දානෙට වැඩ කරලා අවසානයේ කෑම කන්න ගද්දි තමයි අම්මට මාව ලැබෙන අමාරුවෙලා තියෙන්නෙ - චමත්කා ලක්මිණි



චමත්කා ලක්මිණි කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන නිරන්තරයෙන් වගේ විවධ කතා මැවෙනවා. ඉතිං ඇය ඇගේ උපන්දිනය දවස ගැන වගේම එදා දවසට සිදු කරන විශේෂ කටයුතු ගැනත් පුවත්පතකට මෙලෙස විස්තර සඳහන් කර තිබුනා.



උපන් දිනයක් කිව්වම හිතට දැනෙන මොනවගේ හැඟීමක්ද?

උපන්දිනයක් ලබද්දි හිතට දැනෙන තවත් අවුරුද්දකින් වයසට යනවා කියලා. ඉස්සර ඒ දේ ගොඩක් දැනුණෙ නැහැ. නමුත් මෑතක ඉඳලා කට්ටිය වයස අහද්දි දැන් බබාත් ඉන්න නිසා ටිකක් ලොකුයි වගේ හැඟීමක් දැනෙන්නෙ. මම පොඩියි වගේ ඉන්න තමයි තවම කැමති. වයස හංගන්න නම් නෙමෙයි. ඒත් වයසට යනවා කියන හැඟීම එදි පොඩි දුකක් තියෙනවා.


 චමත්කාගේ උපත ගැන දන්නා විස්තර මොනවද? 

මගෙ උපත සිදුවන පෙබරවාරි 21. ඒ කාසල් එකේ. අපේ අම්මා සාමාන්‍යයෙන් වැඩි වශයෙන් දාන මානවලට සම්බන්ධව වැඩ කරන කෙනෙක්. ඉතින් මම හම්බවෙන්න ඉන්න  දවසෙත් අපේ ගෙදර ලොකු දානයක් තිබිලා තියෙනවා. ඒ දානෙට වැඩ කරලා ඒවා අස්පස්  කරලා ඔක්කොම වැඩ ඉවරවෙලා අවසානයේ කෑම කන්න ගද්දි තමයි අම්මට මාව ලැබෙන අමාරුවෙලා තියෙන්නෙ. ඉතින් ඒ එක්කන් ගියාම කිසිම කරදරයකින් තොරව මාව ලැබිලා තියෙනවා. ඉතින් මගේ ගෙදර මම විතරයි සහෝදර සහෝදරියො කව්රුම නැහැ. ඒ නිසා එක් යකා වගේ හදලා තියෙනවා.



 අම්මලා බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නෙත් දුවෙක්මද?

තාත්තාගේ පැත්තෙ අයනම් කැමැත්තෙන් හිටියෙ පුතෙක් ලැබෙනවටලු. ඒත් අම්මා බලාපොරොත්තු වෙලා තියෙන්නෙ දුවෙක්ව. ඉතින් මම අම්මාගෙන් අහලාත් තියෙනවා ඇයි අම්මා පුතෙක් බලාපොරොත්තු නොවුණේ කියලා. මොකද මම කැමතිත් පුතාලට. මට දැන් ඉනෙත් පුතෙක්. ඉතින් අම්මා නම් කිව්වේ මම ඔයාව හැදුවෙත් කොහොමත් කොල්ලෙක් වගේ තමයි කියන දේ. අම්මාගෙ කැමැත්ත ඉතින් දුවෙක්ම තමයි.


ඉතින් පුංචි කාලෙදි කොයිවිදියටද චමත්කාගේ උපන්දින සැමරුම් සිදුවුණේ?

