අවුරුදු 10 දැරිය කෙලෙසු අනියම් සැමියාත් සහය දුන් මවත් රිමාන්ඩ්

අවුරුදු 22ක් වයසැති තම අනියම්  සැමියාට අවුරුදු 10ක් වයසැති තම දියණිය දූෂණය කිරීමට ආධාර අනුබල දුන් 38 හැවිරිදි 05 දරු මව සහ සැකකාර අනියම් සැමියා ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන
ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සරල  කරුණාරත්න මහතා 20 වැනිදා නියම කළේය.  කටුනායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන්

අනතුරුව ඉකුත් 19 වැනිදා සිට අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ සිටින සැකකරු හා සැකකාරිය මෙසේ තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

සැකකාරිය බෝතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිට විවාහක සැමියාට දාව දරු තිදෙනකුත් තවත් අනියම් සැමියකුට දාව දරුවන් දෙදෙනකුත් සිටින බවට අධිකරණයේදී සඳහන් විය. සැකකාරියගේ දෙවැනි අනියම් සැමියා පෙදරේරුවකු බවත් ඔහුගේ ගෝලයා වූ 22 හැවිරිදි සැකකරු සමඟ අනියම් ඇසුරක් ආරම්භ කර දෙදෙනා කටුනායක ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටියදී අතවරයට පත් දැරියද එම කුලී කාමරයට රැගෙන විත් ඇතැයි අධිකරණයේදී සඳහන් විය.


-හෂාන් පුෂ්පිත-

Previous Post Next Post