
ලහිරු අධිකාරී කියන්නෙ මේ දවස්වල කාර්යබහුල චරිතයක් නේද?
කාර්යබහුල නෑ කියන්නත් බෑ. මායාවී, නිකිණි කුසුම් ඇරුණම පහුගිය ටිකේ සිනමා නිර්මාණ දෙකකටත් සම්බන්ධ වුණා. එකක් ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්නගේ සැප්තැම්බර් චිත්‍රපටය. සැප්තැම්බර් මාසෙම ඒක රිලීස් වීමට නියමිතයි. ඒ වගේම මේ දවස්වල සරත් ධර්මසිරිගේ කඩහපොළ උන්නාන්සේ සිනමාපටයේ රූගත කිරීම් කෙරීගෙන යනවා. ඒ නිසා තමයි ටිකක් කාර්යබහුල.
ලහිරු මේ දවස්වල ගොඩක්ම ආදරය ලබන්නෙ කාංචන නිසා නේද?
ඇත්තටම ඔව්. කාංචනට හිතුවෙ නැති තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. සිංහ එන්ටටේන්මන්ට් වෙතින් ලැබුණු ආරාධනාව නවකයෙක් විදිහට මට ලොකු අභියෝගයක් වගේම ලොකු අවස්ථාවක් වුණා කිවුවත් හරි. කාංචනගෙන් මට ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුණා. විශ්වවිද්‍යාල සිසුවෙක් විදිහට මේ දිනවල කාංචනට ලැබෙන්නෙම ආදරණීය ප්‍රතිචාර.
කාංචන ඔබට ලොකු අභියෝගයක් වුණා කියලත් ආරංචියි?
මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිරපිටපතකට රංගනයෙන් දායක වෙනව කියන්නෙම අභියෝගයක් කියලයි මට හිතෙන්නෙ. මොකද ඔහුගේ තිරපිටපතේ තියෙන දෙබස් ඒ විදිහටම අකුරක් නෑර අපි කියන්න ඕන. නවකයෙක් විදිහට ඒ අභියෝගය මං හරි ආසාවෙන් භාරගත්තා. මුලින්ම ඔහුගේ පිටපතකට සම්බන්ධ වෙන්න ලැබීම ඇත්තටම මගේ වාසනාවක්. චරිතය සාර්ථක වෙන්න ඒකත් ලොකු හේතුවක් වුණා කිවුවත් හරි. ඒ වගේම අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා, නිෂ්පාදක ලලිත් වසන්ත වගේම මගේ සහායක මනෝජ් දේවගේගෙන් ලැබුණු සහායත් සිහිපත් කරන්න ඕන.
තේජාන් ගැන මොකද හිතෙන්නෙ?
මං තේජාන්ට සාධාරණයක් කළා කියලා ප්‍රේක්ෂකයන්ගේ කමෙන්ට්වලින්ම මට දැනෙනවා. තේජාන් ඉදිරියේදී තව තවත් කතාබහට ලක්වෙන මාතෘකාවක් වේවි කියලත් හිතනවා. තේජාන්ගේ සාර්ථකත්වයේ ගෞරවය හිමිවෙන්න ඕන එහි අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් සර්ට.
ලහිරුගේ සිනමාවට පිවිසීම ගැන කතා කළොත්?
මට මුලින්ම ආරාධනා ලැබෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න අධ්‍යක්ෂණය කරන සැප්තැම්බර් චිත්‍රපටයට. සනත් ගුණතිලක කියන්නෙ මං පුංචි කාලෙ දැකපු දැවැන්තයෙක්. ඔහුත් එක්ක එකට රඟපාන්න ලැබුණා කියන එක මට තාමත් හිතා ගන්න බෑ. මං වගේ නවකයෙකුට එවන් දැවැන්ත චරිත එක්ක රඟපාන්න ලැබෙනවා කියන්නෙම හීනයක් වගේ. බුද්ධික ජයරත්න, අශාන් ඩයස්, නදීශා හේමමාලි වගේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහායත් ගොඩක් වටිනවා. ප්‍රවීණයන් විදිහට ඔවුන්ගේ අත්දැකීම් , ගුරුහරුකම් බෙදාගන්න ලැබීම මගේ වාසනාවක්. මුල සිට අග දක්වාම කුතුහලයක් එක්ක දිවෙන ඒ වගේ ගවේෂණාත්මක චිත්‍රපටයක් නිපදවෙන පළමු අවස්ථාවත් මේක කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම කඩහපොළ උන්නාන්සේ චිත්‍රපටයේ පාලම්කුඹුරේ නිලමේ කියන්නෙත් මට වෙනස්ම අත්දැකීමක්. මේ දවස්වල එහි රූගත කිරීම් සිදුවෙනවා. ඒ අත්දැකීමත් මගේ ඉදිරි ගමනට ලොකු පන්නරයක් වේවි.
