2020 වසර තුළ ලංකාව පුරා දැවැන්ත පාරිසරික විනාශයන් රැසක් සිදුවිය. මේ එම විනාශයන් පිළිබඳව අණාවරණයකි.
පසුගිය ජනවාරි මාසයේ සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා නිමා වූ වසර තුළ සෑම දිනකටම ලංකාවේ පොදු වනාන්තරවලින් දිනකට අක්කර දහයකට වැඩි ප්‍රමාණයක් රටට අහිමි වී ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.
මේ වන විනාශයන්ට කැලෑ ගිනි තැබීම්, පෞද්ගලික අයිතියට කැලෑ ලබාදීම්, වනාන්තර එළිකිරීම් යන සමස්ත ක්‍රියාවලි සියල්ලම අයත් වේ.
කෙසේවෙතත් 5/2001, 5/1998, 2/2006 වැනි අවශේෂ වනාන්තරවල ආරක්ෂාවට තිබූ චක්‍රලේඛ ඉවත් කරමින් 01/2020 නව චක්‍රලේඛය නිකුත් කරන ලදි. මෙලෙස චක්‍රලේඛ අහෝසි කිරීම, පරිසර තක්සේරු වාර්තා නොමැතිව සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම, දේශපාලන වුවමනාවන් මත වනාන්තර පෞද්ගලික අයිතියට පැවරීම වැනි ක්‍රියා මෙන්ම ලංකාවේ ස්වභාවික පරිසරය විනාශ කිරීම හා පරිසර නීතිය උල්ලංඝනය කිරීම වැනි ක්‍රියාවන් ද පසුගිය වසර තුළ ඉතා වැඩි වශයෙන් සිදුවිය.
මීට අමතරව අලි මිනිස් ගැටුමේ ප්රතිපලයන්ද පසුගිය අවුරුදු වලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා ලදි. 2019 වර්ෂයේදී අලි මරණ 407 ක් ද 2019 අලි පහරදීමෙන් සිදු වූ මිනිස් මරණ සංඛ්‍යාව 122 ක්ද ලෙස වාර්තා විය. 2020 වසරේ අලි මරණ සංඛ්‍යාව 317කට වැඩි ප්‍රමාණයක් වාර්තා විය. මෙම ලැබුවා වූ 2021 වසරේ ඌව පරණගමින් පළමු අලි මරණය වාර්තා විය.
මේ හේතුවෙන් ලංකාව, ලෝකයේ පළමුවැනි තැනට අලි-ඇතුන් ඝාතනය කරන සහ මරණ වාර්තා වන රට බවට පත්විය.
මීට අමතරව ලෝක උරුමයන් විනාශ කරමින් සිදු කරන නීති විරෝධී ක්‍රියාවන්ද බහුල ලෙස පසුගිය අවුරුද්ද තුළදී අපට දැකගත හැකි විය.
කෙසේවෙතත් කොරෝනා අර්බුද සමයේත් 2020 වසර පුරාවටත් විල්පත්තුව, ආනවිලුන්දාව, ඇතාවැටුණුවැව, නිල්ගල, රැකව කලපුව, වව්නියාව මාමඩුව, රඹකැන්ඔය, ගල් ඔය, ජලගැලුම් නිම්නය, ගල්වලයාය ඇතුළු ස්ථාන 25කට වැඩි ප්‍රමාණයක වනාන්තර විනාශ කිරීම සිදු විය. එබැවින් මෙම මහා විනාශයන් ඉදිරියටත් සිදු නොවීමට වගාබලා ගැනීම සියලු දෙනාගේ වගකීම වේ.