සාරදා මට අභියෝගයක් -සුහන්දි උපෙත්මා

gossiplanka image 2
සුහන්දි උපෙත්මා වෝසදී කියන්නේ පුංචි තිරයෙන් රසික ඔබේ හදවතට සමීප වූ නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ සුන්දර සිනහවත් හුරුබුහුටි පෙනුමත් දක්ෂ රංගන විලාසයත් පුංචි තිරයට නොමැකෙන මතක එකතු කළ බව සැබෑවක්. ඉතින් ඉදිරියේදී රිදී තිරයෙනුත් ඇයව දකින්න පුළුවන්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.


මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල කාලය ගෙවී යන්නේ මම දායක වන ටෙලි නිර්මාණත් එක්ක තමයි. ඉතින් ෂූටින්වලට සම්බන්ධ වෙමින් ඉන්නවා.


"අමුතු දීගේ" ටෙලි නාට්‍ය නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ ටෙලි

නිර්මාණයක්. එවන් ටෙලි නිර්මාණයක රංගනයේ අභියෝගය මොනවගේද?


අමුතු දීගේ ටෙලි නාට්‍ය ප්‍රිසිලා ගොඩහේවා මහත්මියගේ

නවකතාවක් පාදක කරගෙන ගොඩනැඟුණු ටෙලි නිර්මාණයක්

තමයි. ඒ නවකතාවම අපි ටෙලි නාට්‍යයක් ලෙස ඉදිරිපත් කළත් නවකතාවේ තරම්ම දුරට යන්නේ නෑ. ඇත්තටම ශාරදා කියන චරිතයත් මට අභියෝගයක්. ඉතින් නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ නාට්‍යයක් නිසා අපි හැමෝගෙම චරිතවලට ලොකු අභියෝගයක්

තිබෙනවානේ. මොකද ඒ අදාළ චරිත තිර පිටපතට කලින් ලියවිලා ඉවරයි. ලියවිලා ඉවර වුණු නවකතාවක් ඇසුරෙන් මුල ඉඳන්ම නැවත රඟපෑම අභියෝගයක් වෙන්න පුළුවන්.


නමුත් මම හිතන්නේ අපි හැමෝගෙම චරිත හරි අභියෝගයක් කියලා.

අමුතු දීගේ ටෙලිනාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


අමුතු දීගේ ටෙලි නාට්‍ය බලන ප්‍රේක්ෂක පිරිස ඉතාමත් බුද්ධිමත් පිරිසක්. මම ඒක  ගැන ගොඩක් සතුටු වෙනවා.


ලංකාවේ නිර්මාණයක් නරඹන විට ඒ ඒ නිර්මාණ නරඹන්න කැමැති ප්‍රේක්ෂක පිරිස් ඉන්නවා. මට හමුවුණ සමහර ප්‍රේක්ෂකයන් අතර සමහරු කීවේ මම සාමාන්‍යයෙන් නම් ටෙලි ඩ්‍රාමා බලන්නේ නෑ. ඒත් අමුතු දීගේ බලනවා කියලා. ඉතින් ඒ වගේ පිරිසක් අමුතු දීගේ ටෙලි නාට්‍යයට ආදරය කරනවා. ඒ වගේම මම රංගනයෙන් දායක වන ශාරදාගේ චරිතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබෙනවා.


අමුතු දීගේ ශාරදාගේ චරිතය තුළ තරුණියකගේ ජීවිතයේ අවධි කිහිපයක් පෙන්නුම් කරනවා නේද?


ඔව්. මම මේ කතාව ඇතුළේ චරිත ගණනාවක් රඟපානවා. ඒ කියන්නේ ශාරදාගේ චරිතය ඇතුළේ ශාරදාලා ගොඩක් රඟපානවා. මුලින්ම අවුරුදු 18ක 19ක කැම්පස් යන්න සිලෙක්ට් වුණු ගැහැනු ළමයෙක්, ඊට පස්සේ කැම්පස් යන ගැහැනු ළමයෙක්, ඊට පස්සේ ඇයට අවුරුදු 23න් විතර විවාහ වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඇය පොඩි වයසකින්ම ගැබිනියක් වෙනවා. ඉතින් ඒ දරුවා ඇය හදාගන්නවා. තව කාලයක් යන විට ඇය ගුරුවරියක් වෙනවා. තව ඉදිරියට කතාව තිබෙනවා. සාරදාගේ ඇතුළේ විවිධ

චරිත තිබෙනවා. ඇත්තටම මවු පදවිය ලබන්න ඉන්න චරිතයක් ඒ තුළ තිබුණා.


