මනූෂ ගියාට කිසී ප්‍රස්නයක් නෑ - එස්‌. බී.

මනූෂ නානායක්‌කාර මන්ත්‍රීවරයා නැවත එක්‌සත් ජාතික පක්‌ෂය වෙත ගිය ද ඉන් ආණ්‌ඩුවේ බහුතරය පෙන්වීමට බාධාවක්‌ නොවන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ භාණ්‌ඩගාරික හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතා  පැවසීය.



තවත් එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ ඉදිරි දින කිහිපය ඇතුළත ආණ්‌ඩුවට එක්‌වීමට සිටින බව කී මන්ත්‍රීවරයා ඔවුන් අවස්‌ථා කිහිපයකදී ආණ්‌ඩුවට එක්‌වනු ඇතැයි ද කියා සිටියේය.

 එවිට ආණ්‌ඩුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 120 දක්‌වා ඉහළ යනු ඇති බවත් මේ වනවිටත් ආණ්‌ඩුව දෙමළ සන්ධානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Previous Post Next Post