ලංකාවේ උසම බ්‍රයිඩ් ටු බී කේක් එක මා වෙනුවෙන් නිර්මාණය වුණා-සංජානා ගමාආරච්චි

 



සංජානා ගමාආරච්චි කියන්නේ ජනප්‍රියම රංගන ශිල්පිනියක්. ඇය ඉතාම ආදරණීය චරිතයක්. ඇයගේ විවාහ මංගල්‍යය ඉතාම උත්සවශ්‍රීයෙන් පසුගිය සතියේ පැවැත්වුණා. සංජානාගේ බ්‍රයිඩ් ටු බී එකේ ඉඳන් විවාහ මංගල්‍ය දක්වා පැවැති හැම උත්සවයක්ම සමාජ මාධ්‍යය තුළ දැඩි කතාබහකට ලක් වුණා. ලංකාවේ ලොකුම බ්‍රයිඩ් ටු බී ඉවෙන්ට් එක වගේම මෙතෙක් ලොකුම බ්‍රයිඩ් ටු බී කේක් එක නිර්මාණය වුණෙත් සංජානාගේ විවාහ මංගල්‍යට පෙර. ඒ ගැන වගේම අලුත් වුණු ජිවිතේ ගැන පිනිපලස කළ සොඳුරු කතාබහයි මේ...




සංජානා අලුත් වුණු ජිවිතේ කොහොමද?




ජිවිතේ ඉතින් සුන්දරව සතුටින් ගලා යනවා.




ජිවිතේ හොඳම හමුවීමද මේ




ඇත්තෙන්ම ඔව්. දැනට නම් මට ලැබුණු හොඳම හමුවීම තමයි. හැබැයි අනාගතය ගැන මම කියන්න දන්නේ නැහැ, මොකද අනාගතේ දී මොකක් වෙයිද කියන එක මට දැන්ම කියන්න බැහැනේ. ඒ නිසා මම ගෙවෙන මේ මොහොතේ සතුටින් ඉන්න තමයි උත්සහ කරන්නේ.




විහඟගෙන් රංගනයට තහංචි නැද්ද?




අනේ නැහැ.




හැමෝම කතා වුණා සංජානාගේ බ්‍රයිඩ් ටු බී ඉවෙන්ට් එක ගැන




අනේ ඔව්. ඒ ගැන කියන්නම ඕනේ. මට ඕනේ වෙලා තිබ්බේ වෙනස් දෙයක් කරන්න. මම ඒ ගැන මුලින්ම කිව්වේ ප්‍රොමිසස් බයි හංසලී සමරවික්‍රම ආයතනයට. ඉතින් හංසලි අක්කා තමයි මගේ බ්‍රයිඩ් ටු බී ඉවෙන්ට් එක මේ විදියට සිදු කළේ.




දැනගෙන හිටියද ලංකාවේ උසම බ්‍රයිඩ් ටු බී කේක් එක සහ ලොකුම ඉවෙන්‍ට් එක කරන්න යන්නේ කියලා...




ලංකාවේ උසම බ්‍රයිඩ් ටු බී කේක් එක නිර්මාණය වෙන බව දැනගෙන හිටියා. නමුත් මමවත් හංසලී අක්කාවත් දැනන් හිටියේ නැහැ මේක තමයි ලොකුම බ්‍රයිඩ් ටු බී ඉවෙන්‍ට් එක කියලා. අපි ඉවෙන්ට් එක කරාම තමයි ඒ ගැන නම් දැන ගත්තේ. මෙහි සියලුම සංකල්පය සහ සැලසුම ප්‍රොමිසස් බයි හංසලී සමරවික්‍රම ආයතනයයි. හංසලී අක්කා ඇතුළු කණ්ඩායම මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. විශේෂයෙන්ම කේක් එක නිර්මාණය කරපු ලංකා චාන්දනී සහ ඡායාරූපකරණය සහ වීඩියෝකරණය කළ ධනුෂ්ක සේනාධීර, හැඩගැන්වීම් කරපු කවින් පෙරේරා සහ විහඟ ඇතුළු පිරිසගේ කොණ්ඩා සැකසු කළ සැලෝන් ලියෝ, ඒ එක්කම මල් සැකසුම් කළ දිලුම් බණ්ඩාරව. අපි හැමෝගෙම ඇඳුම් නිර්මාණය කළේ එච් ඇන්ඩ් එච් බ්‍රයිඩ්ල් ආයතනය. බ්‍රයිඩ් ටු බී එක අපි ශුට් එක කළේ පානදුර ද බාර්න් හවුස් එකේ. මේ සියලුම දෙනා වගේම මගේ මේ දවස ලස්සන කර ගන්න මහන්සි වුණු හැම කෙනෙක්වම මම ආදරෙන් මතක් කරනවා.




