මේ දවස්වල කාගෙත් ආදරය ලබන සීනිබෝලේ - රස්දි කවීර්ණා

gossiplanka image 2
මේ දවස්වල කා අතරත් ජනප්‍රිය චරිතයක් තමයි සීනිබෝලේ, මේ චරිතය අපිට මුණගැහෙන්නේ නිවන්ත ප්‍රසාර හිරු නාළිකාවට අධ්‍යක්ෂණය කරන රොන් සොයා නාට්‍යය තුළින්. සීනිබෝලේ තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්නේ රස්දි කවීර්ණා වන්නිආරච්චි. ඒ ඇයගේ කුලුඳුල් ටෙලි නාට්‍යය රංගනය ලෙසින්. මේ කතාබහ සීනිබෝලේ හෙවත් රස්දි කවීර්ණා වන්නිආරච්චි සමඟ


 සීනිබෝලේ ලෙස මේ දවස්වල අතිශය ජනප්‍රියයි නේද, කොහොමද මේ ජනප්‍රියත්වය දැනෙන්නේ?


ඔව්. දැන් හැමෝම මාව දන්නේ සීනි බෝලේ කියලා. කොහේ ගියත් ආ මේ සීනි බෝලේනේ කියලා කතා කරනවා. ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන කියන්න මට වචන නැහැ. ඒ දැනෙන හැඟීමට මම කැමතියි.


 රොන් සොයා නාට්‍යයට ඇරියුම් ලැබුණේ කොහොමද?


ඒ ගැන කෙටියෙන්ම කිවුවොත් අහම්බයක්.


 සීනිබෝලේ කියන චරිතේ ගැන කෙටියෙන් කිවුවොත්?


රොන් සොයා ටෙලි නාට්‍යයේ මගේ චරිතේ වෙන්නේ අම්මා තාත්තාගේ ආදරය ළඟ හැදෙන හරි ආදරණීය ළමයකුගේ චරිතයක්. ඒ වගේම මගේ චරිතේ තුළින් සමාජයට හරි ලස්සන පණිවුඩයක් ලබා දෙනවා. එතැනින් එහාට චරිතේ කොහොමද ඉදිරියට ගලාගෙන යන්නේ කියන ඒක දැන ගන්න නම් අපේ රොන් සොයා නාට්‍යය දිගටම බලන්න ඕනේ.


 පළමු නිර්මාණයෙන්ම මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙයි කියලා හිතුවද?


ඇත්තෙන්ම නැහැ. මම හිතුවෙවත් නැහැ ප්‍රධාන චරිතයකට මට ඇරියුම් ලැබෙයි කියලා. මම රංගනය ගැන හැදෑරීමක් කරලා තිබුණෙත් නැහැ. එහෙම වෙලත් ප්‍රධාන චරිතයක් කරලා මේ තරම් ආදරයක් ලබනවා කියන එක ගැන හරිම සතුටුයි.


 අමතක නොවන මතක එහෙම ඇතිනේද?


රොන් සොයා ඩ්‍රාමා එකම මගේ ජීවිතේට අමතක නොවන මතකයක්. මොකද මගේ පළමු නාට්‍යය ඒක නිසා. ඒ එක්කම අමතක කරන්න බැහැ පළමුවැනි ෂොට් එක. එදා තිබ්බේ ශිරෝශී අක්කටයි මටයි බයික් එකේ යන්න. එයාට බයික් පදින්නත් බැහැ.ඒ නිසා ඒක ලොකු අභියෝගයක් වුණා. කොහොම හරි එයා මාවත් පිටිපස්සෙ තියාගෙන තමයි ඒක පුරුදු වුණෙත්. ඒ දවස අමතක වෙන්නේ නැහැ. එදා ඒ අභියෝගයට අපි දෙන්නා කොහොම හරි මූණ දුන්නා. අදටත් අපි දෙන්නා ඒ දේවල් මතක් කර කර හිනාවෙනවා.


