
“ජෝති කිවුවාම ඉස්සර මට ගොඩක් කේන්ති යනවා. ඉස්කෝල ළමයි විතරක් නෙවේ ගමේ අයත් මට කතා කළේ ජෝති කියලා. ඒ කාලේ මම දැනගෙන හිටියේ නෑ ජෝතිපාල මහත්මයා මෙතරම් සේවයක් කරපු කෙනෙක් කියලා. දැන් නම් මම ගොඩක් කැමතියි මට ජෝති කියලා කතා කරනවට. ”
ටෙලි විව් ආයතනය මඟින් නළු නිළියන් තේරීමේ අවස්ථාවකට සම්බන්ධ වූ ඔහු 300- 400ක නවකයන් අතරින් තේරී පත් විය.
එහිදී 1999 දී සුනිල් සිරිවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ‘කුල විලෝකනය’ නම් ටෙලිනාට්‍යයේ රොඩී චරිතයක් සඳහා සුගත් රංගනයේ දායකත්වය ලබා දෙන්නේ තම කුලුඳුල් ටෙලිනාට්‍ය ලෙස නම් සටහන් කරමිනි. එ්වන විට කැමරාව යනු කුමක්දැයි කියා වුවත් හරි හැටි නොදන්නා ඔහුට කුල විලෝකනය ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂණයේ නිරත වූ සරත් සේනාරත්නගේ මඟ පෙන්වීම මහත් අස්වැසිල්ලක් වූ බවත් මෙම අවස්ථාවේදී ඔහුව ආදරයෙන් මතක් කළ යුතු බවත් ඔහු පැවසීය.
“මම පාසල් යන දවස්වල රාගම බෝයිස් ටවුන් එකේ චිත්‍රපටයක් රූගත කිරීම් කළා. ඒකෙ විජය කුමාරතුංග, ටෙනිසන් කුරේ වැනි ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වෙලා සිටියා. එදා හිතුවා කවදා හරි මමත් මේ රටේ දක්ෂ නළුවෙක් වෙනවා කියලා.”
පාසල් වියේදීම කලා කටයුතුවලට සහභාගි වූ නිසා ඇතැම් අවස්ථාවල නිර්මාණ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව නොලැබූනේ අධ්‍යාපනයට මුල් තැන ලබා දුන් නිසා බව ඔහු ප්‍රකාශ කළේ ඉතා දුක්මුසුවය. ජානක රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය අතර කාව්‍යා, වසූදා, පතිනි, පාන් බට්ටා, හිතට වහල් වෙමි, මිලා, සිහින සින්ඩරැල්ලා, සුරිය බාණු, බැලැක් මේල්, රැහේ, ලොක්කී, ගුරු ගීතය, ගැහැනු ළමයි, මහවිරු පණ්ඩු , වෙස්ගත්තෝ, දියණි, හිතුවක්කාරි, ගිනිඅවි සහ ගිනිකෙළි, මුතු කුඩ ලෙස කිහිපයක් පෙන්වා දිය හැකිය. බොහෝ අවස්ථාවලදී මැර චරිතවලට ආරාධනා ලැබුණු බවත් ඇතැම් අවස්ථාවලදී එක් සීමාවකට කොටුවන නිසා ඒ චරිත භාර නොගත් බවත් පවසන්නේ. “ITNහි විකාශය වූ රාග ටෙලි නාට්‍ය සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන අතර එහි අසංකගේ චරිතය මම හරිම ආසාවෙන් කළේ. මේක මම සිවගුරුනාදන් සමඟ කටයුතු කළ පළමු අවස්ථාව. ඔහු සමග කටයුතු කළ කාලය ඉතා සුන්දරයි. ”
එලෙසම ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයද සිදුකර ඇත. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ පළමු ටෙලිනාට්‍ය වන්නේ ‘අතීත ස්මරණයයි’.
“අතීත ස්මරණය සඳහා මට මගේ කලා ජීවිතයේ අත්දැකීම් ගොඩක් උදවු වුණා. ටෙලිනාට්‍යවල රඟ දක්වන විට මට ලැබුණු අභියෝග මෙන්ම අදහස් උදහස්ද මම මේ පිටපත ලියනකොට උදවු කර ගත්තා.”