උඩරට මනාලියක් ලෙසින් හැඩවුණු දවස ගැන මතක් කරොත්...




ඇත්තෙන්ම මම ආස කළා සරල විදියට උඩරට මනාලිය ලෙසින් සැරසිලා පෝරුවේ චාරිත්‍ර කරන්න. ඒ නිසා තමයි මුල් දවස මම ඒ වෙනුවෙන් වෙන් කළේ. පෝරුවේ චාරිත්‍ර තිබ්බේ බොල්ගොඩ පැරඩයිස් හෝටලයේ. ඒ දවස ලස්සන කරන්න මහන්සි වුණේ The Wedding House By Vikumum හි විකුම් අයියා ඇතුළු කණ්ඩායම. ඒ එක්කම ලස්සනට මගේ දවස සුන්දර මතක අතරට එකතු කරන්න ඡායාරූප සහ වීඩියෝ කරේ ධනුෂ්ක සේනාධීර අයියා. මාව හැඩ කළේ Bridal Alchemy හි කවීන් පෙරේරා. ඒ එක්කම මගේ ඒ දවස ලස්සන කරන්න එකතු වුණු හැමෝම ආදරෙන් මතක් කරනවා.




දෙවැනි දවස ගැනත් නොකිව්වොත් අඩුවක් වගේ...




මට මගේ ඉන්න යහළු යෙහෙළියන් එක්කත් මගේ ජිවිතේ ලස්සනම දවස ලස්සනට සමරන්න ඕනේ කියලා හිතුණා. ඒ නිසාම බටහිර ක්‍රමයට සැරසිලා මංගල කටයුතු සිදු කළා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී. ඒ දවසේ සියල්ල සැලසුම් කළේ ANK Weddings & Events Planning හි බුලත්සිංහල නලින්ද අයියා. කවීන් තමයි මාව සුපුරුදු විදියට එදාත් ලස්සනට හැඩ කළේ. ඇඳුම නිර්මාණය කළේ චමිල් උදයංග. ඒ වගේම ඒ දවසේ ලස්සන මතක රූපරාමු අතරට ගත්තේ ලක්මාල් සිංහාරගේ. ඒ දවස වෙනුවෙන් මහන්සි වුණු හැමෝටමත් මගේ දෙවැනි මනාලියන් 10 දෙනා සහ දෙවැනි මනාලියන් 10ලෙසින් එක් වුණු මගේම සහෝදර ශිල්පීන් සහ ශිල්පිනියන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.




සංජානා ආයෙම ඔස්ට්‍රේලියාවට යනවද?




නැහැ. මම දිගටම ලංකාවේ ඉන්න තමයි අදහස.




ඒ කියන්නේ දිගටම රංගන කටයුතු සිදු කරනවා...




ඔව්. එහෙම හිතන් ඉන්නවා. මේ වෙද්දීත් නිර්මාණ කිහිපයක වැඩ කරනවා.




සංජානා දැන් කෙට්ටු වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?




වෙඩින් එක නිසා තමයි ඇඟ අඩු කර ගත්තේ. දැන් හැබැයි කෙට්ටු වෙලා වැඩියි වගේ කියලත් හිතෙනවා. මේ දවස්වල මම හිරු මෙගා ස්ටාර් එකේ ඩාන්ස් කරනවා. ඩාන්සින් කරන නිසා තවත් ඇඟ කෙට්ටු වෙලා තියෙන්නේ.




සංජානාගේ ව්‍යාපාර සිහිනය තවමත් එහෙමද?




ඔව්. මේ වෙද්දීත් ලංකාවේ මගේම කියලා ව්‍යපාර කටයුතු කිහිපයකුත් පටන් ගනිමින් ඉන්නේ. ඒ වැඩ කටයුතු ගැන ඉදිරියේදී කියන්නම්.




අවසාන වශයෙන් කියන්න දෙයක් ඇති...




මගේ මංගල දිනය ලස්සන කරගන්න ලොකුම ලොකු පවුලක් මා එක්ක හිටියා. විහඟ ලංකාවට ආවේ වෙඩින් එකට සති දෙකකට කලින්. ඉතින් මට මේ හැමදේම ලස්සනට කරගන්න මගේ වටා හිටිය හැම කෙනෙක්ම සෑහෙන්න උදව් කළා. ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතිවන්ත වෙන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කවීන් සහ නෙරංජන් අයියා. මාව හැම තැනකටම එක්කගෙන ගියා. හැමෝගෙම නම් කියන්න බැහැනේ. ඒ නිසා ඒ හැමෝටම ආදරෙයි කියන්නම්.