රස්දි කවීර්ණා ගැන විස්තර කිවුවොත්


මගේ ගම මාතර අකුරැස්ස. මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා මල්ලි. මම පාසල් ගියේ ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයට.


මම හිතුවේ නැහැ කවදාවත් මට නිළියක් වෙන්න පුළුවන් වෙයි කියලා. මම ෆොටෝ ෂූට්වලට ආසාවෙන් හිටියා. නිළියක් වෙන්න ආසාවකුත් තිබුණා. ඒත් ඒ දේ මට ඉෂ්ට කර ගන්න පුළුවන් කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ.


 මේ වෙද්දීත් තව නිර්මාණ භාරගෙන තියෙනවද?


දැනට නම් නම් වෙන නිර්මාණ භාරගෙන නැහැ. මේ වෙද්දී වෙළෙඳ දැන්වීම්වලට දායක වෙනවා.


 දැන් දිගටම රඟපාන්න ද කැමැත්ත


රඟපාන්න ආසයි. දැනට මේ නාට්‍යය අවසන් වෙනකම් මේ නාට්‍යය එක්ක ඉන්නවා. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා.


 ක්ෂේත්‍රයේ ප්‍රවීණ අයගෙන් ලැබුණු සහයෝගය මොනවගේද?


ජගත් චමිල අන්කල්, ශිරෝෂි අක්කා සහ මගේ තාත්තට ඉන්න නිරෝෂන් අංකල් මට හරිම ආදරෙයි. කලාවේ මගේ ගමන යන්න අවශ්‍ය දේවල් නිතරම මට කියා දෙනවා.


 කලාවට එද්දී ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?


මගේ කලා ජීවිතේ ගමනට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. මේ වෙලාවේ මගේ අම්මා, තාත්තා හරිම ආදරෙන් මතක් කරනවා. අපි මුලින් හිටියේ මාතර. මාතර ඉඳන් අපි කොළඹ ආවා. තාත්තා හැම වෙලාවකම මගේ පස්සෙන් ඉඳගෙන මට උදවු කරනවා. තාත්තා මාව ෂූටින් එක්කගෙන යනවා වගේම මට හැමදෙයකටම උදවු කරනවා. අම්මත් එහෙමයි. මගේ හෙවණැල්ල වගේ මගේ පස්සෙන්ම ඉන්නවා.


 රස්දි විලාසිතාවලට වැඩි නැඹුරුවක් තියෙනවා වගේ නේද?


මම අඳින්න කැමතිම ටිකක් ඕව සයිස් ඇඳුම්…ලොකු ටී ෂර්ට්…දැන් නම් සමහර වැඩත් එක්ක මම කැමති විදිහටම මට අඳින්න බැහැ. මොකද ඒ වැඩත් එක්ක ගැලපෙන ඇඳුම් අඳින්න වෙන නිසා..හැබැයි ඉතින් මම අඳින්න කැමතිම පෑන්ට් එකයි ඕව සයිස් ටී ෂර්ට් එකයි අඳින්න. මට හරි සැහැල්ලුයි එහෙම ඇන්දම.


 රස්දි කියන්නේ මොන වගේ චරිතයක් ද කියලා රස්දිගෙන්ම ඇහුවොත්


ගොඩක් සංවේදී කෙනෙක්. හැබැයි ඉක්මනින් තරහාත් යනවා. ඒ වගේම කවුරු හරි මොනවා හරි කිවුවොත් ඒ ගැන ගොඩක් හිතනවා. ඒ එක්කම ඉක්මනින් දුක හිතෙනවා. කෙටියෙන්ම කිවුවොත් මම හරිම ඕවතින්කින් කෙනෙක්.


 අනාගත බලාපොරොත්තු මොනවාද?


මේ වෙද්දී මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගනීම් කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ රංගන කටයුතු වගේම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගන්න එක තමයි අනාගත බලාපොරොත්තුව.

gossiplanka image 1
Previous Post Next Post