
ඔබේ අලුත්ම ගීතය ‘රඟනා’ විශේෂත්ව රැසකින් සමන්විත ගීතයක් නේද?
ඔව්. මගේ අලුත්ම ගීතය‘රඟනා’ එක්ක මගේ ආදරණීය රසිකයින්ට ගයන්න, වයන්න, නටන්න දැන් අවස්ථාව තියෙනවා. රඟනා කියන්නේ මට ගොඩක් විශේෂ ගීතයක්. එක පැත්තකින් ඒක මගේ පළමුවැනි සික්ස් එයිට් එක. අනිත් අතට මේක ඩාන්ස් සෝන්ග් එකක්. සෝන්ග් එකක් කිවුවට ඒක තනිකරම ෂෝ එකක් කිවුවත් හරි. ඒකත් විශේෂත්වයක්. රූප රචනාවට ගිරවෙකුත් යොදා ගත්තා. ඒත් එක්කම නර්තන ශිල්පිනියන්ම 50ක් සම්බන්ධ වීමත් විශේෂත්වයක්. රඟනා කියන්නේ විශේෂත්ව රැසකින් පිරි ගීතයක්.
‘රඟනා’ නිර්මාණය වෙන්නේ මොන වගේ තේමාවකින් ද?
මේක සික්ස් එයිට් බීට් එකට යන ඩාන්ස් සෝන්ග් එකක් නිසා විනෝදාත්මක පැත්තට බරයි. තේමාව විදිහට ගත්තොත් ආදරය සහ ඒ හා සම්බන්ධ දේ වගේම ඩාන්ස්, මියුසික්, රිදම්, මැජික් කියන මේ හැමදේකින්ම පිරුණු, සතුටින් විඳගන්න පුළුවන් ගීතයක්. විනෝදාස්වාදයට කැමති, ඕනෑම වයසක කෙනකුට රසවිඳින්න පුළුවන්. විනාඩි තුනක කාලසීමාවක් තුළ විනෝද විය හැකි ඔබට දැනෙන ගීතයක් වේවි කියල විශ්වාස කරනවා.
‘රඟනා’ සඳහා දායක වුණු පිරිස ගැන මතක් කළොත්?
‘රඟනා’ පද රචනය ලසිත ජයනෙත්ති ආරච්චිගේ. සංගීතවත් කළේ දිල්ෂාන් එල්. සිල්වා. මේකත් ආලේ මල් සහ ඔපදා ගීත නිර්මාණය කළ ටීම් එකේම වැඩක්. රූප රචනය චාරුක දුෂ්‍යන්ත. තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් ඔහුගේ. මේ අපි එකතු වෙලා කරන තුන්වැනි ගීතය. ඊට අමතරව මගේ ස්ටයිලිෂ් රැෆෙලා ප්‍රනාන්දු. හෙයාර් ස්ටයිල් හෙයාර් බයි අරූන්. මේක්අප් පසිඳු නිර්මාල්, මනනුවන් සහ චානු රණසිංහ. කොරියොග්‍රැපි කවිඳු මධුෂාන්. සුවිශේෂී ඇඳුම් නිර්මාණ දෙකම රමීෂා ඔෂිනිගේ. ඒ හැරුණු කොට මේ සඳහා දායක වුණු විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් සියල්ලන්ම මේ අවස්ථාවේ සිහිපත් කරනවා.
රඟනා ගීතය රිලීස් කළෙත් හරි අපූරු වීදිහකට නේද?
ඔව්. පසුගිය 12 වැනිදා තියටර් රීලීස් එක තිබුණා. මේක ලොකු පිරිසකගේ මහන්සියක්. ඒ නිසයි ගීතය මේ තරම් සාර්ථක කරගන්න හැකි වුණේ. ඔවුන්ටත් ඒ ගෞරවය, ඇගයීම ලබාදෙන්න ඕන නිසාම ලොකු ප්‍රොජෙක්ට් එකක රිලීස් කරලා ඒ විදිහේ උත්සවයක් ගන්න ඕන කියලා හිතුවා. කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මේ අවස්ථාවට සහභාගි වුණා. මගේ ආදරණීය රසිකයින් තිස් දෙනකුටත් මේ සුවිශේෂී අවස්ථාවට සහභාගි වෙන්න ලැබීම තවත් විශේෂත්වයක්.
ඒ කියන්නේ කාංචනා විවිධත්වයට කැමැති කෙනෙක් ?
ඇත්තම කිවුවොත් මං විවිධත්වයට ගොඩක් ගරු කරන කෙනෙක්. ඒක නිර්මාණ පැත්තෙන් වෙන්න පුළුවන් වෙනත් පැත්තකින් වෙන්නත් පුළුවන්. මොකද ඒ විවිධත්වය තමයි මේ ලෝකෙ ගොඩක් දේවල් වෙනස් කරන්නේ. ඒ වගේම මගේ රසිකයින්ගේ ස්වභාවයත් විවිධයි. මං ඒක හඳුනාගන්න උත්සාහ කරමින් ඉන්නේ. ඔවුන් වෙනුවෙන් විවිධ ශානරවල නිර්මාණ කරන්නත් උත්සාහ දරනවා. ‘රඟනා’ කියන්නේ ඒ වගේ උත්සාහයක් කිවුවත් හරි.
‘රඟනා’ දැන් ප්‍රේක්ෂකයන්ටයි භාර. ඒ ගැන මොකද හිතෙන්නේ?
මගේ අනෙක් ගීත වගේම රඟනාත් ප්‍රේක්ෂකයින් ආදරෙන් වැලඳ ගනීවි කියන විශ්වාසයෙන් තමයි ‘රඟනා’ රිලීස් කළේ. මේ වෙද්දි හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ‘රඟනා’ වගේ ප්‍රේක්ෂකයින්ට දැනෙන නටලා, ගයලා විනෝද වෙන්න පුළුවන් ගීතයක් දෙන්න ලැබීම සතුටක්.
ගීත එකතුවක් නිකුත් කරන්න අදහසක් නැද්ද?
ඇල්බම් එකක් කරන්න ලොකු අදහසක් තියෙනවා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඒ දේ සිදුවේවි. දැනට නිකුත් කරන්න සෝලෝ ගීත ගණනාවක් තියෙනවා. මමම පද රචනය කරලා සංගීතවත් කළ ගීත කිහිපයකුත් එන්න තියෙනවා. ප්‍රවීණයන් එක්ක වගේම නව පරපුර එක්ක කළ ගීත කිහිපයකුත් එන්න තියෙනවා.
කාංචනා දැන් චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදිහටත් ජනප්‍රියයි නේද?
මං දැන් චිත්‍රපට පහකට විතර පසුබිම් ගායනයෙන් දායකවෙලා තියෙනවා. ‘සෝලෝ ටවුන්’ තිරගත වුණා. තව චිත්‍රපට කිහිපයක් එන්නත් තියෙනවා. මට අවස්ථාව ලබාදුන් නිර්මාණකරුවන් හැමෝටම ස්තුතිවන්ත වෙනවා.
ඔබ වගේ සුන්දර යුවතියකට ආදරය ගැන කියන්න යමක් ඇති?
ආදරය කියන්නේ මං මේ ලෝකෙ දකින විශාලම දේ. අපි මේ ලෝකෙ උපදින්නේ, හැදී වැඩෙන්නේ, පවතින්නේ, සමබර වෙන්නේ ආදරය මත. මේ ලබපු දුර්ලභ මිනිස් ආත්මයෙන් හැමෝටම ආදරය, දයාව, කරුණාව පතුරුවන්න මාත් නිරතුරුවම උත්සාහ කරනවා.
