
මේ දවස්වල සුජානි ජනප්‍රියම "පිරිමි ළමයි" ටෙලිනාට්‍යය නිසා නේද?
ඔව් ඔව් ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන "පිරිමි ළමයි" ටෙලිනාට්‍යයේ මම රංගනය තුළින් දායකවෙන "දිල්හාරා" චරිතය සෑහෙන්න ජනප්‍රියයි. ඒ වගේම ඒ චරිතයට වයස් භේදයක් නැතුව හැමෝම වගේ ආදරෙයි.
ඒ ටෙලිනාට්‍යයේයි දිල්හාරායි ශෙනායයි අතර වෙනස මොකක්ද?
දිල්හාරා කියන්නේ අඩුකුලේ ගෑනු ළමයෙක්. ඒ උනාට ඇය කුලමල භේද ගැන හිතන්නේ නැති මිනිස්සු හැමකෙනෙක්ම සම මට්ටමේ ඉන්න ඕන කියන මතයේ ඉඳගෙන වැඩ කරන ගෑනු ළමයෙක්.
සුජානිට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කිව්වොත්?
විශේෂයෙන්ම මට "පිරිමි ළමයි" ටෙලිනාට්‍යයේ දිල්හාරාට සෑහෙන ප්‍රතිචාර මේ වෙනකොට ලැබෙනවා. ඒ ටෙලිනාට්‍යයත් රටේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් නිසා හුඟාක් සතුටුයි.
සුජානිගේ රංගන ජීවිතේ මුල කොතැනද?
මගේ රංගන ජීවිතේ මුල තමයි ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වූ "කෝලම් කුට්ටම" ටෙලිනාට්‍යය. ඒක අධ්‍යක්ෂණය කළේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා. තිර රචනය කළේ සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා. මං ටෙලිනාට්‍යයේ කළේ "භාග්‍යා" කියලා චරිතයක්.
එදා ඔබට "කෝලම් කුට්ටම" ටෙලිනාට්‍යය සඳහා සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?
දවසක් මට යාළුවෙක් ෆේස්බුක් එකේ තිබුණු පෝස්ට් එකක් එව්වා. ඒ එවපු පෝස්ට් එකේ සඳහන් වුණේ ඒ වෙද්දි පුංචි තිරයේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වූ "නාඩගම්කාරයෝ" අවසන් වුණාට පස්සේ ඒ වෙනුවට විකාශනය වෙන්න නියමිත අලුත් ටෙලිනාට්‍යයට නර්ථනය පුළුවන් තරුණියක් හොයනවා කියලා. මං ඒ වෙනකොට සම්ප්‍රදායික නර්ථනය කරලා පායිම්පත් එහෙම තියලා හිටියේ. ඉතින් මමත් නැටුම් පුළුවන් නිසා තිර පරීක්ෂණයට ගියා. තිර පරීක්ෂණය තිබුණේ සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ගේ සහ චේතනී විජේසිංහ මිස්ගේ රංගනය උගන්වන "ඉන්පාස්" ආයතනයේ. කොහොම හරි මං තේරුණා. පහුවදා ඉඳන් රූගතකිරීම් තිබුණා.
ඒ කියන්නේ සුජානිට රඟපාන්න අවස්ථාව උදාවුණේ නර්ථනය හදාරලා තිබුණු නිසා?
ඔව් සමහර විට මං නැටුම් හදාරලා නොතිබුණා නම් අද මේ ඉන්න තැන නැතිවෙන්නත් තිබුණා.
එතකොට සුජානි පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
නැටුම් ගුරුවරියක් වෙන්න. ඒකයි සම්ප්‍රදායික නර්ථනය හැදෑරුවේ. මම පාසලේ 10 පන්තියේ ඉන්නකොට පායිම්පත් තිබ්බා.
රඟපාන්න ගිහින් සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?
"කෝලම් කුට්ටම" ටෙලිනාට්‍යයේ රූපගතකිරීම් කරද්දි ගොඩාක් අවස්ථාවලදි අපිට මාදු ගඟේ ඔරු පදින්න තිබුණා. මුලදි නම් ඒක හරි අපූරුම අත්දැකීමක් වුණත්, පස්සේ දැනගන්නට ලැබුණා ගඟේ කිඹුල්ලු ඉන්නවා කියලා. එදායින් පස්සේ ඔරු පැද්දේ පණ බයෙන්.
එතකොට සුජානිට ඔරු පදින්න පුළුවන්ද?
ඇත්තටම බැහැ. පදින්න පුළුවන් වුණාට ඔරුව කෙළින් අරගෙන යන්න බෑ. ඒක නිසා ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිළිය විදිහට හිටපු කාවින්ද්‍යා දුල්ෂානි අක්කට තමයි හැමවෙලේම ඔරුව පදින්න වුණේ. එයාට හොඳට ඒක පුළුවන්.
සුජානිට හරි අපූරුවට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා නේද?
පාසල් කාලේ ඉඳන්ම වගේ ගායන හැකියාවත් තිබුණා මගේ අම්මා, මගේ ගුරුවරු ඒ හැකියාව දැකලා ඒ පැත්තෙනුත් ඉස්සරහට යන්න උදව් කළා. විවිධ ගායන වැඩවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. සංගීත කණ්ඩායම් එක්කත් කටයුතු කරපු අවස්ථා තිබුණා. ඒ වගේමයි එක සැරයක් ප්‍රසිද්ධ ගායනා රියලිටි වැඩසටහනකත් හිටියා.
ඉතින් සුජානිට ගීතයක් කරන්න ආසාවක් එහෙම නැද්ද?
ඇත්තටම තියෙනවා. ඉදිරියේදී අනිවාර්යෙන්ම ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට සුජානිගේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
මගේ ගම ගිරිඋල්ල. මට ඉන්නේ අම්මා විතරයි.
ඒ කියන්නේ සුජානි පවුලේ එකම දරුවාද?
ඔව් මම එකම දරුවා තමයි.
සුජානි අහලා තියෙනවාද අර "එකා යකාලු" කියන කතාව?
පවුලක එක දරුවෙක් හිටියොත් ඒ දරුවා ටිකක් වසවෙනවා කියනවනේ. ඒකලු ඔය "එකා යකා" කියන කතාව ඒ කාලේ හැදිලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අපේ ගෙදරට නම් ඒ කතාව හොඳටම ගැළපෙනවා. මොකද මං ටිකක් වසයි.
"ටිකක් වසයි" කියන එකෙන් අදහස් කළේ?
සෑහෙන්න දඟයි. මට මතකයි මං පාසල් යන කාලේ රණ්ඩු කෙක්කක්. කොල්ලෝ එක්කත් හිටපු ගමන් මං රණ්ඩුවෙලා තියෙනවා.
ඒ රණ්ඩු කෙක්කට රණ්ඩු වෙන්න කෙනෙක් එහෙම දැන් මුණහැගිලා තියෙනවද?
ඇත්තටම ආදර යෝජනා එනවා. හැබැයි තවම මං හොයන කෙනා මුණගැහුණේ නෑ. 
