රාගමදී ලයිෂන් නැතිව බයික් පැද පොලිස් නිලධාරීන් හා රණ්ඩු කළ කාන්තාව අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2018/11/ragama-traffic-incident.html#more

යේ 3 උදෑසන උදෑසන 10.40ට පමණ රාගම නගරයේ දුම්රිය හරස් මාර්ගය අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නතර කර පරීක්සාවට ලක්කළ යතුරු පැදියක් පදවමින් සිටි
කාන්තාවක තමන් නවතා පරීක්සා කිරීම පිළිබඳ උරණවී රථවාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා උරණවී රන්ඩුවකට පැටළෙන අයුරු සමාජ මාධය තුළ පැතිරෙන වීඩියෝවකින් දැක්වේ.
ඇය සාපරාධී බලහත්කාරය පාමින්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති නිසා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙයි.

ඇය අවුරුදු 31වු නො. 75/11, තොටුපල පාර, වැලිසර ලිපිනයේ පදිංචි ළිංහේන ආරච්චිලාගේ සපුනි සවිත්‍රා පෙරේරා නැමැත්තිය බවද පොලිසිය හෙලි කර සිටී.
මෙම කාන්තාව රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනය ධාවනය කර තිබූ බවත්, එය ලියාපදිංචි නොකළ ධාවනය කළ මෝටර් බයිසිකලයක් බවත් වාර්තාවන අතර  රාජකාරීය ඉටු කිරීමේදී සාපරාධි බලහත්කාර පෑම යන්නද ඇයට එරෙහිව වරදක් ලෙස සටහන් කර ඇත.
මෙම චෝදනා යටතේ ඊයේ අත්අඩංගුවට ගෙන ඇති ඇය අද (4)  මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවද වාර්තාවේ.
එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්
Previous Post Next Post