ලොවක් ආදරය කරන සල්මන් ඛාන්ට මොකද වුණේ?

gossiplanka image 1
සල්මන් ඛාන් කියන්නේ ලොවක් ආදරය කරන චරිතයක්...


දින කිහිපයක සිට ඔහු අසනීප තත්ත්වයකින් පසුවන බවට මාධ්‍ය වාර්තා පලවුණා.


අහන්න ලැබෙන විදියට නම් මේක දුර්ලභ ස්නායු රෝගයක්.


කපිල් ෂෝ වැඩසටහනට සහභාගි වුණු වෙලාවක සල්මන් ඛාන් තමන්ගේ මේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එයාගේ රසිකයන්ට එළිදරව් කරනවා.


ඒ අනුව මේ වෙද්දි ඔහු ඉන්නේ ස්නායු රෝග තත්ත්වයක් සහ ඒ ආශ්‍රිතව ඇතිවෙලා තියෙන brain aneurysm සහ arteriovenous malformation නම් රෝග තත්ත්වයකිනුත් පීඩා විඳින ගමන්.


ඒ වගේම ඔහු මේ වෙද්දි අදාල ස්නායු රෝගය නිසාම ඇතිවන Trigeminal Neuralgia තත්ත්වයකින් පීඩා විඳිනවා.


මේ රෝගය ලක්ෂණයක් වෙන්නේ අනපේක්ෂිත අවස්ථාවල ඇතිවන මුහුණේ අධික වේදනාව. ඒක හරියට මුහුණට කරන්ට් එක වැදුනා හා සමානයි.


හැම විනාඩි දෙකකට සැරයක්ම තත්පර කිහිපයක් පවතින මේ වේදනාව දරාගන්න පුළුවන් එකක් නෙවෙයි.


ඉතින් සල්මන් මේ වෙද්දි මේ වගේ තත්ත්වයකින් පීඩා විඳින ගමන් වුණත් ඔහු තාමත් තමන්ගේ රසිකයන් වෙනුවෙන් රංගනයෙන් නිරත වෙන බව තමයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

gossiplanka image 2
Previous Post Next Post