ඔබ නිරූපණ ක්ෂේත්‍රයේ ඉතාම ජනප්‍රිය චරිතයක්?
ඔව්. මං නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කරගෙන යන අතරේ තමයි රංගනයට ආරාධනා ලැබෙන්නේ. නිරූපණයයි රංගනයයි මං දකින්නේ දෙවිදිහකට. නිරූපණ ශිල්පියකුට නිතරම තමන්ගේ ශරීරය මේන්ටේන් කිරීම ගැන හිතන්නම වෙනවා. නමුත් රංගන ශිල්පියකුට එහෙම බැහැ. ඔහුගේ චරිතයේ ස්වභාවය අනුව වෙනස් වෙන්න වෙනවා. මං හැමවෙලේම ඒ දෙක ගළපගන්න උත්සාහ කරනවා. ඊට අමතරව මං වෙළෙඳ දැන්වීම්වලටත් පෙනී ඉන්නවා.
ඔබ කලාවට පිවිසීම ගැන සිහිපත් කළොත්?
පාසල් කාලයේ ගොඩක් අය මාව දන්නේ වොලිබෝල් ක්‍රීඩකයෙක් විදිහට. මං ජාතික වොලිබෝල් කණ්ඩායමටත් සෙල්ලම් කළා. ඒත් එක්කම තමයි මං 2020 දෙරණ අවුරුදු කුමරා තරගයේ ජයග්‍රහණය ලබන්නේ. එත් එක්කම කලාවට පිවිසීමේ මං විවර වුණා. අවුරුදු දෙකක් විතර මං රංගනය ගැන හැදෑරීමක් කළා. ඊට පස්සේ 2023 CJ අවුරුදු කුමරා ලෙස තේරීම මගේ ගමනට තවත් පන්නරයක් වුණා. රූපෙන් ඉදිරියට යනවා කියන අදහසක් මට කවදාවත් තිබුණෙ නැහැ. මං හිටියේ ක්‍රීඩකයෙක් විදිහට. නමුත් මේ ක්ෂේත්‍රයේ මාර්ගයත් විවර වුණ නිසා මං හිතුවා මේ පැත්තෙනුත් ගිහින් බලනවා කියලා. කලාවේ මං දැන් ස්ථාවරයි. මේ වෙද්දිත් මං ව්‍යාපාර කළමනාකරණ උපාධිය නිම කරමින් ඉන්නේ. ඉදිරියේ දී මගේම ව්‍යාපාරයක් කරන ගමන් කලාවේ නියැළෙන්නයි බලාපොරොත්තුව. මං ඉදිරිපත් වුණු පැජන්ට් දෙකෙන්ම මට ජයග්‍රහණය හිමි වුණ නිසා ඉදිරියේදී මිස්ට ශ්‍රී ලංකා හරහා මිස්ට වර්ල්ඩ් දක්වා යන්නයි උත්සාහ කරන්නේ.
ඔබ ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙක්. රංගනයට කැමැත්ත ඇතිවුණේ කොහොමද?
2020 දෙරණ අවුරුදු කුමරා තරගයේ මගේ අයියා අවසන් වටයට තේරුණා. ඒක බලන්න ගිය වෙලාවේ එතැන හිටිය අය ඇහුවා ඇයි ඔයා ඉදිරිපත් වුණේ නැත්තේ කියලා. ඒ වචනෙට මං ඊළඟ අවුරුද්දේ අයදුම්පතක් දාලා බැලුවා. කිවුවත් වගේ මට ජයග්‍රහණය හිමි වුණා. එතැන තමයි මගේ මේ ගමනේ හැරවුම් ලක්ෂ්‍යය. රංගනයට එන්නෙත් අයියා නිසා. එයා නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ රඟපාද්දි තුෂාර සර් මටත් ආරාධනා කළා. ඊටත් පස්සේ තමයි මායාවී ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.
ලහිරුගේ ආදරය ගැන දැනගන්නත් ප්‍රේක්ෂකයන් කැමැත්තෙන් ඇති?
දැනට නම් මං ආදරවන්තයෙක් නෙවෙයි. මේ දවස්වල මම මාවම ගොඩනඟාගන්න උත්සාහ කරනවා. මාව තේරුම් ගන්න පුළුවන්, මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් හමුවුණු දවසට මං ඒ ගැනත් හිතනවා.
