බස් රථ හා පාසල් වෑන්වලට සංස්කෘතික අමාත්‍යංශයෙන් ක්ලැසික් සින්දු පෙන් ඩ්‍රයිව්


මගී ප්‍රවාහන බස් රථ සහ පාසල් ළමයින් ප්‍රවාහනය කෙරෙන රථ වාහන තුළ  'සුභාවිත ගීත' ප්‍රචාරණයට ඉඩකඩ විවර කිරීම සඳහා ගුණත්මක බවින් යුතු 'සුභාවිත ගීත' ඇතුළත් සී.ඩී. (සංයුක්ත තැටි) සහ පෙන්ඩ්‍රයිව් ලබාදීමට කටයුතු කරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධව සස්කෘතික
කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත උපදේශක මණ්ඩලයෙන් කළ  විමසීමකදී එහි සභාපති සංගීතවේදී සමන්ත පෙරේරා පැවසුවේ මේ සම්බන්ධව  මාර්ගස්ථ මගී ප්‍රවහන අධිකාරීය හා සකච්ඡා කොට ඉදිරි පියවර ගැනීමට නියමිත බවය.

එසේ මේ සම්බන්ධව සස්කෘතික කටයුතු

ඇමැති විජයදාස රාජපක්ෂ සමඟ මේ  වනවිටත් සාකච්ඡා කොට ඇති බව ඔහු පැවැසුවේය.  මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට හේතුව වූයේ වර්තමානයේ ශ්‍රාවක රුචිකත්ත්වය බලහත්කාරයෙන් අවරගණයේ  රුචිකත්වයකට යොමු කිරීමට සඳහා බලපාන මූලිකම හේතුවක්  බවට මගී ප්‍රවාහන බස් රථ හා වෑන් රථ ආදියෙහි වාදනය වන ඝෝෂාකාරී පුහු සංගීතය හේතු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒනිසා උසස්  රුචිකත්වනට හේතුවන ගුණාත්මක ගීත බලහත්කාරයෙන් හෝ ශ්‍රවණය කිරීමට ඉඩ සැලැස්වීම තුළින් රසාස්වාදයේ මෙන්ම ශ්‍රාවක මානසිකත්වයේ සුබවාදී වෙනස්කම් ඇති කළ හැකි බව සිය මණ්ඩලය තරයේ විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කළේය.  මේ සී.ඩී. තැටි සහ පෙන්ඩ්‍රව් සඳහා රාජ්‍ය සම්මාන උළෙලවලට ඉදිරිපත් වන ගුණාත්මක බවින් අනූන ගීත සහ සම්මානිත ගීත ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවැසීය.

රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වන ගුණාත්මක ගීත සමාජගත වන්නේ ඉතා සුළු වශයෙන් බවත් ඒවා සමාජගත කිරීමටද මේ හරහා ඉඩකඩක් සැලසෙන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

-හර්ෂනී අර්සකුලරත්න-
Previous Post Next Post