
මේ දවස්වල වැඩ කටයුතු ගැන කියලම ඉමු?
මේ දවස්වල " මා" ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු වල තමයි යෙදිලා ඉන්නේ. මම සාමාන්‍යයෙන් එක ටෙලි නාට්‍යයක් කරද්දි තව එකක් නොකරන්න බොහෝ දුරට වග බලාගන්නවා. මම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක්.
සාමාන්‍යයෙන් මම එක ශෙඩුල් එකක් ෂුට් කරලා ඉවර වුණාම වෙන වැඩ දාගන්න ප්‍රමාණය හරිම අඩුයි. ඒ ලැබෙන විවේකය මම නැවත රිකවර් වෙන්න තමයි යොදා ගන්නේ. ඒ නිසා බොහෝ දුරට මම එක ටෙලි නාට්‍යයක් කරද්දි තව ටෙලි නාට්‍යයක් භාර ගන්නේ නැහැ. හැබැයි ඔය අතරතුර ෆොටෝ ෂූට්, මොඞ්ලින් වැඩක් ආවොත් ඒක මම ඒ අයත් එක්ක කතා කරලා ඒ දේවල් මැනේජ් කරගන්නවා.
මා ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මෙතෙක් දායක වුණු නිර්මාණවලින් මට ප්‍රේක්ෂකයන් ගොඩක් අලුතෙන් එකතු වුණු ටෙලි නාට්‍යයක් විධියට මා ටෙලි නාට්‍යය හඳුවන්න පුළුවන්. ඒ වගේම මේ ටෙලි නාට්‍යය යූ ටියුබ් වෙත මුදා හැරලා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත වීව්ස් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒක අපේ සමස්ත කණ්ඩායමම ලබන ජයග්‍රහණයක් විධියට තමයි මම සලකන්නේ. අපි හැමෝම එකතු වෙලා කරන කැපකිරීමට හොඳ ඇගයීමක් ලැබෙනවා කියලා හිතනවා. හිමින් ගමනක් ආපු කෙනෙක් විධියට ප්‍රේක්ෂකයන්ගෙන් මේ තරම් විශාල ප්‍රතිචාරයක් ලැබ්ලා නැහැ මීට පෙර. මා ටෙලි නාට්‍යය මම සලකන්නේ මගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂ්‍යයක් විධියට.
මා ටෙලි නාට්‍යය තුළ කෙරෙන මේ ද්විත්ව රංගනය ඔබට මොන වගේ අභියෝගයක් වුණාද?
ඩබල් ඇටිංග් කරනවා කියන එක ඇත්තටම ලේසි නැහැ. මිනෙත්ගේ සහ තේජාන්ගේ චරිත දෙක රඟපාද්දි මම ඒ දෙක අතර වෙනස හොඳින් අදුනගත්තා. විශේෂයෙන් මින්නෙත්ගේ චර්තයේදි මම කටහඬ පවා වෙනස් කළා. ඒ වෙනස ප්‍රේක්ෂකයන් පවා අගය කරලා තිබුණා. තේජාන්ගේ චර්තය කරද්දි ඔහු ගෙව්පු වැල්ලේ ජීවිතයට අදාළව ඔහුගේ චරිත ලක්ෂණ හැඟීම් වගේ දේවල් නිරූපණය කරන්න මම උත්සාහ කළා. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක ඒ දේවල් සාර්ථක වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම හිතනවා මම මගේ හෝ වර්ක් ටික හරියට කරලා තියෙනවා කියලා.
මොනවද ඔය කියන හෝර්මි වර්ක්?
සාමාන්‍යයෙන් නිර්මාණයකට දායක නොවෙන අවස්ථාවලදී මම මේ ක්ෂේත්‍රයේ ටෙලි නාට්‍යය ගැන, රංගනයන් ගැන හොදට අධ්‍යයනය කරනවා. මම ඒක සලකන්නේ මගේ හෝර්ජ් වර්ක් එකක් විධියට.
එහෙම වුණ්හාම නිර්මාණයකට දායක වෙද්දි මගේ වටේ තියෙන අනිත් නිර්මාණ ගැනත් මම දන්නවා.මට මේ නාට්‍යයේ
තිර පිටපත ලැබුණේ මම ඩුබායි ඉද්දි. මට මාසයක් වගේ කාලයක් තිබුණා ආපහු ලංකාවට ඒන්න.ඒ් කාලය මම සම්පූර්ණයෙන් යෙදෙව්වේ මේ චරිත දෙක ගැන අවබෝධ කරගන්න. මම ඩුබායිවලින් එද්දි මේ චරිතවලට අවශ්‍ය ඇඳුම් පැලඳුම්, සපත්තු පවා අරගෙන ආවා.
මේ නිර්මාණයේදි ඔබ අදින බොහෝ ඇඳුම් ඔබම නිර්මාණය කරගන්න ඒවා කියන්නේ ඇත්තද?
