2025 වසර ආරම්භ වූ සැණින් අපට සිනමා තිරයෙන් දකින්නට ලැබුණේ හර්ෂ උඩකන්ද සිනමා නිර්මාණයක් වූ රෝස ආදරේ සිනමා සිත්තමයි. ඒ ඔස්සේ සිනමා ලෝකයට නවක කඩවසම් තරුවක් සිනමා තිරයේ අපට දැකගන්නට හැකිවිය. රෝස ආදරේ සිනමාපටයේ රයන්ගේ චරිතය හරහා නිමේෂ් එදිරිසිංහ නම් නවක රංගන ශිල්පියා තම කුලුඳුල් රංගනයෙන් සිංහල සිනමාවට අවතීර්ණ විය. තම කලා දිවියේ ආරම්භයේ සිට රෝස ආදරේ දක්වා ආ ගමන්මඟ ගැන කතාබහ කිරීමට නිමේෂ් පසුගිය දිනෙක සරසවිය සමඟින් එක්විය.
ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද ?
පුංචි කාලේ ඉඳන් කලාව පැත්තට ආසාවක් තිබුණා. මට පුංචි කාලේ ඉඳන්ම නටන්න, ගයන්න හැකියාව තිබුණා. මම ඉගෙන ගත්තේ පානදුර මහානාම නවෝද්‍යා පාසලේ. දහය එකොළහ වසර වලදී මගේ තාත්තා මාව සංගීත ප්‍රසංගවලට එක්කන් ගියා සිංදු කියන්න. තාත්තා රෙස්ටුරන්ට් කළා. සංගීත ප්‍රසංගවල සංවිධායකවරුන්ට, පැමිණෙන ශිල්පීන්ට කෑම බීමෙන් අනුග්‍රාහකත්වය දැක්වූයේ තාත්තා. ඒ නිසා මට අවස්ථාව ලැබුණා ඒ සංගීත ප්‍රසංගවල සිංදු කියන්න. අම්මා නම් කැමැති වුණේ මම රඟපානවට. මගේ අම්මා තාත්තා තමයි මාව කලාකරුවෙක් කළේ.
පාසැල් කාලයෙන් පසුව ඔබ ගායකයෙක් විදිහට කටයුතු කළා නේද?
ඔව්. පාසැලෙන් සමුගත්තට පසුව මමයි, තව යහළුවන් කිහිපදෙනෙක් එකතු වෙලා බෑන්ඩ් එකක් හදාගත්තා. අපිට උත්සව අවස්ථා ලැබුණා. මම එහි ගායකයෙක් විදිහට තමයි කටයුතු කළේ. මම සංගීතය හදාරා තිබුණේ නම් නැහැ. ඒත් හැකියාව තිබුණා. ගායකයෙක් වුණත් මම ආසාවෙන් හිටියෙ නළුවෙක් වෙන්න.
සංගීතයට යොමු වෙලා හිටපු ඔබ රංගනයට යොමුවුණේ කොහොමද ?
ඇත්තටම ආසාව තිබුණේ රඟපාන්න. ඒ නිසාම මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න පටන් ගත්තා. ඒ අතරතුර මම මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරඟයට සහභාගී වුණා. එහිදී මට දෙවෙනි අනුශූරතාවය හිමිවුණා. ඒ 2019 දී. 2021 දී මම දෙරණ අවුරුදු කුමාරයා තරඟයෙන් දෙවෙනි ස්ථානය දිනා ගත්තා. ඉන්පසුව තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ.
සිනමාවට පිවිසීමට පෙර ඔබ ටෙලි නාට්‍යවල පෙනී සිටියා නේද ?
ඔව්. මම මුලින් සඳහන් කළා දෙරණ අවුරුදු කුමාරයා වුණාට පසුව මට රංගන වරම් ලැබුණ බව. ” මල් පිපෙන කාලේ” ටෙලි නාට්‍යයේ මට පොඩි චරිතයක් ලැබුණා රඟපාන්න. ඉන්පසු රෝස සුදුයි ආදරියේ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. එහි මම කළේ දුෂ්ටයාගේ චරිතය. ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගියා. රාවණා සීසන් 3 සඳහා රංගන දායකත්වය ලබා දුන්නා. එය තවම විකාශය කෙරුණේ නැහැ.
