පාර්ලිමේන්තුව වහාම කැඳවන්න -එජා මහ ලේකම්ගෙන් ජනපතිට කෝල් එකක්

https://www.gossiplankanews.com/2018/11/un-sec-calls-maithri.html

ක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ඊයේ සවස ජනපති මෛත්‍රිපාල වෙත දුරකථන ඇමතුමක් ලබාදී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය
සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම අවස්ථාවේ මහලේකම් වරයා විමසා ඇත්තේ ලංකාවේ අගමැතිවරුන් දෙදෙනෙකු තමතමන් අගමැති වශයෙන්

නම් කරගෙන කටයුතු කිරීම සුබදායි නොවන බවයි. මෙම ගැටලුව ඉදිරි රාජ්‍යතාන්ත්‍රිත කටයුතු සඳහා ගැටලුවක් බව පෙන්වාදී ඇති ඔහු හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමක් පවත්වා මෙම ගැටලුව නිරාකරණය කරන ලෙස උපදෙස් දී ඇත.

මෙවන් දුරකථන සාකච්ඡාවක් සිදුවූ බව එජා සංවිධානයේ නිල නිවේදන දැක්වෙන අන්තර්ජාල සංස්කරණයේද වාර්තා කර තිබෙන අතර  සාකච්ඡාවේදී  ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවා විසඳුමක් ලබාදෙන්නට උපදෙසක් ලබාදුන් බව අල්ජසීරා ඇතුළු විදෙස් මාධ්‍යද වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාලට අයත් නිල ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ වෙනස් කතාවකි.
එහි මෙලෙස දැක්වේ
'ඊයේ සවස එජා මහලේකම්වරයා සමග සාර්ථක සාකච්ඡාවක් මම පැවැත්වීමි.එහිදී අලුතින් පත්කළ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුකූලව පත් කළ බව මම ඔහුට දන්වා සිටියෙමි'
යනුවෙනි.

Previous Post Next Post