
මේ දවස්වල අලුත්ම තොරතුරු ගැන කියලම කතාව ආරම්භ කරමු?
ගොඩක් කාලයකින් අපිට අලුතෙන් ගීතයක් කරන්න බැස්වුණු නිසා මේ දවස්වල අලුතෙන්ම ගීත කිහිපයක් නිර්මාණය කරමින් සිටිනවා. ඇත්තටම ඒ වෙනුවෙන් මට වඩා ගොඩක්ම මහන්සි වෙන්නේ රූකාන්ත, ඊට අමතරව මේ දවස් වල සමාන්‍ය විධියට සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා, සංගීත ප්‍රසංග වෙනුවෙන් විදෙස් රටවල්වලට යනවා එනවා. ඔය විධියට තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ,
මේ දිනවල අතිශය ජනප්‍රිය සණුකගේ ඉතිං මම ඉන්නවා ගීතයේ ඔබත් කොටස්කාරියක්, ඒ ගැනත් කියමු?
ඇත්තටම මම බලාපොරොත්තු වුණේ නැහැ මේ තරම් ප්‍රතිචාරයක්. ඉතිං මම ඉන්නවා ගීතය මුලින්ම අහපු දවසේ මම ඒ මෙලඩ් එකට හර්ෂි ආසා වුණා. පුතා ඒක ලස්සනටම කරලා තිබුණා. මම එයාට ඒ දවස්වලම කිව්වා මේක රසිකයන් බොහොම ආදරයෙන් වැලඳගනී ඒ නිසා බය නැතුව දාන්න කියලා. ඔය සිංදුව හදලා දැන් අවුරුදු දෙකක් විතර, වීඩියෝ එක හදලත් අවුරුද්දක් විතර වෙනවා. වීඩියෝ එක කරද්දි සණුක මට කතා කරලා කිව්වා මෙකේ අම්මිගේ චරිතයට මට මතක් වෙන්නෙම ආව. ඒ නිසා මට ඒක කරලා දෙන්න පුළුවන්ද කියලා. එයා දෙයක් ඉල්ලුවාම මට බෑ කියන්නත් බෑ. මම ඉතිං හා කිව්වා. ඔය වීඩියෝ එකේ ෂූට් එක කරපු දවසේ මට පිටරට ෂෝ වගයකට යන්න තිබුණා. මුළු දවසම රූගත කිරීම් කරන පාමියි මම් හවස එයාපෝට් එකට ගියේ.
මේත් එක්කම චන්ද්‍රලේඛා කියන විශිෂ්ට ගායිකාවට වඩා චන්දුලේඛා රංගන ශිල්පිනිය ගැන කතාබහක් මතු වෙලා නේද?
මම හිතුවෙත් නැහැ අපේ රසිකයන් ලොකුවට ඒ දේ ගැන කතා කරයි කියලා. මම රඟපාලා තියෙන්නේ ටෙලි නාට්‍ය දෙක තුනක විතරයි. ඒත් ඒක ගොඩක් අයට මතක තිබිලා. රේඛා ටෙලි නාට්‍යය නම් ගොඩක් අයට මතකයේ තියෙන්න ඇති. මොකද අදටත් ඒ වගේ ටෙලි නාට්‍යයක් කෙර්ලා නැහැ. ඒ ටෙලි නාට්‍යය සංගීතමය ටෙලි නාට්‍යයක්. ඇත්තටම මට ඉතිං මම ඉන්නවා ගීතයේ විෂුවල් එකට සහභාගි වෙන්න ලැබීම හරිම සතුටක්. අපේ රටේ අය ඒක අගය කරද්දි ඒ සතුට තවත් වැඩි වුණා.
මේ ගීතයේ රූප රචනය සාමාන්‍ය රූප රචනාවලින් ඔබ්බට ගිය සිනමාත්මක ලක්ෂණ පෙන්නුම් කරනවා. මේ ගැන කිව්වොත්?
චමිල් පතිරණ තමයි මේ ගීතයේ වීඩියෝ පැත්තේ වැඩකටයුතු සිදු කළේ. ඒ ගෞරවය හිමි වෙන්න ඕනෑ ඔවුන්ට. සණුක පුතා මීට කලින් චමිල් එක්ක වැඩ කරලා තියනවා. ඒ වගේම ඒ රූප
රචනය වෙනුවෙන් පෙනී හිටපු නළු නිළියොත් නිතරම දකින කොමන් අය නෙවෙයි. මම හිතනවා මේ ගීත රචනයේ සාර්ථකත්වයට ඒකත් බලපාන්න ඇති.
ඔබේ කාලයේදි ගීතයක ජනප්‍රියත්වයට රූප රචනාවන් එතරම් වැදගත් වුණේ නැහැ නේද?
