බළන්ගොඩ විහාරාධිපති හිමි කාන්තාවකට පිහියෙන් ඇනලා


බළන්ගොඩ නගරයට නුදුරින් පිහිටි විහාරස්ථානයක වැඩවසන විහාරාධිපති  හිමිනමක් තරුණ කතකට පිහියකින් පහරදී  තුවාල සිදුකර ඇති බවට බළන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
තුවාලලත් අවුරුදු 31ක්

පමණ වයසැති මේ කාතාව 23 වැනිදා බළන්ගොඩ මූලික  රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධියේ සැකකාර හිමිනම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන පරිකෂණ පවත්වාගෙන යයි. බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. ජයකොඩි. මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්‍ෂණ මෙහෙයවති.

  සැකකාර හිමිනම 24දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Previous Post Next Post