අල්ලාහු අක්බර් කියාගෙන පැරිසියේදි පිහියෙන් ඇන්න ත්‍රස්තයා මරුට


සෙනසුරාදා (12) රාත්‍රී 9 ට පමණ ප්‍රංශයේ පැරිස් නුවර ඔපෙරා නමැති ජනාකීර්ණ දිස්ත්‍රික්කයේ මහමගදී සිදුවූ පිහි ඇනුම් කිහිපයකින් පුද්ගලයෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලැබු අතර ඉන් දෙදෙනෙකු බරපතල තත්වයේ පසුවේ.


පිහි ඇනුම් සිදුකළ පුද්ගලයා අනතුරුව පොලිසිය විසින් වෙඩිතබා මරා දමා තිබුණි. මෙම පුද්ගලයා අයිඑස් ත්‍රස්තයෙකු බවට සැකකරන අතර ඔහු අල්ලාහු අක්බර් යනුවෙන් මහහඩින් කෑගසා පාරේ ගමන් කළ අයට පිහියෙන් ඇනගෙන ඇනගෙන ගිය බවට තොරතුරු වාර්තාවී තිබේ.
මෙම සිදුවීම නිසා 29 හැවිරිදි

පිරිමි පුද්ගලයෙකු මරු දුටු අතර 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හා 54 හැවිරිදි කාන්තාවක බරපතල තත්වයේ පසුවේ.
පොලිසිය සිදු කළ විමර්ශනවලදී මෙම මිනීමුරුම් කළ පුද්ගලයා රුසියාවේ චෙච්නියාවේ උපන්නෙකු බවෙට වාර්තා පළවන අතර ප්‍රහාරය අයිඑස් ත්‍රස්ත ක්‍රියාවක් බව ඔවුන්ගේ ප්‍රවෘත්ති වාර්තා මගින් දන්වා ඇත.



Previous Post Next Post