සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි නියඟය හේතුවෙන් සිඳීගොස් ඇති සත්පත්තිනි වැවේ දිය කඩිතිවල ඉතිරිවී ඇති ජලය පානය කිරීමට පැමිණි වන සතුන් විශාල සංඛ්‍යාවක් වස ශරීරගතවීමෙන් මියගොස්
ඇති බව වනජීවී නිලධාරීහු පවසති. දින කිහිපයක සිට මෙලෙස මියගිය සතුන්ගේ සිරුරු දක්නට ලැබෙන අතර ඒ හේතුවෙන් දැඩි දුර්ගන්ධයක්ද පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සැරිසරන මුවන්,ගෝනුන්, ඉත්තෑවන්, හාවුන් සහ විවිධ පක්‍ෂීන් මෙම විෂ
මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳ පොළොන්නරුව අඩවි වන නිලධාරී උපාලි කුලතුංග මහතාගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ මියගිය සතුන්ගේ සිරුරු නිරීක්ෂණය කළ බවත් එම සතුන් මියගොස් ඇත්තේ වස වර්ගයක් ශරීරගත වීමෙන් බවට සනාථ වී ඇති බවය.සත්පත්තිනි වැවේ ජලය පානය කර මියගිය වන සතුන්ගේ මස් තොගයක් මැදිරිගිරිය බුද්ධයාය ප්‍රදේශයේ නිවසක අලෙවි කිරීමට සූදානම් කර තිබියදී පුද්ගලයෙකු සමග 05 වෙනිදා අත්අඩංගුවට ගත් බවද කුලතුංග මහතා පැවැසීය. මෙම සිද්ධිය පිළිබඳව අප මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් වයි.එම්. කරුණාරත්න මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මගින් මේ පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවයි.
-නිමල් ජයරත්න-
Tags:
Trending