මම මේ ක්ෂේත්‍රයට එද්දි ගුවන්විදුලි සංස්ථාවට අමතරව, අයි.ටී.එන්. එක සහ ජාතික රූපවාහිනිය වගේ රූපවාහිනි නාළිකා දෙක තුනක් විතරයි තිබුණේ. ඒ කාලයේදිත් රූප රචනා වැදගත් වුණේ නැහැ කියන්න බැහැ. ඒ කාලයේදීත් ඒක වැදගත් වුණා. උදාහරණයක් විධියට මට මුළු ලොවම ඔබයි ගීතයට විෂුවල් එකක් තිබුණා. ඒක රූපවාහිනියේ විකාශය වුණා. ඒ වගේම උදාහරණයකට චිත්‍රපට ගීත ගත්තත් ඒවා ගොඩක් ජනප්‍රිය වුණේ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තට පස්සේ ඒවාගේ විෂුවල් එකත් එක්ක. එහෙම බලද්දි අපේ කාලයේදීත් ගීතයක ජනප්‍රියත්වයට විෂුවල් එක යම් තරකමට බලපෑවා. නමුත් අද වෙද්දි මාධ්‍ය කියන එක හරිම බලවත් වෙලා. අද වෙද්දි යූටියුබ්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය හරහා රසිකයන්ට සමීප වෙන්න තිබෙන අවස්ථාව තවත් වැඩි වෙලා. ඒ නිසා ඕනෑම නිර්මාණයක් මිනිස්සු අතරට අරගෙන යෑම පහසු වෙලා. මේ නිසා අද වෙද්දි ගීතයක ජනප්‍රියත්වයට සමාජ මාධ්‍ය කියන දේ ප්‍රබල බලපෑමක් එල්ල කරනවා.
ගීතයක් ජනතාව අතරට යන්න රූප රචනව වීම ගුණාත්මක පමණක් ප්‍රමාණවත්ද? විෂුවල් එක පමණක් ගුණාත්මක වෙලා වැඩක් නැහැ. ගීතයත් හොඳ වෙන්න ඕනෑ. සණුක පුතාගේ ඉතිං මම ඉන්නවා ගීතය ගත්තොත් ඒක රිලීස් කරලා දවස් දෙක තුනක් යද්දි ට්‍රෙඩිංග් නම්බර් වුණා. මම අඳුනගෙන තිබෙන විධියට. මේක තමයි. අපේ රටේ මිනිස්සුන්ගේ හදගැස්ම. මොකද මේ ගීතය එක්ක තව ගීත ප්ලීස් වෙන්න ඇති.නමුත් රසිකයන් මේ ගීතය ඒ අතරින් ඉතාමත් ඉක්මනින් වැලඳගත්තා. අපි හොඳ නිර්මාණයක් කරනවා නම් ඒක මිනිස්සු ඉක්මනින්, ආදරයෙන් වැලඳගන්නවා. සණුක පුතාගේ මේ ගීතයේ පද රචනය, ගායනය, සංගීතය කියන මේ තුන වගේම ඒ හා සමානවම රූප රචනයත් ඉතාමත් ඉහළ මට්ටමක තිබෙනවා. මම කියන්නේ හොඳ දේ මිනිස්සු වැලඳගන්නවා.
ඔබේ බාල දියණියන් දෙදෙනා අද වෙද්දි සංගීත ලෝකය ඇතුළේ සාර්ථක ගමනක් යනවා අම්මා කෙනෙක් විධියට ඒ හැඟීම මොන වගේද?
ඒක හරිම සතුටක්, රයිනිට සහ වින්ඩිට දෙවිදිහකට ඒ හැකියාවන් පිහිටලා තිබෙනවා. රයිනි එයාට කරන්න පුළුවන් උපරිම විධියට එයාගේ වැඩ කටයුතු කරගෙන යනවා. වින්ඩිත් එහෙමයි. ඇත්තටම මම ඒක සලකන්නේ දෙවියන් වහන්සේගෙන් අපිට ලැබුණු තෑග්ගක් විධියට. සමහර වෙලාවට සින්දු කිව්වා කියලා දරුවන්ට ඒ හැකියාව ඒ විධියටම පිහිටන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේක අපිට දෙවියන්ගෙන් ලැබුණු දෙයක් කියලා. ඒ දෙන්නා එයාලට හැකි උපරිමයෙන් හොඳ විධියට එයාලගේ වැඩ කටයුතු කරනවා. එයාලා පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා කොහොමද මේ ක්ෂේත්‍රයේ හිටියේ කියන එක දැක්කා. ඒ නිසා එයාලට අලුතෙන් දේවල් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඔවුන් ගැන ඇත්තටම මවුපියන් විධියට මටත් රූකාන්තටත් හරිම සතුටුයි.
අවසන් වශයෙන් ඔබෙත් රූකාන්ත ගුණතිලකගෙත් ප්‍රසංගයක් වෙනුවෙන් මඟබලන් ඉන්න රසිකයන්ට ඒ අවස්ථාව කවදා උදාවෙයිද කියලත් මතක් කරමු?
ඇත්තටම අපි මේ අවුරුද්දේ ලොකු අවධානයක් දීලා තිබෙන්නේ අපේ අලුත් ගීත නිර්මාණය කිරීමේ වැඩකටයුතු සඳහා. මටත් වඩා මේ ගැන වෙහෙසෙන්නේ රූකාන්ත, අපිට බොහෝ කාලයකින් අලුතෙන් නිර්මාණයක් රසිකයන්ට අරගෙන එන්න බැරි වීම අපේ රසිකයන්ට කරන අසාධාරණයක් විධියටයි මම හිතන්නේ. මීට අවුරුදු ගාණකට කලින් ගයපු ගීතත් තවමත් එකලෙස රසිකයන් වැලඳගෙන ඉන්න නිසා ඒක ලොකු අඩුවක් කියලා නොදැනුනත් මේ වසර අවසන් වෙද්දි අලුත් ගීත කිහිපයක් එළියට දාන බලාපොරොත්තුවක් තිබෙනවා. ඊට පස්සේ ලබන අවුරුද්දේ බොහෝ දුරට ප්‍රසංගයක් පවත්වන්න හැකියාව ලැබෙයි.
