මාධවීගේ උපන්දියදා කසුන් තැබු ආදරණීය සටහන
ඔවුන් දෙදෙනාගේ ආදර කතාව හරිම වෙනස් වූවක්. ඒ වගේමයි, ඒ ආදර කතාව නිසා මොන තරම් ඒ දෙන්නාගේ ජීවිතවලට ප්රශ්න ආවත් මේ යුවල නම් සැලුණේ නැහැ..
ඒ බැඳීමේ ශක්තිමත්භාවය නිසාම අද ඔවුන් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. Dance & Electronic Music
කොහොම වුණත්, හැම ගෙදරකම වගේ සමරන්න ඕනම දවස් ඉතින් මග හරින්නේ කොහොමද..?
මාධවීගේ ආදරණීය සැමියා මැදියම් රැයේදීම ඇයගේ උපන්දිනය දවසේ ඔන්න ඇයව පුදුම කරලා. ඒ ලස්සන මොහොත හැමදාම මතකයේ රැදෙන්බ්න මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්ක කසුන් ඇය වෙනුවෙන් කළ දේ ගැන දැනගන්න කසුන් වගේම මාධවීටත් ආදරය කරන ඔබ කැමැත්තෙන් ඇති.
මයෙ ප්රාණසම සදාදරී මා බාරි මාධවී වෙත ලියමි,
අප මුල්වරට හමුවූයේ අතුලයියා ගැයූ ආකාරයට 'මේ චණ්ඩ සූර්ය නගරේ දුහුවිලි සරනා' අතරතුරේ ය. Saman මාමා ලියූ විලසට මැ 'සෙවනැල්ල වෙන්න ප්රේමී දාහය නිවනා' සුරන් ලිය වෙමින් පෙමින් සෙමින් සෙමින් මසිතේ ගතේ වතේ නෙතේ නුඹ මැ පැලපදියං වෙච්චි.
එතැන් පටන් හද ප්රේම පාරමිතාව රළ නඟන්ට ගත් බැවිනි, බයිබලයේ 'කොරින්ති දහතුන' වාගේ අපේ ආදර මහා රුක දළුලන්ට ගත්තේ ; ප්රේමය ඉවසිලිවන්ත වූයේ , කරුණාවන්ත වූයේ , නපුරු සිත් හි ධාරණය නුවූයේ. මහැදුරු සරච්චන්ද්ර කීවාක් මෙනි ය 'නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුවදෙනා' බැව් මට - නුඹට - අපට අහ අහා දැනී දැනුණේ. සත්තමයි..
ලොවක ගල්මුල් මැද පවා ස්නේහයේ අක්මුල් සිඹ සිඹ මා ද නුඹ ද බෝ දුර අතිනත පටලාගෙන ඇවිද ආයෙමු. සියල් දුක් පැණිරස ම බැව් අපි අපට කීවෙමු. අපට ගසනා ගල් මතින් පිය නඟමින් මැ පුෂ්ප උද්යානයක් තැනීමු. 'සත්යය නොදන්නා හෙයින් උනුන් හට සමාව දෙන්ට' කී ජේසු වාක්කිය සිහි කැඳවමිනි අපි අපට නිකරුණේ බිනිනා, අපහාස කරනාවුන්ට ද කරුණාව පෑයේ. ඒං ඊට මේ විශ්වයේ සෙත් ආශීර්වාදය ලැබුණාක් සේ ය අපේ සරණ මංගල්ලයෙන් පසු මහද මහමේරුව සරි බෝ පිනැති 'කෛලාෂ් පුත්රයා' නුඹේ මව්කුසින් මෙලෝ උප්පත්තිය ලද්දේ. නුඹ තුන් ලෝ අසමසම 'අම්මා' වූයේ.
ඇස් පියෙන රැයේදීත් , ඇස් හැරෙන හිමිදිරියේත් මයෙ පපුතුරෙහි ලැඟුම් ගන්නී සුගන්ධී හෙට ද නුඹ මැ ය. ජීවිතේ මධු මදිරාව නහවන්නී නුඹ මැ ය.
වයස යනු ඉලක්කමක් පමණක් ම බැව් දිනපතා මට සපථ කරනා මයෙ අතිශය තුරුණු සරාගී බිරින්දෑවනි ඉදින් සුබ උපන් දවසක් වේවා..
මං ඔයැයිගෙ,
සාංසාරික ස්වාමි පුරුෂයා !
| කසුන් මහේන්ද්ර හීනටිගල
Comments
Post a Comment