අපිට ඕනෑ පළමු වැනියා වෙන්න නෙවෙයි දෙවැනියා වෙන්නයි -චානුක මොරගොඩ

 


වර්තමානයේ බොහෝ රසිකයන්ගේ රසවින්දනය උදෙසා නවක තරුණ කලාකරුවන් කලා ක්ෂේත්‍රය තුළ විවිධ වෙනස්කම් වේගයෙන් සිදුකරනවා. එවැනි වෙනස්කම් ගොන්නක් සංගීත ක්ෂේත්‍රය තුළ සිදු කළ යොවුන් සංගීත කණ්ඩායමක් විධියට yaka crew සංගීත කණ්ඩායම හඳුන්වා දෙන්න පුළුවන්.


ශ්‍රී ලංකාවේ අනන්‍යතාවත්, අපේකමත් එකතු කරගෙන ගමනක් යන මෙම සංගීත කණ්ඩායම ඔවුන්ගේ සංගීතයේ රසය තවත් රසවත් කිරීමට බටහිර සංගීතයද මුසු කරගෙන තිබෙනවා. ඔවුන්ගේ මේ සංගීත ගමනේ තොරතුරු රසික ඔබත් සමඟ බෙදාහදා ගැනීමට මෙවර  සම්බන්ධ වුණේ yaka crew සංගීත කණ්ඩායමේ නායක චානුක මොරගොඩයි.


කොහොමද මේ දිනවල වැඩකටයුතු?


අපි මේ දිනවල බෑන්ඩ් එකේ වැඩකටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ වගේම  ප්‍රසංගවලටත්, වෙඩින්වලටත් සහභාගි වන නිසා කාර්ය බහුල වන අවස්ථාත් තිබෙනවා. ඒ වැඩකටයුතුත් සමඟ බෑන්ඩ් එකේ සාමාජිකයන්ට තරමක් වැඩ අධිකයි. නමුත් අපි නිදහසේ සැලැස්මක් සහිතව වැඩටික කරගෙන යනවා.


සංගීත කණ්ඩායමේ සංගීත ශෛලියට රසිකයන්ගෙන් තිබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?


අපේ සංගීත කණ්ඩායම එකම සංගීත ශෛලියක් නැහැ. සාම්ප්‍රදායික සංගීතයත් සමඟ බටහිර සංගීතයත් එකතු කරමින් තමයි අපේ නිර්මාණ රසිකයන්ට ලබාදෙන්නේ. එකෝස්ටික්  සංගීත කණ්ඩායමක් විධියට.


කචඬච ජපඥඹ සංගීත කණ්ඩායමට එදා වගේම අදත් රසිකයන්ගෙන් හොඳ රසික  ප්‍රතිචාර තිබෙනවා. මොකද අපේ සංගීත කණ්ඩායම මඟින් හැමවිටම රසිකයන්ට හොඳ රසවින්දනයක් ලබාදෙනවා. ඒ නිසා රසිකයන්ගේ ආදරය වගේම ගෞරවයත් yaka crew සංගීත කණ්ඩායමට ලැබෙනවා.


yaka crew වගේ වෙනස් නමක් යොදන්න හිතුවේ ඇයි?


බෑන්ඩ් එකේ නම වෙනස් නමක් විධියට මම දකින්නේ නැහැ. යකා කියන්නේ අපේ සිංහල භාෂාවට ගොඩක් සමීප වචනයක්. ඒ නිසා නම වෙනස් විධියට  දැනෙන්න හේතුවක් නැහැ. මට හිතෙන්නේ yaka Crew වගේ නමක් තමයි අපිට ගැ‍ළපෙන්නේ. ඒ නමේ ලොකු හුරුවක් අපිට  තිබෙනවා. බෑන්ඩ් එකේ නමට ගැළපෙන විධියේ නිර්මාණ අපි සිදු කොට  තිබෙනවා. ඊට අමතරව තමයි අපි ‍ලංකාවේ අනන්‍යතාවත් සමඟ බටහිර සංගීතයත් එකතු කරමින් අලුත් නිර්මාණ රසිකයන්ට ලබා දෙන්නේ.


කාල යාත්‍රා ගැනත් රසිකයන්ට කියමු?


කාල යාත්‍රා කියන්නේ කතාවක්. කතාංග (episode) හතරක පොඩි කතාවක් විධියට තමයි කාල යාත්‍රා නිර්මාණය කරලා තිබෙන්නේ.