මේ කතාබහට අපි සංජානාගේ ආදරණිය සැමියා විහඟවත් එකතු කරගත්තා. විහඟ මුල් වරට තමා පුවත්පත් කතාබහකට එකතු වෙන්නේ...




විහඟ නම් ආයෙම විදෙස් ගත වෙනවා නේද?




ඔව් මම තව සතියක් වගේ කාලයක් ලංකාවේ ඉන්නේ. ඊට පස්සේ සුපුරුදු විදියට ඔස්ට්‍රේලියාවට යනවා.




සංජානාගේ හමුවීම ගැන දැනෙන්නේ කොහොමද?




මම හිතන්නේ මේ මගේ ජීවිතේට හමුවූ හොඳම හමුවීම. ඒ නිසා තමයි අපි කසාද ජිවිතයට පවා එන්න හිතුවේ. අපි දෙන්නගේ ජිවිත ගැන අපි දෙන්නටම හොඳ අවබෝධයක් තියෙනවා.




සංජානාට දිගටම රඟපාන්න අවසර දීලාද තියෙන්නේ...




ඔව්. අපි විවාහ ගිවිසගෙනත් අවුරුදු දෙකහාමාරක් වගේ කාලයක් ගත වුණා. ඒ කාලය තුළත් එයා රඟපෑම් කටයුතු කළා. ඒ එක්කම විදෙස්ගතවත් හිටියා. ඉදිරියටත් දෙපැත්තම බැලන්ස් කරගෙන යයි.




සංජානා මේ සැරේ ගොඩක් කෙට්ටු වෙලා හිටියේ, විහඟ කැමැති දැන් ඉන්න විදියටද?




මම නම් ඇත්තටම එයා ගොඩක් කෙට්ටු වෙනවට කැමැති නැහැ. එයා ලංකාවට එන්න කලින් හිටියට වඩා දැන් කෙට්ටුයි. ඒකට හේතුව එයා මේ දිනවල හිරු මෙගා ස්ටාර් එකේ ඩාන්ස් කරනවා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. මුල් කාලයේ එයා ඩයට් ප්ලෑන් එකකට ගියේ වෙඩින් එක වෙද්දී ඇඟ හදාගන්න. නමුත් ඩයට් එකත් එක්කම ඩාන්ස් කරන්න ගත්ත එකත් එක්ක හිතුවට වඩා කෙට්ටු වුණා. මේ දවස් ටිකේ ආයේ පොඩ්ඩක් හරි ගාණට ඇවිත් තියෙනවා.




විහඟටත් කලාවෙන් ඇරයුමක් ලැබුණොත් භාර ගනීද?




කොහෙත්ම නැහැ. මම කලාවට කිසිම විදියකට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. මම මගේ රැකියාව සහ ව්‍යාපාර පැති ටික කරගෙන ඉන්නවා. මම ලංකාවට එනවා යනවා මිසක දීර්ඝ කාලයක් ලංකාවේ රැඳෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. යම් කිසි දවසක ලංකාවට ඇවිත් ජිවත් වෙන්න ආසයි. නමුත් මේ කාලයේ කරන්න බැහැ.




ඔබේ රැකියාව මොකක් ද?




තොරතුරු තාක්ෂණ කෂේත්‍රයේ රැකියාව කරන්නේ.




විහඟගේ පවුලේ තොරතුරු මොනවද?




මම පවුලේ තනි ළමයා. මගේ තාත්තා මට අවුරුදු 16දී නැතිවෙනවා. එතැනින් පස්සේ අම්මා තමයි හැමදේම කළේ. පාසල් ගියේ කොළඹ නාලන්දා විද්‍යාලයට. ගම බත්තරමුල්ල කොස්වත්ත.




පවුලේ එකා යකා කියනවනේ, විහඟත් එහෙමද?




එකා යකා කියලා හිතනවා.




සංජානාගේ වෙනස් වෙන්න ඕනේ දේ මොකක්ද?




වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න ඕනේ මොන වැඩේට යන්න ගියත් අන්තිම මොහොතේ තමයි ලෑස්ති වෙන්නේ. ඒක ජිවිතේ එක කෑල්ලක් විතරයි. ඒ හැර අනිත් දේවල් ඔක්කොම හොඳයි.




දෙන්නා අතර රණ්ඩුවක් වුණොත් මුලින්ම කතා කරන්නේ කවුද?




මුලින්ම කතා කරන්නේ මම තමයි. එයා සාමාන්‍යයෙන් තරහ වුණොත් නිහඬව ඉන්නවා. ෆෝන් එක බලන් ඉන්නවා හෝ ටීවී බලනවා.




අනාගත සැලසුම් මොනවද?




විශේෂ බලාපොරොත්තු නැහැ. ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන එක සහ මගේ රැකියාව කරගෙන ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන එක තමයි.



Previous Post Next Post