එමානුවෙල් වැනි චරිත අපි අතරේ ඉන්නවා

gossiplanka image 1
"මේ දවස්වල සුපුරුදු විදිහට රංගන වැඩ කටයුතු වගේම නිවේදන වැඩ කටයුතු කරගෙන යනවා. ශිවගුරුනාදන් මහත්මයා අධ්‍යක්ෂණය කරන සද්ධා මංගල සූරිය බණ්ඩාර මහත්මයා රචනා කරන පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ යමුනාගේ චරිතය නිරූපණය කරනවා. ඒ වගේම හසුන් සමීරගේ අධ්‍යක්ෂණයක් වන පාරාදීසේ ටෙලි නාට්‍යයේත් නීතිඥවරියකගේ චරිතයට පණ පොවනවා. මේ නිර්මාණ දෙක හරහා තමයි මේ දවස්වල මම පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් එන්නේ"








මේ තරම් කාලයක් ප්‍රේක්ෂකයන් දිව්‍යාව දැකලා තියෙන්නේ වේදිකාවෙන් සහ පුංචි තිරයෙන් විතරයිනේ. ඒත් ළඟදීම දිව්‍යාව රිදී තිරයෙනුත් දැක බලා ගන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ දේවි කුසුමාසන චිත්‍රපටය හරහා. දේවි කුසුමාසන කියන්නේ දිව්‍යාගේ පළවෙනි චිත්‍රපට රංගන අත්දැකීම. ඉතින් ඒ නිසා දිව්‍යාට මේ චිත්‍රපටය නම් කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන මතකයක් වෙයි. හා හා පුරා කියලා සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබීම ගැනත් අපි දිව්‍යාත් එක්ක කතා කළා.




" ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අධ්‍යක්ෂණය කරන දේවී කුසුමාසන චිත්‍රපටයෙනුත් ප්‍රේක්ෂකයන්ට මාව ඉක්මනින්ම දැක බලාගන්න පුළුවන්. දේවි කුසුමාසන කියන්නේ මම රංගනයෙන් දායක වන පළවෙනි චිත්‍රපටය. මේ චිත්‍රපටයේදී මම එමානුවෙලා කියන චරිතය තමයි නිරූපණය කරන්නේ . සමාජය තුළ අපි දකින කාන්තාවන්ගේ එක් පැතිකඩක් නිරූපණය කරන චරිතයක් හැටියට එමානුවෙලා චරිතය හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තටම මේ චරිතය සුවිශේෂී මනෝභාවයන් ගැබ්වුණු හරි අපූරු කාන්තා චරිතයක්. එමානුවෙලා වැනි චරිත අපි හැමෝම අතර ජීවත් වෙන්න පුළුවන්" ඒ නිසා දිව්‍යා ඉතාමත් කැමැත්තෙන් සහ උනන්දුවෙන් තමයි එමානුවෙලා චරිතයට ලැබුණු ආරාධනාව භාර අරගෙන තියෙන්නේ.








දිව්‍යා චිත්‍රපට සහ ටෙලිනාට්‍යය රංගනයට වගේම වේදිකා රංගනයටත් උපන් හපන්කම් ඇතිි අපූරු තරුණියක් කියලා මම මුලිනුත් කිව්වනේ. එය නිසාම ඇයට මෙවර ජාතික යෞවන සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානයත් ලැබුණා. ඒ දුක්ගිනි සින්දන වේදිකා නාට්‍යය වෙනුවෙන්. ඒ නාට්‍ය තමයි හොඳම නාට්‍ය බවට පත්වුණෙත්. ඉදිරියේදී ප්‍රේක්ෂකයාට දුක් ගිනි සින්දන වේදිකා නාට්‍යය නැරඹීමටත් හැකියාව තියෙනවා කියලත් ඒ ගැන විස්තර ඉදිරියේදී දැනුම් දෙනවා කියලත් දිව්‍යා අපිට කිව්වා.




රංගනය ගැන වගේම නිවේදනය ගැනත් දිව්‍යාගෙන් අහන්න අපි අමතක කළේ නැහැ. මොකද පහුගිය දවස්වල ඇය නුග සෙවණ වැඩසටහනෙන් නිවේදිකාවක් හැටියටත් ප්‍රේක්ෂකයන් හමුවට ආවා.


"කාලයකට කලින් මගේ මතකයේ හැටියට 2019 අවුරුද්දේ වගේ සංගීතමය වැඩසටහනක් මෙහෙයවන්න මට අවස්ථාව ලැබුණා. ඉන් කාලයකට පසුව නුග සෙවණ වැඩසටහනේ නිවේදිකාවක් හැටියට කටයුතු කරන්න කියලා රංග බණ්ඩාරනායක මට කතා කළා. නුග සෙවන කියන්නේ මම සජීවීව වැඩසටහනක් මෙහෙය වූ පළවෙනි වතාව. ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ තමයි මම නිවේදිකාව කියන භූමිකාව ගොඩනගා ගත්තේ. ඊට පස්සේ සමන් ප්‍රේමරත්න යටතෙත් නුග සෙවණ කළා. ඊට පස්සේ අනෝමා වීරසේකර සමගින් රිද්ම වැඩසටහනෙත් නිවේදිකාවක් හැටියට කටයුතු කරනවා. "








රංගන ශිල්පිනියක් ලෙසත් නිවේදිකාවත් ලෙසත් දිව්‍යා ගෙවන ජීවිතයේදී ඇයට බොහෝ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවාට නොඅනුමානයි. ඒ වගේම තමයි ඇයට නිසැකවම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති. මොකද මේ දවස්වල ඇය රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය දෙක ගැනම ප්‍රේක්ෂකයන් ලොකු උනන්දුවකින් කතාබහ කරනවා. ඉතින් ඇයගේ රංගන හැකියාවන් වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන ඇය කතා කළේ ලොකු සතුටකින්.




"ප්‍රේක්ෂකයන්ගෙන් මට විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙනවා . මොකද සමහර තැන්වලදී නිවේදිකාවක් විදිහටයි මාව සමහර ප්‍රේක්ෂකයන් හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම තවත් ප්‍රේක්ෂකයින් පිරිසක් මාව හඳුනන්නේ වේදිකා රංගන ශිල්පිනියක් හැටියට. තවත් පිරිසක් මාව ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් හැටියට දන්නවා. ඇත්තටම මේ නිසා මට විවිධාකාරයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය තමයි මගේ ලොකුම ආත්ම තෘප්තිය. ඇත්තටම ප්‍රේක්ෂකයන්ගේ ඒ ආදරය වචන වලින් කියන්න බැරි මිල කළ නොහැකි දෙයක්. ප්‍රේක්ෂකයන් ඒ ලබාදෙන ආදරයට මමත් ප්‍රේක්ෂකයන්ට ගොඩක් ආදරෙයි කියන්න මේක අවස්ථාවක් කර ගන්නවා. අපිත් එක්ක ඉන්නවට අපිට ආදරය කරනවට වගේම අපේ නිර්මාණ රස විඳිනවාට හැම දෙනෙක්ටම බොහොම ස්තුතියි."

gossiplanka image 2
Previous Post Next Post