මෙහි අන්තර්ගත පැහැදිලි කළොත් මෙතෙක් අපි ඉදිරිපත් කරපු සංගීත ප්‍රසංග ඇතුළත් පෙන් ඩ්‍රයිව් එකක් නැතිවෙලා. ඒක වසර 30කට පසු ඒ කියන්නේ 2054දි  නැවත අපිට ලැබෙනවා. එහිදී සිදුවන අපූරු සිදුවීම් මාලාවක් තමයි කාල යාත්‍රා කතා මාලාව තුළින් අපි ඉදිරිපත් කරන්නේ. මේ කතාමාලාවේ රූගතකිරීම්වලට  ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ දායකත්වයත් ලැබුණා. මෙම නිර්මාණයේ අධ්‍යක්ෂණය සුජීව ප්‍රියල් සිදු කළ අතර කැමරාකරණය චින්තක ඩී. බණ්ඩාර සිදු කළා.


මෙතෙක් ආ සංගීත ගමනේ ඔබේ සංගීත කණ්ඩායම ජනප්‍රිය වුණු ගීත ගැනත් මතක් කරමු?


මේ වන විට අපි ගීත ගණනාවක් නිර්මාණය කොට තිබෙනවා. ඒ අතරින් ජනප්‍රියම ගීතය විධියට යක්කුත් පිටියට ආවා ගීතය පෙන්වා දෙන්න පුළුවන්. මේ ගීතයේ පද රචනය, සංගීතය කළේ මමමයි. ඊට අමතරව ගීතයේ රැප්  එක නිර්මාණය කළේ ඩිලෝ. ඒ වගේම මේ ගීතය මික්ස් මාස්ටර්  කළේ  යුකී  නවරත්නයි. ඔහුවත් විශේෂයෙන්  මතක් කරන්න ඕනෑ. යක්කුත් පිටියට ආවා ගීතය මේ වන විට යූටියුබ් නාළිකාවේ නැරඹුම් වාර මිලියන 10ක් පසු කර තිබීමත් අපිට ලොකු සතුටක්. රාවණා ගීතයටත් එවැනිම ප්‍රතිචාර තිබෙනවා. ඊට අමතරව සෝබනී, උම්මාහ් හා සුන්දර ළන්දා ගීතත් රසිකයන් අතර වේගයෙන් ජනප්‍රිය වුණා.


බෑන්ඩ් එක මඟින් කරන්න බලාපොරොත්තු වෙන අලුත් නිර්මාණ ගැනත් කතා කරමු?


බෑන්ඩ් එක මඟින් අලුත්ම වැඩ ටිකක් කරන්න අදහසක් තිබෙනවා. ඒ නිර්මාණවල වැඩකටයුතු සැලසුමකට අනුව මේ දිනවල කරගෙන යනවා. අපි අපේ රසිකයන්ට වගේම නව තරුණ පරම්පරාවට ගැළපෙන අලුත්ම නිර්මාණය කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.


ඉදිරියේදී හොඳ වැඩ කිහිපයක් yaka crew සංගීත කණ්ඩායම තුළින් බලාගන්න පුළුවන්.


බෑන්ඩ් එකේ අනාගත සැලසුම් ගැනත් කියමු?


අපේ බෑන්ඩ් එකේ ඉදිරි වැඩ ගැන කතා කළොත් අපේ ප්‍රසංග කටයුතුත්, සංගීත වැඩකටයුතුත් හොඳින් සාර්ථකව කරගන්න ඕනෑ. ඊට අමතරව අපේ ඔරිජිනල්ස් ගීත කරන්නත් අදසක් තිබෙනවා. ඒ වෙනුවෙන් මේ දිනවල මහන්සි වෙනවා. මේ  වැඩ කටයුතුත් සමඟ අපේ සංගීත ගමන හොඳින් සාර්ථකව කරගෙන යන එක තමයි yaka crew බෑන්ඩ් එකේ බලාපොරොත්තුව.


වර්තමානයේ සංගීත කණ්ඩායම් අතරින් අංක එකේ තිබෙන්නේ කවර සංගීත කණ්ඩායම  කියලද ඔබ හිතන්නේ?


මේ වනවිට ලංකාවේ සංගීත කණ්ඩායම් අතරින් කුමන සංගීත කණ්ඩායම පෙරමුණේ සිටිනවාද කියලා මට අදහසක් නැහැ. නමුත් මේ තරගකාරි ලෝකයේ හැම දෙනාගෙම ඉලක්කය හැම දෙයකින්ම පළමුවැනියා වීමයි. රචඬඥ ජපඥඹ අපේ බෑන්ඩ් එකට කිසිවෙක් සමඟ තරගයක් නැහැ. මේ මොහොතේ කවුරුන් හෝ අපිව  පසුකර පෙරමුණේ සිටිනවා නම් ඒ ගැන අපිට කනගාටුවක් නැහැ. yaka crew අපිට හැමවිටම ඕනෑ දෙවැනි තැනයි. මොකද කවුරුත් දෙවැනි තැනට තරග කරන්නේ නැහැ.


දෙව්මී චමීෂා



Previous Post Next Post