ඇමතිකං ගත් ටී.එන්.ඒ මන්ත්‍රී වියාලේන්ද්‍රන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම්

නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නව රජය යටත් පත් වූ දෙමළ ජාතික සන්ධානය මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කොට ඔහු පක්ෂෂයයෙන් නෙරපන ලෙස ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්
මහතා ඉලංකෙයි

තමිල් අරසු කච්චි පක්ෂයේ ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
ප්ලොටි නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් මේ පිළිබඳව කළ විමසීමේ දී ඔහු කියා සිටියේ එස්. වියාලේන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයට තරග කොට ජයක්ග්‍රහනය කලත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ඇති ප්ලොට් සංවිධානය යටතේ බවයි. මෙම
ප්ලොට් සංවිධානයේ හෝ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ අනුදැනුමකින් තොරව ඔහු අගමැති කාර්යාලය වෙත ගොස් අමාත්‍යධූරයක් ලබාගැනීම ප්ලොට් සංවිධානය කිසිසේත්ම අනුමත නොකරණ බවද ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා කීවේය.
ඊට අමතරව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා හමු වී වහාම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඔහුව පක්ෂියෙන් නෙරපා හැරීමටත් කටයුතු කරන ඔහු ලෙස ඉල්ලා ඇත.
මේ අනුව එස්. වියාලේන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානයට හෝ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට හෝ ප්ලොට් සංවීධානයට අයත් නොවන පුද්ගලයකු ලෙස නම් කිරිමට මාවෙයි ස්නාධිරාජා මහතා තමන්ට එකග වූ බව සිද්ධාර්තතන් මහතා කියා සිටියේය.


(වන්නි රොමේෂ් මධුෂංඛ)
Previous Post Next Post