මල්ලීගේ පොලු පහරින් හෝටල් හිමි අයියා මරුට


පෙරේදා (27දා) තම බාල සහෝදරයා විසින් එල්ල කළ පොලු ප්‍රහාරයකින් තඹුත්තේගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මියගොස් තිබේ

මෙසේ මියගොස් ඇත්තේ තඹුත්ගම නගරයේ ඩැෆඩීල් හෝටලයේ අධිපතිවරයා වූ ලේකම්ලාගේ සුසන්ත කුමාර ලියනගේ (34) නමැති තිදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ බාල සහෝදරයා නිතරම බීමත්ව නිවැසියන්ට හිරීහැර කරන බැවින් ඒ සම්බන්ධයෙන් අවවාද කිරීමට සැකකරුගේ නිවෙසට ගොස් සිටි අවස්ථාවේදී බාල සහෝදරයා විසින් හිසට එල්ල කළ පොලු පහරකින් වැඩිමහල් සහෝදරයා මියගොස් ඇත. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අය ප්‍රදේශවාසීන් විසින් තඹුත්තේගම  මූලික රෝහලට

ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිටි බව තඹුත්තේගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මේ ඝාතනය සිදුවී ඇති බව තඹුත්තේගම පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.සැකකරුද තඹුත්තේගම රෝහල ඉදිරිපිට ව්‍යාපාරීක කටයුතු  පවත්වාගෙන යන අයෙකි.

සැකකරු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති  අතර මියගිය පුද්ගලයාගේ මළ සිරුර තඹුතේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. තඹුත්තේගම පොලිසිය මේ පිළිබඳ  වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Previous Post Next Post