අනතුරු ඇඟවිම් නොතකා මුහුදු ගිය ධිවරයින් තිදෙනෙක් අතුරුදන්

අයහපත් කාලගුණය පැවති අවස්ථාවේ මුලතිව්, නයාරූ ප්‍රදේශයන් ''සතීෂ් පුතා'' යාත්‍රාවෙන් මුහුදු ගිය හලාවත ධීවරයන් තිදෙනකු පෙරේදා (12) උදෑසන සිට අතුරුදන්ව ඇති බව මුලතිව් පොලිසිය සඳහන් කරයි. පොලිසිය
පැවසුවේ ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයන් තිදෙනකු රැගත් බෝට්ටුවක් එලෙස අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු නාවික හමුදාවේ සහාය ඇතිව ආරම්භ කර ඇති බව මුලතිව් පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය

වැඩිදුරටත් පැවසුවේ අතුරුදන්ව ඇත්තේ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි මිල්රාජ් මිරැන්ඩා (50) ඔහුගේ සොහොයුරු එමානුවෙල් මිරැන්ඩා (48) සහ ඔහුගේ එකම පුත්‍රයා වන ආර්. මිරැන්ඩා (24) යන අය බවය.

අතුරුදන් වී ඇති මිල්රාජ් මිරැන්ඩාට එක් පිරිමි දරුවෙක් සහ ගැහැනු දරුවෝ තිදෙනෙක් සිටිති. එම්මානුවෙල් මිරැන්ඩාට ගැහැනු දරුවෝම තිදෙනෙකි. අතුරුදන්ව ඇති ආර්. මිරැන්ඩා මීට මාස පහකට පෙර විවාහ වූවෙකි.
අයහපත් කාලගුණ තත්වයත් සමග මුහුදු යාමෙන් වළකින ලෙසට උපදෙස් ලබා දී ඇති අවස්ථාවක මෙම පිරිස මුහුදු ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.
Previous Post Next Post