝදෙනකු එවැනි අතුරු ආබාධයකට මුහුණදෙන බව වෛද්‍ය මත හරහා අනාවරණ කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
"මම කොරෝනාවේ අතුරු ප්‍රතිඵලයක් නිසා ඇස් නොපෙනී යෑමේ උවදුරකට මුහුණදී සිටිනවා, මට පොත් කියවන්නවත් බැහැ අකුරු පෙනෙන්නේ නැහැ. ලියන්න බැහැ . කිසිවකු එකවර හඳුනා ගන්න බැහැ. ඇස් බොඳ වෙලා පෙන්නේ. ලොව නිෂ්පාදිත හොඳම උපැස් යුවල භාවිතයට ගත්තද මගේ පෙනීම් තවමත් හොඳ වෙලා නැහැ. මේ වයසේදී අක්ෂි සැත්කම් කරන එක අවධානම් කියලයි වෛදවරුන් කියන්නේ. ඒ නිසා විශාල පරිමාණයේ සැත්කමක් කරන්න මගේ අදහසක් නැහැ.
මගේ එක් ඇසක් සැත්කමකට භාජනය කළා. අනෙක් ඇස සඳහා එම සැත්කම කිරීමට තව මඳ කාලයක විරාමයක් අවශ්‍යව තියෙනවා." යැයි ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් පවසා තිබෙනවා.