ටෙලිනාට්‍යවලට පමණක් නොව සිනමාපටවලටද සිය රංගන දායකත්වය ලබා දුන් සුගත් සිනමාපට රැසකින් තම දක්ෂතා ප්‍රේක්ෂකයට සමීප කර ඇත. ඒ අතර සුනිල් සෝම පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ‘ඔහොම හොඳද’ සිනමාපටය, මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී වික්‍රම’ සිනමාපටය, ලාල් ප්‍රියදේවගේ ‘මේක පුදුම කතාවක්’ යන සිනමාපටයද ඊට අමතරව ප්‍රවේගය, මායා, කබඩි, වැඩ බැරි ටාසන් දෙක, සුවඳ දැනුණා ජීවිතේ, ආදරයේ නාමෙන්, කම්බිලි, පූජා වැනි චිත්‍රපට 40කට අධික ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායකත්වය සපයා ඇත.
බර්මින් ලයිලි ප්‍රනාන්ද අධ්‍යක්ෂණය කළ ‘අග පිපි මල්‘ සිනමාපටයේද, සුරංග අල්විස් අධ්‍යක්ෂණය කළ ‘කිඩ්නැප්‘ සිනමාපටයද, තණපාල සුන්දරම් අධ්‍යක්ෂණය කළ ‘බොඳ වූ සිහිනය‘ සිනමාපටයද ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.
‘බොම්බේ වෙල්වට්’ නම් ඉන්දීය සම්භවයක් සහිත සිනමා පටය රන්වීර් කපූර්ගේ යාළුවා වන මස්තාන්ගේ චරිතය වෙනුවෙන් World Awords Icon 2019 විශේෂ ඇගයීමකට පවා ලක් වී ඇත.
“මේ චරිතය මට ලැබෙන්නේ ගැහැනු ළමයි ටෙලිනාට්‍යයේ පියසේනගේ චරිතය රඟපෑ නිසා. පියසේන හින්දි කතා කරන්න පුළුවන් කෙනෙක් නිසා මාව ඒ චරිතයට විරාජ් තෝර ගන්නවා.”
සුගත් ගායනයටද දක්ෂ කලාකරුවෙකි. එලෙසම ඔහු විසින් නිර්මාණය කළ ගීතයන් ත්‍රිත්වයක් ඇත. ‘ඔබ මගේ වෙලා’ ඒ අතරින් ඔහුගේ පළමු ගීතය වේ.
මෙම ගීතයේ පද රචනය, ගායනය මෙන්ම රූප රචනය සඳහා දායක වන්නේ ඔහු වීම විශේෂත්වයක් දක්වයි. දෙවන ගීතය ‘ආදරේ මතකයන්’ ලෙසින් නම් කර ඇති අතර මෙම ගීතය පද රචනය කර දෙනු ලැබුවේ මුහුණුපොතෙන් හමු වූ කලණි අප්සරා සොයුරියයි. ඔහුගේ තෙවන ගීතය කුමාරසිරි පතිරණ විසින් පද රචනය කළ ‘හැමදාම ඔබ ඉන්න’ ගීතය වේ.
ඊට අමතරව ප්‍රසංග වේදිකාවේද ගායනයට එක්වන ඔහු කලා ජීවිතය සමඟ බැඳී සිටින්නේ අපරිමිත බැඳීමකිනි.
වර්තමානය වන විට ඔහු ව්‍යාපාරයක් වශයෙන් රූපලාවණ්‍ය ආයතනයක හිමිකාරීත්වය දරන අතර එය සිදු කරන්නේ ඉතාමත් කැපවීමකින් බව ප්‍රකාශ කළේය.
වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ පවතින තැන පිළිබඳව එතරම් සතුටුදායක හැඟීමක් පළ නොකරන ඔහු ප්‍රකාශ කරන්නේ අත්දැකීම් අඩු, රියැලිටි සටහන්වලින් පැමිණෙන අලුත් පන්නයේ නළු නිළියන්ට ක්ෂේත්‍රයේ වැඩිකල් පැවතීමට නොහැකි බවයි.
ඔහු කුඩා තැනින් පටන් ගෙන කලා ක්ෂේත්‍රයේ ලොකු කුඩා සියල්ලක්ම දන්නා දක්ෂ කලාකරුවකු වූයේ පැවති නිහතමානීත්වය නිසාය.
” මේ ක්ෂේත්‍රයට එන ඕනෑම නවකයෙක්ට මම උදව් කරනවා. ඒ වගේම මම දන්න ඕනෑම දෙයක් එයාලට කියලා දෙනවා. ”
කලා ක්ෂේත්‍රයේ අපි වැනි අයගෙන් අධ්‍යක්ෂවරුන් වැඩ ගන්නේ නෑ. මම කියන්නේ අපිට තව වැඩ දෙන්න. අපේ දක්ෂතා ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න අවස්ථාව දෙන්න.”