මවු පදවිය ලබන්න ඉන්න අම්මා කෙනෙක් කොහොමද ඇවිදින්නේ, ඉඳගන්නේ වගේ ඒ හැම දෙයක්ම මට සොයා බලලා ෆලෝව් කරන්න වුණා.


 ඇත්තටම මම කරපු චරිතවලින් සාරදාගේ චර්තය තමයි මට ලැබුණු අභියෝගාත්මකම චරිතය. ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම?


පෞද්ගලිකව මගේ කියැවීම නම් අපි ආදරය කරන අය හිටියත් විවාහ වෙද්දී කෙනකුට අපි කරන ආදරයම ඇතිද කියලා අපි හිතන්න ඕනෑ. මොකද අපි අනෙක් කෙනා ගැන දන්නෙ නැහැ. නමුත් අපි ආදරෙයි. අනෙක් කෙනාත් අපිට ආදරෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් අපි වගේම අපි ආදරය කරන කෙනාත් ඒ හා සමානවම අපිට ආදරය වෙන්න ඕනෑ. නැත්නම් අපිට තනිවෙලා විවිධ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. මම හිතන්නේ අපි අනිවාර්යයෙන්ම විවාහ වෙන්න ඕනේ අපි ආදරය කරන කෙනෙක් එක්ක තමයි. නමුත් ඒ කෙනත් ඒ හා සමානව අපිට ආදරය කරන්න ඕනෑ. එහෙම වුණොත් මම හිතන්නේ විවාහය කියන එක සුන්දර වෙයි කියලා.


ක්ෂේත්‍රයට පැමිණ ඉතා කුඩා කාලයකින් ඔබ රයිගම් ටෙලි සම්මාන උළෙලේ නැඟී එන නිළියට නිර්දේශ වුණා නේද?


ඔව්. රයිගම් ටෙලි සම්මාන උළෙලේ නැගී එන ටෙලි නාට්‍ය නිළියට මාව නිර්දේශ වෙන්නේ මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් වගේ කෙටි කාලයකින් තමයි. මම සී යූ ටෙලි නාට්‍යය තුළින් තමයි නිර්දේශ වන්නේ. ඉතින් ඒ නිර්දේශ වීම කවදාවත් හිතුවේ නැති දෙයක්. ඒ ගැන ගොඩක් සතුටුයි.


ඔබ මේ දිනවල එක දිගට වෙනස් වූ චරිත කිහිපයක් හරහා දකින්නට ලැබෙනවා නේද? 


අමුතු දීගේ ශාරදාගේ චරිතයට අමතරව රාග ටෙලි නාට්‍යයේ රඟපාන්නේ ගෙදර හුරතලයට හැදුණු ලොකු අත්දැකීම් නැති ගැහැනු ළමයකුගේ චරිතයක්. මලක් කියන ටෙලි නාට්‍යයේ මගේ

චරිතය නිකිණි. නිකිණි කියන්නේ පාසල් යන වයසේ ඉන්න තමන්ගේ හොඳම යාළුවාට ආදරය කරන කිසිදෙයක් දන්නේ නැති ගෙදර හුරතලයට හැදුණු මලක් වගේ ළමයකුගේ චරිතයක්. ඒ වගේම සියත නාළිකාවේ සින්ධු ටෙලි නාට්‍යයේ සින්ධුජාගේ චරිතයට පණ පොවනවා. සින්ධුජා කියන්නේ පොහොසත් පවුලක ගැහැනු ළමයකුගේ චරිතයක්. නමුත් ඇය හැමවෙලේම කරදරවලට ලක්වන

චරිතයක්. ඒ වගේ චරිත කිහිපයක් එක්ක මේ දවස්වල රූගත කිරීම් සිද්ධ වෙනවා. 


පුංචි තිරයෙන් වගේම ඉදිරියේදී රිදී තිරයෙන් ප්‍රේක්ෂකයන්ට ඔබව දකින්නට ලැබේවිද?


රිදී තිරයෙන් ප්‍රේක්ෂකයන්ට මම දායක වූ සිනමා නිර්මාණ දෙකක් තිරගත වීමට තිබෙනවා. තව ඉදිරියට නිර්මාණවලට දායක වෙන්නත් ඉන්නවා. ඉතින් බලමු. ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?

ඉදිරියේදී මම රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ කිහිපයක් එන්න තිබෙනවා. ඒ වැඩකටයුතු එක්ක ඉදිරියට යන ගමන් තමයි ඉන්නේ.


රුවිනි අමරකෝන්

gossiplanka image 1
Previous Post Next Post