පෙන්ෂන් ගිය පොලිස් ලොක්කාගේ පුතාගේ සූදු පොළ වටලයි

විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයකුගේ බව කියන පුතෙකු කලක සිට පවත්වාගෙන ගිය සුඳු පොළක් වටලා එහි සිටි පස් දෙනකු සහ වාහන තුනක් සමග රුපියල් දසදහස් හාරසීයක මුදලක් පොලිස් හාරයට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
වැටලීම සිදු කරන

අවස්ථාවේදී විස්සකට ආසන්න පිරිසක් සූදු පොළෙහි සිට ඇති අතර පොලිස් නිලධාරින් දැක ඔවුන් පළා ගිය බව ද පොලිසිය කියයි.
හෝමාගම ප්‍රදේශයේ නිවසකට විවිධ මාදිලියේ වාහනවලින් පැමිණ කුමක් හෝ අයථා සිදුවීමක් වන බවට මූලස්ථාන පොලිස් පරීක්ෂක ලියනගම මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කරන ලද බව පොලිසිය කියයි.
ඒ අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් මෙම ස්ථානය වටලා පරීක්ෂා කිරීමේදි කැට ගැසීමේ සූදු පොළක් කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසයි. ඒ අනුව එහි සිටි පිරිසක් පලා ගිය අතර රැදී සිටි සැකකරුවන් පස් දෙනකු සහ මොටර් රථ තුනක් පොලිස් භාරයට ගත් බව පැවසේ. මුදලින් රුපියල් 10,400 මුදලක් එහි තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
පසුව සිදු කළ විමර්ශනයකදී මෙම සූදුපොළ පවක්වාගෙන සිය පුද්ගලයාගේ පියා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයකුගේ පුතකු බවට අනාවරණය වූ බව පවසයි.
Previous Post Next Post