
මේ දෙදෙනාගේම නම් සවනට යොමුවත්ම අපිට සිහියට නැෙගනුයේ රිදම් fmහි උදෑසන වැඩසටහනයි. ‘‘මෝනින් රිදම් විත් සකු ඇන්ඩ් යෂ්‘‘ එම වැඩසටහන වන අතර උදෑසන හතේ සිට දහය දක්වා සතියේ සෑම දිනකම පාහේ ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙයි. මෙම උදෑසන වැඩසටහන වර්තමානය වනවිට බොහෝ ප්‍රේක්ෂකයන් වැලඳගෙන සිටින වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකිය. පුද්ගලයාට වින්දනය ලබාදීම මෙන්ම හුදු දේශපාලනික, ක්‍රීඩා, අධ්‍යාපනික මෙන්ම කාලගුණික යාවත්කාලීන තොරතුරු මුල් කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කරන අතරම දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම ද මෙහිදී සිදු කරයි. මෙමඟින් පුද්ගලයන්ට ජීවත් වීමට අලුත් උත්තේජනයක් ඇති කරන බව ඔවුන්ගේ විශ්වාසයයි. මෙම වැඩසටහනේ සකුගේ චරිතය විනෝදකාමී, විහිළු චරිතයක් ලෙසින් සහෘදයා හමුවට පැමිණෙන අතර යෂ් තම වැඩසටහන කරනුයේ සකූගේ විහිළු සහගත වචනවලට නිවැරදිව පිළිතුරු ලබා ලබා දෙන්නා ලෙසිනි.
මෙවැනි උදෑසන වැඩසටහන් මගින් ජනතාවගේ දැනුම ආකල්ප සහ හැසිරීම් යහපත් ලෙස වෙනස් කිරීමට හැකියාවක් ඇති බව ඔවුන් විශ්වාස කරයි. මීට අමතරව සකු සහ යෂ් විසින් ටික් ටොක් වීඩියෝ කරමින් රසිකයන් තමා වටා ඒකරාශි කර ගැනීමට කටයුතු කරයි. මෙම වීඩියෝවලට නව පරපුරෙන් ලැබෙනුයේ විශාල ඉල්ලුමකි.
මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ සකු, නර්තනයට සමස්ත ලංකා පළමු ස්ථාන ද්විත්වයක්ම හිමිකරගෙන ඇති අතර ක්‍රීඩාවට ද දස්කම්පෑවාය. උසස් පෙළ සඳහා කළුතර ගුරුළුගෝමී විද්‍යාලයට පිවිසෙන ඇය පාසලේ උසස් පෙළ දරුවන් පමණක් සිටි නිසාද පාසලේ ආරම්භක කණ්ඩායම නිසාද මාධ්‍ය කටයුතුවලට වැඩි වශයෙන් පෙළඹුණාය.
2009 වර්ෂයේදී රන් fmහි සේවය කිරීම ආරම්භ කරන ඈ ඒ අතරතුර සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ද ලබා ගත්තාය. ඈ ගුරු වෘත්තියට යාමට ආසා කළත් මෙම වෘත්තියෙහි ඉදිරියටත් රැඳී සිටීමට ඇය තීරණය කිරීම මත Asian mirror නම් වෙබ් චැනලක සේවය කළාය. අනතුරුව 2012 වසරේදී හිරු fm හි සේවය කිරීමට ඇය පෙළඹුණ අතර එහි වසර 10ක් සේවය කරන ඇත. හිරු Tv හි විකාශනය වූ ආදරෙයි මං ආදරෙයි ටෙලිනාට්‍යයේ රෂ්නාගේ චරිතයට ද, පසුකාලීනව එහි ප්‍රධාන චරිතය වන ෂනායාගේ චරිතය ද සිය හඩෙන් රසගන්වා ඇත. මීට අමතරව හිරු Tv හි සක්වළ මිතුරෝ කාටූනයේ ගැහැණු පිටසක්වලයන්ගේ චරිත ද තම හෙඬන් ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන හැර දක්වා ඇත. තවද අනුෂ්ක විජේතිලක විසින් නිර්මාණය කරන සිංහල සුරංගනා කතා විකාශය වන You tube චැනලයක සියළුම කාන්තා චරිතවල හඬකැවීම් සිදු කරන බව ඈ පැවසුවාය.
