හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්තයේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට මැතිවරණ නිලධාරියකු සමඟ සාකච්ඡා කොට ඇතැයි වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට ඔහු මේ සම්බන්ධයෙන් කතාබස් කළ හඩපටයක් ද පටිගත වී තිබේ.
මෙම සිදුවීම පිළිබඳව කරුණු විවර කර ඇත්තේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතයි. හඬ පටයට අනුව තම ජයග්‍රහණය සදහා ඡන්ද 11780 ක් සොයා ගැනීමට අවශ්‍ය බව ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කර තිබේ. නමුත් අදාළ මැතිවරණ නිළධාරියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේවුවද සෙනෙට් සභාවේ බහුතරය නියෝජනය කරන කණ්ඩායමේ නායක මිච් කොනෙල් පවසා ඇත්තේ අභියෝගකාරී කාලවකවානුවක් තුළ 117 වෙනි සෙනෙට් සභාව සදහා සභිකයන් දිවුරුම්දීමද ඇමෙරිකා එක්සත් ජනපදයේදී සාර්ථකව සිදු වූ බවයි. එමෙන්ම ඇමෙරිකාවේ කතානායක ධූරයට 4 වන වරටත් අසූහය හැවිරිදි නැන්සි පෙලෝසි පත් වීම සුවිශේෂීත්වයකි. ඇයට එරෙහිව ඡන්දය භාවිත කර ඇත්තේ ඩිමොක්රටික් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණයි.