ශ්‍රියා ගෝෂාල් හා ශිලාදිත්‍ය මුඛෝපාධ්‍යයා සමග විවාහ වන්නේ 2015 වසරේදීයි. 2015 වසරේ සිටම ඇගේ රසිකයන් ඇයගේ පවුලට අලුත් සමාජිකයෙකු බලාපොරොත්තුවෙන් සිටියත් ඇය විසින් පවසා තිබුණේ ඇගේ කාර්‍යබහුල ජීවිතය නිසා අලුත් සාමාජිකයෙකුගේ බලාපොරොත්තුව දිනෙන් දින ප්‍රමාද වන බවයි. කෙසේ වෙතත් පසුගිය දා ඇය විසින් ඇයගේ සමාජමාධ්‍ය ගිණුම් හරහා ඇය මව් පදවියට සූදානම් බව ප්‍රකාශ කර තිබුණා.
ඇයගේ නිවසේ සදලු තලය මත නිල් පැහැ දීප්තිමත් ඇදුමක් සමග හිරු කිරණ ඇයට පතිත වනසේ ලාබාගෙන තිබූ ඡායාරූපයක් පලකරමින් ඇය මේ බව සදහන් කර තිබුණා. මේ පුවත දැන ගැනීමෙන් පසු ශ්‍රියාගේ රසිකයන් සේම බොලිවූඩයේ ජනප්‍රිය චරිත බොහෝ දෙනෙකුගෙන් ඇයට සුභපැතුම් ගලා එන බව බොලිවුඩ් වාර්තා සදහන් කර තිබුනා.