රාග පටන්ගත්තෙ ස්පා සීන් එකකින්නෙ. වෙනස් චරිතයක් නිසා සමහර අය කමෙන්ට්ස්වලින් අහල තිබුණ ඇයි ඒ වගේ චරිතයක් කළේ කියල. නමුත් එක එපිසෝඩ් එකක් නිසා අව්ලක් නැහැ. ඊට පස්සෙ සාමාන්‍ය විදිහට හොඳ ප්‍රතිචාර ලැබෙනව.
පිටපත බැලුවාම චරිතය භාරගන්න දෙපාරක් හිතුවද?
මට මුලින්ම මේ චරිතය වෙනුවෙන් කතාකරන්නෙ ශිවා සර්. ඒ වගේම ස්පා සීන් තිබුණෙත් එක කොටසක විතරයිනෙ. ටෙලි නාට්‍යයක ඒ වගේ දේවල් පෙන්නන්නෙත් සීමා සහිතව නිසා එහෙම ගැටලුවක් තිබුණෙ නැහැ.
බී්‍රෆ් කේස් එකේ සල්ලිවලට මොකක් වෙයිද?
වින්දි තමයි ඉතිං එක දන්නෙ. එයා හැදුණ වැඩුණ පසුබිම කොහොම වුණත් හොඳ මොළයක් තියෙනවනෙ. මං හිතනව එයා හැමෝටම හොඳ ගේමක් ගහයි කියල.
වින්දි වැනි චරිත සැබෑ ජීවිතයේදී මුණගැහිල තියෙනවද?
සැබෑ ජීවිතයේදී මටනම් එහෙම අය ආශ්‍රය කරන්න ලැබිල නැහැ. දුප්පත් කෙනකුට එකවර ලොකු මුදලක් ලැබුණාම හරියට කළමනාකරණය කරගන්න අමාරුයිනෙ. නමුත් මෙතනදි වෙන්නෙත් ඒ වගේ දෙයක්. වින්දිටත් ඒක දරාගන්න අමාරුයි. ඒ වගේ අය සමාජයේ ඉන්නව.
වෙනත් නිර්මාණ මොනවද?
ස්වාධීන රූපවාහිනියේ රැට් ටෙලි නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නව.
රැට් ටෙලි නාට්‍යයේ චරිතය ගැන කතා කළොත්?
ඒක සති අන්තයේ විකාශය වෙන්නෙ. මට තියෙන්නෙ අසනීපෙන් ඉන්න කෙනකුගෙ චරිතයක් නිසා දෙබස් එහෙමත් අඩුයි. මං හිතන්නෙ දැන් තමයි ඒ කතාව හරියට පටන්ගන්නෙ.
ලැබෙන ප්‍රතිචාර නම් ඉතාමත් හොඳයි.
මේ අතර ‘සුබ සැන්දෑවක්’ ඒක්ක රට වටා යන ගමන මොන වගේ අත්දැකීමක්ද?
ළඟදි දවසක මගේ කකුල කැපිල ෂෝ එකක් කැන්සල් කරන්නත් සිද්ධ වුණා.
මොකක්ද සිද්ධ වුණ අනතුර?
මගේ යූටියුබ් චැනල් එකට වීඩියෝ එකක් කරද්දි කකුලෙ කෙක්කක් පැටලුණා. ඒකට කැපිල මැහුම් තුනකුත් දාන්න සිද්ධ වුණා.
ෂූටිං වැඩත් කල් දැම්මද?
ඔව්, මැහුම් දාල නිසා සතියක් විතර ෂූටිං කල් දාන්නත් සිද්ධ වුණා.
වේදිකාවේ ලැබුණ අගැයීම් ගැන කතා කළොත්?
මම පටන්ගත්තෙත් වේදිකාවෙන්. එතැනදි ලබන්න පුළුවන් උපරිම අගැයීම් දෙක වෙන්නෙ යෞවන සම්මාන උළෙල සහ රාජ්‍ය සම්මාන උළෙල. 2015 අවුරුද්දෙ යෞවන සම්මාන උළෙලේදී මම හොඳම නිළියට හිමි සම්මානය දිනාගන්නව. ඒ වගේම මට ලොකුම වුවමනාවක් තිබුණ මැරෙන්න කලින් කවදා හරි රාජ්‍ය නාට්‍ය උළෙලෙදි හොඳම නිළිය වෙන්න ඕන කියල. ඩග්ලස් සර් අධ්‍යක්‍ෂණය කළ ‘සුබ සැන්දෑවක්’ නාට්‍යය හරහා ගිය අවුරුද්දෙ ඒ හීනයත් සැබෑ වුණා. ඒක මට දැනෙන්නෙ නිළියක් විදිහට මට ලැබුණ ඔටුන්නක් හැටියට.
