සිසුන්ට පැපොල කියා රජරට සරසවිය වැසී යයි


රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර බෝවන රෝග පැතිරයාමෙන් එහි අධ්‍යාපන කටයුතු ඇණහිටින තත්වයක් මතුව ඇත. වැඩි පිරිසක් නේවාසිකව අධ්‍යාපනය ලබන රජරට සරසවියේ සිසු සිසුවියන් අතර පැපොල රෝගය
මේ දිනවල

ව්‍යාප්තව ඇති බැවින් තත්වය පාලය කිරීමට සරසවිය වසා දමන්නට පාලක මන්ඩලය තීරණය කර තිබේ.
මේ නිසා සති 3 ක කාලයකට සරසවියේ අධ්‍යයන කටයුතු නැවතූ බව දන්වා ඇත.
නේවාසිකාගාරවල රැඳී නොසිට ඉවත්ව යන ලෙසද සිසුන්ට දන්වා ඇති අතර නැවත 27 වනදා සරසවිය විවෘත කරන බව දන්වා ඇත.
Previous Post Next Post