මට ඕනෑ වුණේ ඇයව රාජිනියක් විදිහටම අවසන් ගමනට කැටුව යන්න

gossiplanka image 1
යා ආසා කරපු විදිහටම ලස්සනට ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න පුළුවන් වීම පිළිබඳව මම සතුටු වෙනවා සහ නිහතමානීව ආඩම්බර වෙනවා.


ඇය වැඩිපුරම ප්‍රිය කළේ මොනවගේ විලාසිතාද?


රංගන ශිල්පිනියක් විදිහට ඕනෑම ඇඳුමක් මාලිනී අක්කාට හරි ලස්සනට ගැලපුණා. විලාසිතා කිරීමේදී ඇය එක රාමුවකට කොටු වුණේ නැහැ. අලු‍ත් මෝස්තර සහ විලාසිතාවලට අනුව සහ තැනට ගැලපෙන පරිදි ඇඳුම් මෝස්තර නිර්මාණය කරන්නත්, මේකප් කරන්නත් ඇය මට සහාය දුන්නා.


මාලිනී ෆොන්සේකා කියන්නේ හෙළයේ නිළි රැජන. ඇය සමඟ වෘත්තීය වශයෙන් කටයුතු කිරීම මොනවගේ අත්දැකීමක්ද?


මාලිනී අක්කා වගේ දැවැන්ත චරිතයක් එක්ක වැඩ කරන්නට ලැබීම මගේ ජීවිතයේ ලබපු ලොකුම භාග්‍යයක්. මාලිනිය වගේ විශිෂ්ට චරිතයක් මගේ අතින් ලස්සන කරන්න, ලස්සන කරලා ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න ලැබීම ඇත්තටම ලොකු වාසනාවක්. ඇත්තටම ඒ වගේ දැවැන්ත චරිතයක් හැඩගන්වන්න ලැබුණු හැම අවස්ථාවක්ම මට ලොකු අභියෝගයක් වුණා. මොකද, අපි නිර්මාණය කරන ඇඳුම ඒ තැනට ගැලපෙයිද, මාලිනී අක්කා ඒ ඇඳුම හොඳයි කියයිද කියලා. නමුත් මට විශ්වාසයක් තිබුණා මම නිර්මාණය කරන ඇඳුම් ඇයට ලස්සනට තියෙයි කියලා. කොහොම වුණත් මාලිනිය වගේ තාරකාවක් සරසනවා කියන දේ මට අභියෝගයක් වුණා.


ඔබ එක තැනකදී කියනවා ඇය ඔබට දරුවකුට මෙන් සැලකුවා කියලා. ඒ ගැනත් වචනයක් සඳහන් කරමු?


මාලිනී අක්කා කියන්නේ කෙතරම් දැවැන්ත චරිතයක් වුණත් ඒ චරිතය ඇතුළේ බොහොම නිහතමානී සහ ආදරණීය කෙනෙක් හිටියා. මගේ ජීවිතයට සහ මගේ වෘත්තියට මාලිනී අක්කා බොහොම ලොකු ශක්තියක් වුණා.

වෘත්තීය මට්ටමෙන් ඇය නිළි රැජනක් වුණාට, සාමාන්‍ය ජීවිතයේදී ඇය බොහොම සරල කෙනෙක්. ඇයත් සමඟ ගත කරපු මොහොත හරිම සුන්දරයි. වෘත්තීය මට්ටමෙන් විතරක් නෙවෙයි, අපේ පෞද්ගලික යාළුකම් ශක්තිමත්ව තිබුණා. මාලිනී අක්කා කියන්නේ ඕනෑම ප්‍රශ්නයකට ගුරුහරුකම් ගන්න පුළුවන් කෙනෙක්. මගේ ජීවිතේ මුහුණ දෙන්න සිදුවුණු සමහර අභියෝගාත්මක අත්දැකීම්වලට මුහුණ දෙන්න මාලිනී අක්කා මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම අපි අතර හොඳ යාළුකමක් තිබුණා. මාලිනී අක්කා අසනීප වුණත් මම ගිහින් සුව දුක් බැලු‍වා. මට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න මාලිනී අක්කා ගොඩක් උපදෙස් දුන්නා. මගේ අම්මා වගේම මාලිනී අක්කාත් මගේ දියුණුව දිහා බලාගෙන ගොඩක් සතුටු වුණා. සමහර වෙලාවලදී මම මොනවා හරි දෙයක් කරන්න යනකොට මම මාලිනී අක්කාගෙන් උපදෙස් අරගෙන තියෙනවා. මාලිනී අක්කා කියන්නෙ මගේ වැඩවලදී අඩුපාඩු නිවැරදි කරලා ගොඩක් ගුරුහරුකම් දීපු කෙනෙක්. ඒ වගේ බැඳීමක් තමයි අපි අතර තිබුණේ.


නිළි රැජන අවසන් වරට හැඩ වෙන්නේත් ඔබේ අතින්. ඒ අවස්ථාව සිහිපත් කළොත්?


ඒ වෙලාවේ මට දැනුණේ නැහැ මාලිනී අක්කා අපි අතර නැහැ කියලා. වෙනදා වගේම මට මාලිනී අක්කාව සරසන්න ඕනෑ වුණා. මොකද මට හිතුණෙම එයා නිදාගෙන ඉන්නවා කියලා. අවසාන වතාවේදී ඇයව දැකපු අයත් කිව්වේ ඇය නිදාගෙන ඉන්නවා වගේ කියලා. මම හිතන්නේ මට ශක්තිය ධෛර්යය ලැබුණා ඇයව ඒ විදිහට සරසන්න. මාලිනී අක්කා ජීවත් වෙලා ඉන්න කාලේ එයාගේ ප්‍රේක්ෂකයෝ අනේ එයා හරි ලස්සනයි කියලා ඇයව බලන්න ළඟට යනවා. ඇයව අතගානවා. ඉතින් ඇය නික්ම යන මොහොතේ මට ඕනෑ කළා ඇගේ ගෞරවය තියලා ඇයව රාජිනියක් විදිහටම පිටත් කරන්න. ඇත්තටම ඒ අවස්ථාවේදී මම ගොඩක් සංවේදී වුණා. මම කවදාවත් ඒ විදිහට මාලිනී අක්කාව දකින්න හිතපු කෙනෙක් නෙවෙයි. මම හැමදාම හිතුවේ මාලිනී අක්කා මටත් වඩා කල් ජීවත් වෙන්න ඕනෑ කියලා.


• මංගලා පවිත්‍රානි

gossiplanka image 2
Previous Post Next Post