අම්මාගේ ඔන්ලයින් ගිණුම භාවිත කර ඩොලර් 350 ක සෙල්ලම් බඩු ගෙදරට ගෙන්වාගත් අවු 6 සිඟිත්තිය


වයස අවුරුදු 6ක දැරියක් වන කේට්ලන් විසින් මවගේ Amazon ගිණුම බාවිතා කර ඩොලර් 350 පමණ වටිනා සෙල්ලම් බඩු මිලදී ගෙන තිබෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා තරයි.
මේ පිළිබද දැරියගේ මව දැනුවත්ව ඇත්තේ පසු දින සෙල්ලම් බඩු නිවසට ගෙනවිත් බාර දුන් විටය .මේ පිලිබදව
දැරියගේ මව සදහන් කලේ කේට්ලන්ට ඇයගේ උපන්දිනය සදහා Barbie බෝනික්කෙකු මිලදී ගැනීමට Amazon ගිණුම හරහා අවසර දී තිබුණ අතර

ඇය Barbie බෝනික්කෙකු මිලදී ගැනීමට අමතරව ඩොලර් 350 පමණ වටිනා සෙල්ලම් බඩු මිලදී ගෙන ඇති බවත් තමුන් මේ පිලිබදව දැනුවත් වෙලා නොසිටි බවත්ය.කොහොම නමුත් අමතර මිලදී ගත් සෙල්ලම් බඩු ටික ළමා රෝහලකට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව මව හා දුව පසුව දැනුම් දුන්නා.. ඒ එම රෝහලේ කේට්ලන්  කුඩා අවදියේ සතියක් පමණ නැවතී හිටිය නිසයි
Previous Post Next Post