රෝස ආදරේ රයන්ගේ චරිතය ඔබට ලැබුණේ කොහොමද ?
හර්ෂ උඩකන්ද අයියා තමයි මට කතා කළේ රෝස ආදරේ සඳහා සම්බන්ධ වෙන්න කියලා. මගේ හිතවතෙක්ගේ මාර්ගයෙන් තමයි හර්ෂ අයියා මාව සොයාගෙන තිබුණේ. ඔහු හෂාන් ද සිල්වා . වෙඩින් ප්ලෑනර් කෙනෙක් . හර්ෂ අයියා මට කතා කරපු වෙලාවේ මම වෙන වැඩකට යන ගමන් සිටියේ. ඒත් කොහොම හරි කාල වේලාව හදාගෙන මම ගිහින් හර්ෂ අයියාව හමුවුණා. ඒ විදිහට ගිය ගමනින් තමයි මට රෝස ආදරේ රයන්ගේ චරිතය ලැබුණේ. එදා මම ඔහුව හමු නොවුණා නම් මට සිනමාවට එන්න තිබුණ අවස්ථාව අහිමි වෙනවා.
රෝස ආදරේ චිත්‍රපටයේ ඔබට ලැබෙන්නේ දුෂ්ටයාගේ චරිතය.ඔබේ කුලුඳුල් රංගනය දුෂ්ටයාගේ චරිතය වීම ගැන ඔබ දරන අදහස?
හර්ෂ අයියා මට පිටපත දුන්නහම මම ඒක කියෙව්වා. එහි මට කරන්න තිබුණේ රයන් කියන භූමිකාව. එය කළු චරිතයක්. මමත් ප්‍රේමවන්තයාගේ චරිතයට ආසයි. ඕනම නළුවෙක් ආසයි සිනමාවේ ප්‍රේමවන්තයා වෙන්න. ඒත් මම හිතනවා දුෂ්ටයාගේ චරිතය රඟපෑමෙන් අපේ රංගන වර්ධනය කරගන්න පුළුවන් කියලා. රංගනය පැත්තෙන් දැනෙන දෙයක් කරන්න පුළුවන් දුෂ්ටයා වීමෙන්. ඒ නිසා හරි කැමැත්තෙන් තමයි මම රයන්ගේ චරිතය බාර ගත්තේ. මට මුලින්ම ටිකක් බය හිතුණා. මෙය චිත්‍රපටයක් නිසා. ඒත් මම මගේ උපරිම හැකියාව , කැපකිරීම යොදවලා ඒ අභියෝගය ජයගත්තා.
ඔබට හමුවූ මුල්ම සිනමා අධ්‍යක්ෂවරයා වන්නේ හර්ෂ උඩකන්ද. සිනමාවට නවකයෙක් වූ ඔබට ඔහුගෙන් ලැබුණ සහය කෙසේද ?
ඇත්තටම හර්ෂ උඩකන්ද කියන්නේ දක්ෂ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණයකට මාව දායක කරගත්ත එකට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔහු මට උපරිම නිදහස දුන්නා රයන්ගේ චරිතය කරගෙන යන්න. එය මට ලොකු ශක්තියක් වුණා රඟපෑමේදී.
ඔබේ රංගනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කෙසේද ?
ඇත්තටම කියනවා නම් 2025 කියන්නේ මට වෙනස්ම අවුරුද්දක්. ගිය අවුරුද්ද ඉවර වෙනකොට මම හිතාගත්තා 2025 දී වෙනස් විදිහට වැඩ කරන්න. ඒක ඒ විදිහටම ඉටුවුණා. රෝස ආදරේ තිරගතවීමත් සමඟ මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇතිවුණා. එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා කිව්වොත් නිවැරැදියි. මට ලැබුණ ප්‍රතිචාරත් ඉහළයි. බොහෝ දෙනෙක් කිව්වා මම රඟපෑම් හොඳයි කියලා. ඒ ගැන මට සතුටුයි. ඉදිරියේදී දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න උත්සාහ කරනවා.
