චීන නෝන සැපරියෙන් කසිප්පු ඇදලා


චින ජාතික කාන්තාවත් සුඛෝපභෝගී මෝටර් රථයකින් කසිප්පු මිලිලීටර් හාරදහසක් ප්‍රවාහනය කරමින් සිටියදී  (8) රාත්‍රී අල්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මාර්ග සංඥාවලට අවනත

නොවී මුහුදු මාවත සිට කොල්ලුපිටිය දෙසට පැමිණෙමින් තිබු මෝටර් රථය රථවාහන රාජකාරියෙහි යෙදී සිටි පොලිස් කොස්තාපල් (83997) චානක මහතා වාහනය නැවැත්වීමට සංඥා කර වාහනය නැවැත්වූ පසු මත්පැන් ගඳ වහනය වී ඇති බව පොලිසිය කියයි.
රථය පරීක්ෂා කිරීමේ දී පසුපස අසුන අසල ලීටර් දෙකේ ප්ලාස්ටික් කෑන් දෙකක බහා තිබූ නීති විරෝධී මත්පැන් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතික කාන්තාව බිමිබිලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තැනැත්තියකි. මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන සිල්වා මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂිකා වයි.එම්. ඉනෝකා, රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක වීරසිංහ, කොස්තාපල්වරුන් වන (83997) චානක හා (30946) විජේරත්න මහත්ම මහත්මීහු පරික්ෂණ පවත්වති.

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)


Previous Post Next Post