ඩර්ටි ඩිස්කෝ අතරේ ක්ලබ් එකක් ගිනිගනී

එංගලයේ පෝර්ට්ස්මවුත්හි රාත්‍රි සමාජ ශාලාවක ගින්නක් ඇතිවීම හේතුවෙන් එහි සිට පුද්ගලයන් 1000ක්
පමණ ඉවත් කොට

හානිය වැළත්වීමට හැකිවූ බව එරට වාර්තා පවසයි. අලුයම 2ට පමණ නර්තන වේදිකාවට ඉහළින් සිවිලිම තුළින් ගින්න ඇතීවූ බවත් ක්ෂණයකින් සංගීතය නවතා දමා පිටතට යාමට දැනුම් දුන්
බැවින් කිසිවකුට හානි සිදුවීමකින් තොරව දිවි ගලවාගැනීමට හැකිවූ බව ද එම වාර්තා සඳහන් කළේ ය.

ගින්න ඇතිව ඇත්තේ Dirty Disco Event පැවැත්වෙන අතරතුරදිය. ගින්න නිවාදැමීම නිසා සහභාගි වූවන්ගේ භාණ්ඩ ලබාගැනීම සඳහා පසුදා මධ්‍යහ්නය වනවිට සමාජ ශාලාව යළිත් විවෘත කළ බව ද සඳහන් ය.
Previous Post Next Post