” ගොඩක් වෙලාවට ඒ සුරංගනා කතාවල හඬකැවීම් කරනකොට සියලු කාන්තා චරිත හඬ කැවීම් කරන්න ඕන. එතකොට මායාකාරියත් මම. සුරංගනාවියත් මම. ආච්චිත් මම.
පවුලේ එකම දරුවා මම. මගේ අම්මා තමා මේ තැනට එන්න මට ගොඩක් උදව් කළේ. තාත්තා නම් වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ මම මේ ක්ෂේත්‍රයට එනවට. මගේ මහත්තයත් මට ලොකු සහයෝගයක් දෙනවා බබාලා දෙන්නත් එක්ක මේ වැඩ කරගන්න. ”
පෞද්ගලික කරුණක් නිසාවෙන් හිරු fm මාධ්‍ය ජාලයෙන් ඉවත් වූ ඇය, පසුව සියත fm හි ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ද, රිදම් fmහි ප්‍රධාන උදෑසන වැඩසටහන මෙහෙයවන්නිය ලෙස ද වර්තමානයේ සේවය කරන බවත් ඉතා සතුටින් සඳහන් කළාය.
මේ තැනට එන්න ඇයට උදව් උපකාර කළ සියල්ලන්ට මේ අවස්ථාවේදී ස්තූති කිරීමට අවස්ථාවක් කරගන්නා බවත් එහිදී විශේෂයෙන් අරවින්ද ලොකුගේ මහතාට ස්තූතිවන්ත වන බව පැවසුවාය.
යෂ් රිදම් fm හි උදෑසන වැඩසටහනට සම්බන්ධ වීමට පෙර 2019 වසරේ web fm channel එකකට සම්බන්ධ වී සේවය කළ බවත් ඉන් අනතුරුව ෂා fm හි අවුරුදු පහක් සේවය කර ඇති බවත් සඳහන් කළේය. පසුව රිදම් fm සමඟ සම්බන්ධ වූ බවත් එහිදී පළමු වරට ඔහු උදෑසනම වැඩසටහනක් සිදු කළ බවත් සඳහන් කළේය. එම වැඩසටහන ඔහුගේ පළමු අත්දැකීම වූ නිසා ඒ සඳහා බොහෝ ඇප කැප වී කටයුතු කළ බවත් එයින් උපරිම ප්‍රයෝජන ලැබූ බවත් ඔහු ඉතා සතුටින් පැවසුවේය.
” මම තනියම ඉගෙන ගත්තේ. ගොඩක් වීඩියෝ බලලා ඒ විදියට කතා කරන්න මම ඉගෙන ගත්තා.“
මීට අමතරව තායිලන්තයේ වෙබ් චැනලයක ද, විවිධ වෙළඳ අලෙවිකරණ කටයුතු ද, විවිධ වීඩියෝ සැකසුම් ද සිදු කරන බව ඔහු පැවසීය. ඔහු මෙම ක්ෂේත්‍රයට පිවිසීමට හේතුව අප හා බෙදා ගත්තේ මෙසේය.
“මම පාසල් ගියේ වාද්දූව මධ්‍ය මහා විද්‍යාලයට. එතැනදි මම ගැහැනු ළමයෙක්ට විශේෂ කැමැත්තක් දැක්වුවා. ඒ ගැහැනු ළමයා නිවේදනය කරන්න ඉතාම දක්ෂයි. මටත් ඕනෑ වුණේ ඇය වගේ වෙන්න. අපේ පාසලේ කලා උත්සවයක් තිබ්බා. ඒකේ සම්පූර්ණ වැඩසටහන නිවේදනය කළේ මම. වේදිකා නාට්‍යයකට ද මම සම්බන්ධ වුණා. මේ විදියට තමා මාගේ මාධ්‍ය ගමනට මුල් පියවර ගොඩනැඟුණේ ඊට අමතරව අද ඔහු මෙම ක්ෂේත්‍රයේ ඉන්න තැනට එන්න ඔහුගේ අම්මා, තාත්තා විශේෂයෙන් අක්කා ගොඩක් උදව් උපකාර කළ බව සඳහන් කළේය.
“සමහර වෙලාවට බස්වල යනකොට අපි කරපු ටික් ටොක් වීඩියෝ පෙන්නලා මේ ඔයා නේද කියලා අහනවා. අපි ඔයාලගේ ටික් ටොක් වීඩියෝ බලනවා කියනවා. එතකොට පුදුම සතුටක් දැනෙන්නේ. ඒක වචනයෙන් කියලා නිම කරන්න බෑ.” යෂ් පවසන්නේ සතුටිනි.
