ජයටම මඟුල් කන්න හිතාන ATM යන්ත්‍ර කැඩූ ගජ මිතුරන් මාට්ටු

තම විවාහ මංගල උත්සවය මහත් ඉහළින් ජයට ගැනීම සඳහා ස්‌වයංක්‍රීයව මුදල් ලබාගන්නා (ඒ.ටී.එම්.) යන්ත්‍රයක්‌ කඩා රුපියල් හතළිස්‌ හත්ලක්‍ෂ හැත්තෑ දහසක (47,70,000) මුදලක්‌ සොරකම් කිරීම සම්බන්ධයෙන්
රිමාන්ඩ් භාරයේ පසුවූ

සැකකරුවකු සහ ඔහුගේ ගජ මිතුරා රුපියල් පහළොස්‌ ලක්‍ෂය (15) බැගින් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කළාය.

 මාස තුනක පමණ කාලයක්‌ රිමාන්ඩ් භාරයේ සිට ඇප නියමවූ සැකකරුවන් වූයේ මීගමුව, කුරණ රාජසිංහ මාවතේ පදිංචි අශේන් ආනෝල්ඩ් ප්‍රනාන්දු සහ ඔහුගේ මිතුරා වන මීගමුව අඟුරුකාරමුල්ල පන්සල පාරේ පදිංචි පැතුම් ජෝර්ඡ් කුමාරසිංහ නමැත්තන්ය. මෙම සැකකරුවන් විසින් ඒ.ටී.එම්. යන්ත්‍රය බිඳ මුදල් සොරාගෙන ඇත්තේ මීගමුවේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක්‌ අසල තිබූ ඒ.ටී.එම්. යන්ත්‍රයකිනි.

 මීට අමතරව මෙම සැකකරුවන් විසින් ජාඇල පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයක්‌ද බිඳ මුදල් සොරාගෙන ඇති බව පොලිස්‌ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත. මීගමුව පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චම්පිකා අලහකෝන් සහ දන්ත නිරංජන් යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ. වැඩිදුර විභාගය කල් තැබිණි.
Previous Post Next Post