පුංචි කාලෙදි අම්මයි මමයි තමයි උපන්දින සැමරුවෙ. අම්මා තමයි හැමදේටම මගෙ ළඟින් හිටියෙ. ඒ කාලෙ කොයිතරම් ප්‍රශ්න තිබුණත්, ආර්ථික වශයෙන් අමාරුකම් තිබුණත් මට අදටත් මතකයි අම්මා මම වෙනුවෙන් කරපු දේවල්. අනිවාර්යයෙන්ම ඒ දවසට ලස්සන  කේක් එකක් දෙනවා. උදේට මම නැගිටිද්දි කේක් එකක්, තෑගි, "HAPPY BIRTH DAY වාදනය වෙන ලස්සන කාඩ් එකක් ළඟ තියලා තියෙනවා. මම දන්නවා ඒ හැමදේම අම්මා මම වෙනුවෙන් කළේ කරන්න පුළුවන්කමකට නෙමෙයි. ඒ හැමදේම කළේ මගේ හිතට සනසන්න. අම්මා කාලයක් විදෙස්ගතවෙලා හිටියත් කවදාවත් මට කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. අද මට ඒ දරා ගැනීම හොඳටම දැනෙනවා. මටත් බබෙක් ඉන්න නිසා.



පොඩි කාලෙ ලැබුණු තෑගිවලින් මතකයේ රැඳෙනම තෑග්ගක් තියෙනවද?


අම්මා මට දුන්න හැම තෑග්ගක්ම මට ගොඩක්ම වටිනවා. ඒවා වචනයෙන් කියන්න බැරි තරම්. ඒ හැම පුංචි දේකට වුණත් මම ගොඩක් ආදරෙයි. මම දැන් අම්මා කෙනෙක් විදියට මගෙ බබාගේ පළමු උපන්දිනය වෙනුවෙන් සූදානම් වෙනවා ලබන මාසයට යෙදිලා තියෙන. ඉතින් මට දැන් තේල්ලෙනව අම්මා උදේ පාන්දර ඉඳලා මම වෙනුවෙන් ඒ දවසට කොහොමද සූදානම් වුණේ කියල. දැන් වෙනදටත් වඩා ඒ දේවල් මතක් වෙනවා. ඉතින්  මේ වෙද්දිත් අම්මා මගේ ළඟ නැහැ විදෙස්ගතවෙලා ඉන්න නිසා. මෑතකදි මට අම්මාත් එක්ක එකට උපන් දිනයක් සමරන්න ලැබුණෙත් නැහැ. ඒ නිසා මේ උපන් දිනය දවසෙ මම ප්‍රාර්ථනා කරනවා ඊළඟ අවුරුද්දෙ මට අම්මා ළඟ ඉඳගෙන උපන් දිනය සමරන්න ලැබෙන්න කියලා. 


 දැන් කොයිවිදියටද චමත්කාගේ උපන්දින සැමරුම් සිදුවෙන්නෙ?

මම පොඩි කාලෙන් පස්සෙ සාමාන්‍යයෙන් තේරෙන වයසට ආවම උපන්දින සැමරීම් සිදුකළේ නැහැ. මට ඕනෑ වුණේ මට පුළුවන් විදියට නැති බැරි අහිංසක කෙනෙක් වෙනුවෙන් දෙයක් කරලා ඒ දවස ගත කරන්න. ඉතින් මම දැන් අවුරුදු ගණනාවක ඉඳලා ළමා නිවාස තුනක් වෙනුවෙන් මගේම අතින් කෑම, බීම හදලා ඒ ළමා නිවාසවලට දානයක් ලබා දෙනවා. පෙබරවාරි කියන්නෙ මට දානමාන තියෙන මාසයක්. මම ඒ දේවල් හරිම ආසාවෙන් තමයි කරන්නෙ. ඒ දවසට හරියටම රෑ 12 ලබද්දි මම පන්සලේ ඉනෙ. මල් පහන් පූජා කරල ඒ ආගමික කටයුතුවල යෙදෙනවා. ඇත්තටම අපිට පින් දහම්වල යෙදෙන කාලය මදි. අපි පන්සල් යනෙත් අඩුවෙන්නෙ. ඒත් ඇත්තටම මම පුළුවන් හැම වෙලාවේම පන්සල් යනවා. පුළුවන් විදියට මොකක් හෝ දානමය පිංකමක යෙදෙනවා. ඉතින් උපන් දිනය ලබද්දී පන්සලේ ආගමික වැඩ කටයුතුවල නිරත වෙලා පහුවදා තමයි ළමා නිවාස තුනට ඒ දාන ලබා දෙන්නෙ. එක නිවාසයක් අවරුදු 5 පහළ ළමයි ඉන්න තැනක් තවත් නිවාසයක ළමයින් 180 ක් ඉන්නවා. අනිත් නිවාසෙ 200 වගේ. 