ඔව් ඇත්තටම මම කලිං කිව්වා වගේ ඩුබායිවලින් එද්දි මේ ටෙලි නාට්‍ය වෙනුවෙන් සපත්තු කුට්ටම් අටක් පමණ අරගෙන ආවා. ඒ වගේම මේ නිර්මාණයේදි භාවිත කරන ගොඩක් ඇඳුම් මම නිර්මාණය කර ගන්නවා. විශේෂයෙන් මිනෙත්ගේ චරිතය ගත්තම ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ඇඳුම් පැලඳුම් ඔහුගේ ඒ ජීවන රටාවට ගැළපෙන විධියට මම නිර්මාණය කරගන්නවා. ඒ ඇඳුම් පැලඳුම්වලට ප්‍රේක්ෂකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඇත්තටම මම සාමාන්‍යයෙන් නිර්මාණයකට දායක වෙද්දි ඒ නිර්මාණයට මගේ උපරිමයෙන් සාධාරණය ඉෂ්ට කරන්න තමයි මම උත්සාහ ගන්නේ. මෙතැනදි මම විශේෂයෙන් මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ඉරේෂ ලොකුබණ්ඩාර මහත්මයා. තිර රචක මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහත්මයා සහ නිෂ්පාදක නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ මහත්මයා යන අයටත් විශේෂයෙන් ස්තූති කරනවා. මොකද ඔවුන් මගේ කැපවීම අඳුරගෙන, මට වෙනුවෙන් කැප වෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා දීලා තියෙනවා.
මිනෙත්, තේජාන් මේ චරිත දෙක අතරින් හේශාන් මනුල කියන රංගන ශිල්පියාට වඩාත් සමීප චරිතය මොකක්ද?
ඒක පොඩ්ඩක් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. ඒත් මම හිතනවා මගේ ඒ චරිත දෙකෙන් ප්‍රේක්ෂකයා වඩාත් කැමැති මිනෙත්ට කියලා. මොකද ඒක තමයි මගේ නැචුරල් එක. මගේ පෙනුම සහ වෙනත් සාධක නිසා මට ගොඩක් දුරට ආරාධනා ලැබෙන්නේ බටහිර පන්නේ ස්ටයිලිශ් චර්තවලට, ප්‍රේක්ෂකයා වුණත් මගේ විශේෂත්වය කියලා දකින්නේ ඒක. හැබැයි මට මේ "මා" ටෙලි නාට්‍යය හරහා බටහිර පන්නයේ වගේම වෙනත් චරිතත් කරන්න පුළුවන් කියලා ප්‍රේක්ෂකාගාරයට ඔප්පු කරලා පෙන්නන්න අවස්ථාව ලැබුණා. ඒ නිසාම මේ ටෙලි නාට්‍යයට මට ලැබුණු විශේෂ අවස්ථාවක් විධියට තමයි මම සලකන්නේ. මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයා මම වෙනුවෙන්ම මේ චරිතය ලියලා, මම එනකම් මාසයක්ම බලන් ඉඳලා මට ලබා දුන්නු මේ අවස්ථාව මට ලැබුණු ත්‍යාගයක්.
මේ දවස්වල මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ලංකාවේ ප්‍රධාන පෙළේ නිරූපණ ශිල්පියෙක් විධියට ඔබ මෙය දකින්නේ කොහොමද?
ඔව්. ඇත්තටම ඒක හොඳ දෙයක්. නමුත් මේ ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වෙන්න නම් මේ ක්ෂේත්‍රයේ ඉන්න අයට අන්තර්ජාතික සන්නාම සමග වැඩ කරන්න අවස්ථා සැලසෙන්න ඕනෑ. ඒ හරහා ඔවුන්ට ගෝලීය මට්ටමේ නිරූපණ වැඩකටයුතු කරන්න අවස්ථාව සැලසෙන්න ඕනෑ. මම පැජන්ට්වලට සම්බන්ධ වෙලා නැති නිසා මට ඒ ගැන කතා කරන්න අයිතිය නැහැ. නමුත් පැජන්ට්වලින් දිනපු පමණින් ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වෙන්න නම් මම කලින් කිව්වා වගේ විශාල අවස්ථා නිර්මාණය වෙලා ඒ හරහා ආර්ථික ප්‍රතිලාභ ලැබිය යුතුයි.
අවසන් වශයෙන් ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඔබව දිගටම දැක ගන්න ලැබෙයිද කියලත් කියමු?
ඔව්. ඇත්තටම මට මේ ටෙලි නාට්‍යය ලැබෙද්දිත් මම ආයේ රඟපාන්නේ නැහැ කියන තීරණය අරගෙන තිබුණේ. මේකට පෙර මට "මා " ටෙලි නාට්‍යය තරමටම ජනප්‍රිය නිර්මාණයකට ආරාධනා ලැබුණා. නමුත් මම ඒකට සම්බන්ධ වුණේ නැහැ. මේ නිර්මාණය අවසන් වුල්ලාට පස්සේ හොඳ නිර්මාණයක් ලැබුණොත්. එය මට ගැළපෙනවා නම්. එතැනින් එහාට මගේ බජට් එකට ගැළපෙනවා නම් සලකා බලනවා.
අක්ෂි මාපා වීරසිංහ