රෝස ආදරේ රූගත කරද්දී අමතක නොවන සිදුවීම් තිබුණද?
ඔව්. චිත්‍රපටයේ අවසන් අදියරේ තියෙනවා පැතුම් අයියා මට පිහියෙන් අනින දර්ශනයක්. ඇත්තටම ඒකට නම් මම ටිකක් බය වෙලා හිටියේ. ඒකට හේතුව වුණේ මම ඒකට ප්‍රතිචාර දක්වන්නත් ඕන. ඒත් මගේ ඔළුවේ තිබුණේ පිහිය ඇනෙයි කියන බය. ඒත් පැතුම් අයියා මගේ බය නැතිකළා. එයා කිව්වා ඔයා ඔයාගේ රඟපෑම ගැන පමණක් හිතන්න කියලා. කිසිම අනතුරක් නොවන විදිහට ඒ දර්ශනය ගන්න පුළුවන් වුණා. පැතුම් අයියා මට කිව්වේ විශ්වාසය තියාගෙන රඟපාන්න කියලා.ඒ අවස්ථාව හොඳීන් කරගන්න පුළුවන් වුණේ පැතුම් අයියා නිසා.
රෝස ආදරෙන් පසු තවත් නිර්මාණ සඳහා ඔබට ආරාධනා ලැබී තිබෙනවාද ?
ඔව්. චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබී තියෙනවා. ගැළපෙන චරිත තෝරා බේරාගෙන වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන විස්තර මම සරසවියට පසුව කියන්නම්. ඊට අමතරව මේ දිනවල හිරු ටීවී එකේ නර්තනය සම්බන්ධ වැඩසටහනකට සහභාගී වෙනවා.
ඔබේ කලා ජීවිතයට ශක්තියක් වූ පිරිස මතක් කළොත් ?
ඒ අය ගැන අනිවාර්යයෙන් මතක් කරන්න අවශ්‍යයි. මුලින්ම මට නළුවෙක් වෙන්න පාර හදල දුන්නේ මගේ අම්මා සහ තාත්තා. බහුතරයක් මව්පියන් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන්ව දොස්තර කෙනෙක්, ඉංජිනේරුවරයෙක් කරන්න. ඒත් මගේ මව්පියන් එහෙම කළේ නැහැ.ඔවුන්ට අවශ්‍ය වුණේ මාව කලාව පැත්තට යොමු කරන්න. අද ඔවුන් සන්තෝෂ වෙනවා මගේ සාර්ථකත්වය දැකලා. ඒ වගේම රෝස ආදරේ අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද, නිෂ්පාදක අශෝක් ජයකොඩි ඇතුළු සියලුම රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් මම ආදරෙන් මතක් කරනවා.
ඔබ රංගනයට අමතරව වෙනත් වෘත්තියක නියැළෙනවාද ?
ඔව්. මම ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක් කරගෙන යනවා. තරුණයෙක් වුණාම ජීවිතය ස්ථාවර කරගන්න අවශ්‍යයි. තමන්ට කියල ස්ථිර ආදායම් මාර්ගයක් තිබිය යුතුයි. මම තාම අවිවාහකයි. රඟපාන්න මම යොමු වුණේ නළුවෙක් වෙන්න තිබුණ ආසාව නිසාමයි.
ඔබට ආදරය කරන රසික පිරිසට මොනවද කියන්න තියෙන්නේ ?
මම මගේ රසිකයන්ට ආදරෙයි. ඔබලා නිසා තමයි අපිට ක්ෂේත්‍රයේ රැඳී සිටින්න පුළුවන්. රෝස ආදරේ නිසා ඔබලා මට තවත් සමීප වුණා. රෝස ආදරේ තවමත් නරඹුවේ නැතිනම් මම ඔබගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. ගිහින් රෝස ආදරේ බලන්න.