ඉතින් ඒ හැමෝම එක්ක ඒ දවස ගත කරන ගොඩක් සතුටින්. මගෙ යාළුවො ගොඩක් දෙනෙක් ඒ මොහොතට සහභාගි වෙනවා. ඒ හැමෝමත් එක්ක ඒ තැනට ගිහින් නටලා, සින්දු කියලා, නාට්‍යය කරලා ඒ මොහොත ගත කරනෙ. ඇත්තටම ඒ තුළින් ඒ දරුවො ගොඩක් සතුටු වෙනවා. ඒ මුහුණුවල හිනාව හරිම සුන්දරයි. ඉතින් ඒ හිනා මුහුණු දකිද්දි මටත් වචනවලින් කියන්න බැරිතරම් සතුටක් හිතට දැනෙනෙ. ඒ දරුවො  කවදාවත් අපි ළඟට ඇවිල්ලා නැති බැරිකම් කවදාවත් කතා කරන්නෙ නැහැ. මොන දේ නැති වුනත් හරිම සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඉතින් අපේ හිතටත් දැනෙන මාරම සැහැල්ලුවක්. මෙවරත් ඉතින් ඒ දානමය කටයුත්ත තමයි ඒ දවසෙ නිරත වෙනවා.


 ඉතින් ඒ දවසට චමත්කාට ලැබෙන සුබ පැතුම් ගැන කතා කළොත්? 

 ඒ දවසෙ රෑ 12 ලබපු ගමන් සුබ පැතුම් නම් ගලාගෙන එනවා. ඒ වගේම මාව හැමදාම සප්‍රයිස් කරන මගෙ හොඳම යාළුවො සෙට් එකක් ඉන්නවා. මගෙ හොඳම යාළුවා චතුරංග  ලියනගේ තමයි ඒ දේවල් සංවිධානය කරන්නෙ. ඉතින් දැන් නම් ඒ වැඩේ සයිස් එකක් නෙමෙයි. මොකද මම දන්නවා මගෙ යාළුවො ඒ දවසට මගේ ළඟ කියලා. ඒ හැමෝම වගේ දානමය කටයුත්ත වෙනුවෙනුත් ගොඩක් උදව් කරනවා. උයන පිහන වැඩ කටයුතු වල සිට හැමදේම. ඒ වගේම මට ආදරය කරන බොහෝ දෙනෙක්ගෙ සුබ පැතුම් ඒ දවසට එකතු වෙනවා. කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් සහ සමාජ ජාල වෙබ්අඩවි ඔස්සේත්තේ ඒ සුබ  පැතුම් එකතු වෙනවා. විවාහ වෙන්න කළින් නම් තෑගි භෝග, සුබ පැතුම්පත් ගෙදරටත් ලැබුණා. දැන් නම් ඒ දේවල් නැහැ. නමුත් නමක් ගමක් සඳහන් නැති තෑගි තවමත් ගෙදර තියෙනවා.


නමක් ගමක් සඳහන් නැති විශේෂම තෑග්ගක් ගැන කියමුකො?

ඔව් ඇත්තටම මටත් වඩා ලොකු ටෙඩි බෙයාර් කෙනෙක් එවලා තිබුණා. ඒ 2015 වසරෙදි වගේ. ඒකෙ නමක් ගමක් සඳහනක් නැහැ. ඉතින් අදටත් කවුද එව්වෙ කියන්න දන්නෙ නැහැ. ඒත් ගෙදර ඒක සුරැකිව තියෙනවා.












Previous Post Next Post