ලැබෙන චරිත ගැන අදහස මොන වගේද?
හැමදාම පෙම්වතිය වෙනවට වඩා ඒක තුළ විවිධ චරිත මේ වන විට මට ලැබිල තියෙනව. උදාහරන හැටියට අඳුන්ගිර, නීළපබළු, රන්තිලි වැව වගේ නාට්‍ය ගන්න පුළුවන්. මේ වගේ චරිත තුළින් දෙපැත්තට ඩයලොග් කියනවට වඩා දෙයක් මට කරන්න පුළුවන්කම තිබුණා. මේ කෙටි කාලය තුළ ලැබුණ චරිත ගැන ඇත්තටම සෑහීමකට පත්වෙන්න පුළුවන්.
නයෝමි කොළඹ එන්නෙ නිළියක් වෙන්න නෙමෙයි?
නැහැ. නමුත් පොඩි කාලෙ මම ආසාවෙන් ඉඳල තියෙනව නිළියක් වෙන්න. 1 පන්තියෙදි ගුරුවරු අහද්දි ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියල මම කියල තියෙන්නෙ හින්දි නිළියක් වෙන්න කැමතියි කියල. අපි ඉන්නෙ අනුරාධපුරේ, දුෂ්කර පළාතක. පාසලේ වුණත් කලා විෂයයන් තිබුණෙ නැහැ. කාලයත් එක්ක ඒ ආසාව නැතිවෙලා ටවර් හෝල් එකට ආවෙ නාට්‍ය හා රංගකලාව උපාධිය කරල ගුරුවරියක් වෙන්න. නමුත් උපාධිය සම්පූර්ණ කළත් ගුරුවරියක් වෙන්න අයැදුම්පත් යොමු කළේ නැහැ.
ගමේ හිටියනම් නයෝමි මොනවා කරාවිද?
ගමේ හිටියනම් මම හිතන්නෙ නැහැ මේ වනතුරු කසාද නොබැඳ ඉඳීවි කියල. සමහරවිට කැම්පස් යයි. ආපහු ගමට ඇවිත් ටීචර් කෙනෙක් වෙයි. ඉක්මනට කසාද බඳියි. එහෙම දෙයක් වෙයි ඉතිං.
සිනමාවට ආරාධනා ලැබෙනවද?
පටන්ගත්ත කාලෙ ඉඳලම මගේ ටෙලි නාට්‍ය එකක් හෝ දෙකක් විකාශය වුණා. දිගින් දිගටම ටීවී එකේම පෙනී සිටි නිසාදමන්දා මට සිනමාවට ලැබුණ ආරාධනා අඩුයි. නමුත් සිනමාවට සම්බන්ධ නොවී ඉඳලම නැහැ. සුරංග අයියගෙ නිර්මාණයක් සහ ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක කළ නිර්මාණයක් ඉදිරියේදි තිරගතවීමට නියමිතව තියෙනව.
ඉන්දියානු අධ්‍යක්‍ෂවරයා යටතේ කළ නිර්මාණය ගැන කතා කළොත්?
මට මේ ආරාධනය ලැබුණෙ දේව් මල්ලි සහ කළණ අයියා හරහා. ඔවුන් තමයි ඉන්දියන් අධ්‍යක්‍ෂවරයාට ලංකාවේ ආටිස්ට්ලව සිලෙක්ට් කරන්න උදව් කරල තියෙන්නෙ. ඔවුන් වැඩකරන විදිහ ලංකාවේ අයට වඩා වෙනස්. ලංකාවේ අය වුණත් එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්නෙ. මට ඒක වෙනස්ම අත්දැකීමක් වුණා.
ඉදිරියේදී විකාශය වෙන්න තියෙන පුංචි තිරයේ නිර්මාණ මොනවද?
දැනට කොටස් පහළොව කරපු නිර්මාණ කිහිපයක්ම තියෙනව.
නයෝමි චරිත තෝරාගැනීමක් කරනවද?
ඔව්, කාලවේලාවත් එක්ක ගත්තාමත් ලැබෙන ආරාධනා ගැන තෝරාබේරාගැනීමක් කරන්න සිද්ධ වෙනව. එතැනදි සමහර නාට්‍ය අත්හරින්නත් සිදුවෙනව.
මහේෂ් එදිරිසිංහ