කිහිලිකරුවලින් යමින් ආබාධිත සෙබළෙක් ලෙස පවසමින් සොරකමේ ගිය පුද්ගලයකු 03 වැනි දින කටුවන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු විසින් කටුවන අවට ප්රදේශ ගණනාවකදී සොරකම් කරන ලද
භාණ්ඩ විශාල ප්රමාණයක් ද
පොලිසිය මඟින් සොයාගෙන ඇත. කටුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් සුදසිංහ මහතාට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මොහු හෙරොයින් සමග තංගල්ල පොලිසිය මගින් 2015 වලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇප මත මුදාහැරීමෙන් පසුව අධිකරණය මගහැර සිටි අයෙක් බවට ද පොලිසීය තොරතුරු අනාවරණය කරගෙන ඇත. මොහු විසින් සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට අධික බව පොලීසිය පවසයි.
සැකකරු වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.
-සේන වික්රමාරච්චි-

Tags:
Trending