ඩයමන්ඩ් ප්ලේ බට්න් එක ගැන මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්-චරිත්. එන්. සිල්වා

gossiplanka image 2
පසුගිය දිනකදී ලංකාවට පළමුවැනි වරට යූ ටියුබ් ඩයමන්ඩ් ප්ලේ බට්න් එක රැගෙන ආ ඔහුව මේ වන විට නම් නොදන්නා කෙනකු නැති තරම්. යූටියුබ් නිර්මාණකරුවකු මෙන්ම ව්‍යවසායකයකුද වන ඔහු ලාංකිකයන්ගේ මෙන්ම ලෝවාසී බොහෝදෙනකුගේද හදවතෙහි තම නම රැන්දූ බව නොරහසක්. නිර්මාණශීලීත්වය, දැඩි කැපවීම සහ උත්සාහය ඇත්නම් ලෝකයක් ජය ගන්න හැකි බව පෙන්වා දුන් ඔහු සැබෑම දක්ෂයෙක්. තම සූපවේදී හැකියාවන් ආකර්ෂණීයව ඉදිරිපත් කරමින් සැමගේ හදවත් දිනාගත් ඔහු සමාජ මාධ්‍ය තරුවක්. කවුරුත් wild cookbook ලෙස හඳුනන ඔහු චරිත්. එන්. සිල්වා. මෙවර හදගැස්මට මේ කතාබහ ඔහුගෙන්.


පසුගිය දිනක ඔබේ යූ ටියුබ් චැනලයට ඩයමන්ඩ් බට්න් එක ලැබුණු අවස්ථාවේ දැනුණ හැඟීම කොයි වගේද?


ඇත්තටම ඒක ගොඩක් සතුටු අවස්ථාවක්. මොකද ලංකාවේ යූ ටියුබ් චැනල් එකක් පළමුවැනි වතාවට තමයි මිලියන දහයේ සීමාව පසු කරන්නේ. ලාංකිකයකුට ප්‍රථම වතාවට තමයි ඒ අවස්ථාව හිමි වුණේ. ඒක මට නිහතමානී ආඩම්බරයක්. ඒ ගැන හරිම සතුටුයි.


ඔබව අද මෙවැනි තැනකට රැගෙන ආවේ සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍ය ඔබේ ජීවිතයට එල්ල කළ බලපෑම ගැන කතා කරමු?


ඔව්. සමාජ මාධ්‍ය හරි විධියට පාවිච්චි කරනවා නම් ඒකෙන් වෙන දේ ගැන සුළුවට තකන්න බෑ. මොකද අද මම මේ ඉන්න තැන සමාජ මාධ්‍ය තිබුණේ නැත්නම් නෑ. සමාජ මාධ්‍ය කියන්නේ ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන් දෙයක්.


ඔබ මේ වන විට ලෝකයේ සමාජ මාධ්‍ය තරුවක්. අද

වෙද්දි එතැනින් එහාට ඔබ ව්‍යවසායකයෙක් බවට පත්වීම

ගැන කතා කරමු?


ඔව්. ඒ දේ මම සමාජ මාධ්‍යයට එන්න කලින් ඉඳලම මට තිබුණු හීනයක් තමයි. ඉතින් මට ලංකාවේ තරුණ ව්‍යවසායකයකු වෙන්න පුළුවන් වුණු එක ගැන හරිම සතුටුයි. ඒක ලොකු අභියෝගයක් සහ දැන් මගේ ජීවිතය ජීවිත ගණනකගේ වගකීම් එක්ක ගෙවන ජීවිතයක් වෙලා තිබෙන්නේ. 


සමාජ මාධ්‍ය අතරේ දිනපතා තරු බිහි වුණත් ඔවුන්ගෙන් සුළු පිරිසක් පමණයි රඳා පවතින්නේ.  ඔබේ පැවැත්ම පවත්වා

ගන්නේ කෙසේද? 


ඔව්. ඒකට හේතුව තමයි ඒ එන අය ඉදිරිය ගැන හිතන්නේ නෑ. සමාජ මාධ්‍ය කියන්නේ හැමදාම වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන දෙයක්. අපි වෙනස් දෙයක් කළොත් තමයි අපේ පැවැත්ම රඳා පවතින්නේ. ඉතින් මම මගේම විධියකට ඒක පවත්වගෙන

යනවා. ඒ ගැන මට හරිම සතුටුයි. 


ඔබ මුලින්ම මෙවැනි යුනික් වීඩියෝ මුදා හැරියේ සමාජ මාධ්‍ය තුළ තරුවක් වීමේ ම බලාපොරොත්තුවකින්ද?


ඒක මෙතරම් දුරක් යන්න හිතාගෙන කරපු දෙයක් නම් නෙවෙයි. නමුත් මම එන එන විධියට මුහුණ දුන්නා හරි විධියට මේ තැනට එන්න.


ගමක සිට පැමිණි තරුණයෙක් විධියට මේ වන විට ලැඛෙන අන්තර්ජාතික පිළිගැනීම ඔබට දැනෙන්නේ කොහොමද?


ඒක කියලා නිම කරන්න බැරි දෙයක්. අදටත් මගේ ගතිගුණ කිසිම දෙයක් වෙනස් වෙලා නෑ. මම හරිම නිහතමානීව මේ ගමන ඉදිරියට යනවා.


ගෝලීය සන්නාම විදෙස් රටවල් ඔබව සන්නාම තානාපතිවරයකු ලෙස භාවිත කරනවා. අපේ රටෙන් ලැබෙන පිළිගැනීම කොහොමද?

ඒ ගැන මම මොකුත් නොකියා ඉන්නම්. මොකද මටත් ඒ ගැන තවම හිතා ගන්න බැරිව ඉන්නෙ.


යූ ටියුබර් කෙනෙක් වන ඔබ ව්‍යවසායකයකු බවට පත්වීමට යෑමේදී පැමිණි අභියෝග කොහොමද?


මම දකින විධියට ඒක මුල ඉඳන් එන ව්‍යවසායකයන්ට වඩා වෙනස්. මොකද හැමවෙලේම මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් තිබෙනවා. ඉතින් ඒ දේ අපි තේරුම් අරගෙන හරි විධියට කළොත් මගේ වචනයෙන් කිව්වොත් අපි ගොඩ. quality product එකක් දෙන්න ඕනෑ. 


ඔබ බොහෝ විට දේශීය දේ වෙනස් විධියකට ඔබේ වීඩියෝ හරහා ඉදිරියට ගෙන එනවා නේද?


ඔව්..... මොකද මම දන්නවා මිනිස්සු ඉල්ලන දේ. ඒ දේ මම දෙනවා. තරුණියන්ගෙන් වැඩිපුර ආකර්ෂණයක් ඔබට ලැබෙනවා? ඔව්. මට මිනිස්සුන්ගෙන් ගැහැනු පිරිමි තරුණ වැඩිහිටි කියලා භේදයකින්

තොරව ඒ ආදරය ලැබෙනවා. ඉතින් මම ඒ දෙයට ගොඩක් ගරු කරනවා. ඔවුන් වෙනුවෙන් හරි හැමදෙයකදීම මම පෙනී ඉන්නවා. ඒ වගේමයි මගෙන් ඔවුන්ට දෙන්න පුළුවන් හැමදේම මම දෙනවා. ඔවුන් වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදෙයක්ම  මම කරනවා. 

 

gossiplanka image 1
Previous Post Next Post