දකුණු ආසියාවේ දෙවැනි වියපත්ම කාන්තාව වේලු පාප්පානිය. ඇය ජීවත් වූයේ කළුතර දිස්ත්‍රික්කයේ ලයින් කාමරයක් තුළය. ඇගේ ජීවිතයේ වැඩි කාලයක් ඇය තේ ගස් සමඟින් ගත කර තිබේ. මැය අනෙක් වයස්ගත කාන්තාවන්ට වඩා වෙනස් වූයේ මේ වන විට ඇය එකසිය දාහත් වන වියෙහි පසු වූ බැවිනි. මෙම වයස ඉතා සුවිශේෂී වන නිසාම ඇයව මෙසේ දකුණු ආසියාවේ දෙවැනි වියපත්ම කාන්තාව ලෙස හඳුන්වා ඇත.
මේ ආදරණීය පාප්පානිගේ කතාව මෙලෙස දිග හරිමි. මෙම මවට රැකවරණය ලබා දී ඇත්තේ එස්. මහලෙච්චමි සහ එන්. තංගයියා යන යුවළය. මේ යුවළ පවසන්නේ පාප්පානි තමන්ව බලන්න කවුරු හරි එනවනම් ඉතා සතුටට පත්වෙන බවයි. මෙම මව සතුව හැඳුනුම්පත් දෙකක්ද තිබේ. ඇගේ උපත 1903 මැයි මාසේ තුන් වෙනිදා සිදුව ඇත. ඇගේ මුල්ගම කඩුගන්නාවයි. එමෙන්ම ඇගේ අම්මා සිංහල කාන්තාවකි, නමුත් පියා දෙමළ ජාතිකයෙකි. එබැවින් මේ මව බුදුන් වඳිනවා වගේම දෙවියන්ද අදහයි.
ඇගේ සැමියා අවුරුදු 18දී ඇයව අතහැර තිබේ. ඇය මස් මාළුවලට පෙරදී ප්‍රියතාවයක් දැක්වුවද පසුව විට රොටි,තෝසේ, පාන් වැනි ආහාර වලට හුරුවිය. කෙතරම් වියපත් වුවත් මේ මවට තවම හොඳට කල්පනාව තිබේ. ඇගේ දරුවෝ දෙන්න කොහේ ඉන්නවදැයි ඇය තවමත් නොදනි. නමුත් මීට අවුරුදු ගාණකට කලින් රත්නපුර පැත්තේ සිට පුතා ඇවිත් තමන්ව බලා ගිය බව ඇය පවසා ඇත. නමුත් ඉන්පසු ඔහු නැවත මෙම ආදරණීය මව බලන්නට පැමිණ නැත. වේලු අම්මාගේ හැඳුනුම්පත් අංකය ලෙස සටහන්ව ඇත්තේ 0362402100ය. එය හදාගත් විදිය නම් දැන් ඇගේ මතකයේ නැත. ඇයට වැඩිහිටි හැඳුනුම්පතක් ද ඇත. එහි ඇගේ උපන් දිනය ලෙස 1903 මැයි 3 දින ලෙස සටහන්ය. මේ අනුව ඇගේ 117 වන උපන්දිනය පසු ගිය මැයි මාසයේ සැමරීමට කටයුතු යොදා තිබුණත් කොරෝනා හේතුවෙන් එයද ව්‍යර්ථ විය.
දැඩි සැපසම්පත් ඇත්තන් පවා ඉතා කෙටිකලකින් මරණයට පත්වන මෙවන් වකවානුවක වයස අවුරුදු 117ක් ඉක්මවා නිරෝගීව ජීවත් වීම සැබවින්ම රහසකි. මේ රහසට හේතුව ඇගේ හිතේ තියෙන සතුටයි. පළමු සැමියා අත්ඇරෙනවා. දෙවැනි සැමියා මිය යනවා. දරු දෙන්න ආ ගිය අතක් නැති වෙනවා. ඉන්න හිටින්න තැනක් නැති වෙනවා. නමුත් මේ අපූරු කාන්තාව ඒ කිසිවකින් කඩා වැටී නැත. ඇගේ සරල දිවිපෙවෙත ගත කිරීමේදී ඇයට ලොකු ලෙඩක් දුක් වලට මුහුණ පාන්නටද සිදු නොවීම සැබවින්ම භාග්‍යයකි.
නමුත් පසුගිය 29 වැනිදා අලුයම ඇය හදිසියේ රෝගාතුර වීම නිසා කළුතර මහ රෝහලට ඇතුළත් කර තිබේ. එදිනම රාත්‍රි ඒ සෙනෙහෙබර කාන්තාව අප හැර යන්නටද විය. නමුත් එදිනට ඇගේ වයස අවුරුදු 117යි මාස 7යි දින 27 කි.