කොවිඩ් ආසාධිත දත්ත පොලිසියට ලබා ගත හැකි බව හෙළිවීමෙන් සිංගප්පූරු වැසියන්ගේ විස්වාසය බිඳ වැටේ

කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා සිංගප්පූරුව තුළ තාක්ෂණික ක්‍රියාදාමයක්  ක්‍රියාත්මක වන බව වාර්තාවෙයි. 

සිංගප්පූරුව තුළ යමෙකු කොරෝනා වෛරස් ආසාධිතයෙකු ලෙස තහවුරු වුවහොත් ගෙවී ගිය දින 25 ක කාලය තුළ ඔහුව ඇසුරු කල පුද්ගලයන් හඳුනාගැනීමට මෙම තාක්ෂණික මෙවලමෙන් පහසුකම් සළසා දී තිබේ.

සිංගප්පුරු රජය ජනතාවගේ පුද්ගලික දත්ත කිසිවක් බාහිර පාර්ශවයකට ලබාගත නොහැකි බව පෙරදී සඳහන් කිරීම හේතුවෙන් එරට ජනතාවගෙන් සියයට 80 ක් පමණ මේ වනවිට ඊට ලියාපදිංචි වී  ඇත. නමුත් මෙම කොවිඩ් ආසාධිතයන් සම්බන්ධයෙන් රැස් කෙරෙන තොරතුරු සහ දත්ත පොලිසියටද ලබාගැනිමට හැකියාව ඇති බවට සිංගප්පූරු බළධාරින් මේ වන විට පිළිගෙන තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක්  චෝදනා එල්ල කරන අතර එමගින් ආසාධිතයන්ගේ පුද්ගලිකත්වය සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය වන බව විශේලේශකයන් පෙන්වා දෙයි.

නමුත් එරට පාර්ලිමේන්තුවේදී මෙම දත්ත අපරාධ විමර්ශන කටයුතු සඳහා උපයෝගී කර ගත හැකි බවට අනාවරණය වුවද, පොලිසියට මෙම දත්ත ලබාගැනීමට ඉඩකඩ සැළසීම නිසා එය ජනතා විශ්වාසය කඩකිරීමක් බවට රජයට චෝදනා එල්ල වී ඇත.


Previous Post Next Post