තරුණියන් තිදෙනකු අතුරුදන් වූ සිද්ධියක් පිළිබඳව පොලිස් පරික්ෂණ පවත්වයි.මේ අය අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ. පල්ලේපොල මහාබෝධි විද්‍යාලයේ 13 වසරේ සංජීවනී කුමාරි
එදිරිසිංහ (17).
ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ දිල්මි මධුවන්ති පෙරේරා (18) සහ ගලේවෙල නගරයේ විසිතුරු භාණ්ඩ අලෙවි හලක සේවිකාවක වන එම්. නිසංසලා සඳමා (22) අතුරුදන් වූ තරුණියන් බව පොලීසිය පවසයි.
අතුරුදන් වූ ගලේවෙල පාසල් ශිෂ්‍යාව කොළඹ යන බව සඳහන් ලිපියක් පොලීසිය විසින් සොයාගෙන ඇත. ගලේවෙල නගරයේ විසිතුරු භාණ්ඩ අලෙවිසලක සේවිකාව පාසල් දැරියන් දෙදෙනා මුලා කොට ගෙනයන්නට ඇතැයි පොලීසිය සැක කරයි. ඉකුත් 5 දා සිට අතුරුදන් මෙම තරුණියන් සොයා ගැනීම සඳහා සහය වන ලෙස පොලීසිය මහජන සහය පතයි. තොරතුරක් වෙතොත් ළගම ඇති පොලිසියට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.
-හේවා පී. කරුණිරත්න-

Tags:
Trending