ඥානසාර හිමිට ඉක්මන් සුවය පතා සීනිගමදී පොල්ගහලා


බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිරෝගී සුවය ලැබෙන
ලෙසත් 

උන්වහන්සේට ලැබී ඇති සිරදඬුවමට පොදු සමාවක් ලැබෙන ලෙසත් ඉල්ලා අද(10) උදෑසන සීනිගම දේවාල පරිශ්‍ර යේදී  දේව කන්නලව්වක් පවත්වා තිබේ.

දේවකන්නලව්ව කිරීමේන් පසු සෙත් පිරිත් සජ්ජායනා කර පසුව සීනිගම දේවල භූමියේදී පොල් ගසා ඇති බවද වාර්තාවේ.

මෙම දේව කන්නලව්ව සඳහා සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ බොදුබල සේනා සංවිධානයේ ගිහි පිරිස් එක්ව සිටි බව වාර්තා වෙයි.

pix courtesy by- ad derana
Previous Post Next Post