පොලිසියේ දෙදෙනාගේ ඝාතනයට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

මඩකලපුව, වව්නතිව් පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය
කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට
සැකපිට අයෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබේ.රාසනායගම් සර්වානන්දම් නමැති 48 හැවිරිදි සැකකරු කිලිනොච්චිය පොලීසිය විසින් කිලිනොච්චිය වට්ටකච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඔහු කිලිනොච්චිය, හඩ්සන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය.
මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා 35 හැවිරිදි සහ 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
ඔවුන් ගාල්ල උඩුගම සහ කල්මුණේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.



Previous Post Next Post