පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේ භාවනාගේ චරිතයෙන් පුංචි තිරය හැඩකරන දේශානි නෙහාරා රංගන ජීවිතයට තිත තැබීමට සූදානමක් තියනවා කියලා පහුගියදා ඇය මාධ්‍යයට ප්‍රසිද්ධ කරලා තිබුණා. රංගන ශිල්පියෙක් සමග පවත්වපු දේශානිගේ ආදර සම්බන්ධතාවයද හැලහැප්පීම් ගොඩක් මැද අවසාන වුණ බව මේ දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධයි. ඉතින් ඒ සියලු දේවල් ගැන දැනගන්න දේශානි එක්ක කතා කරන්න අපි හිතුවා.
දේශානි කලාවෙන් සමුගන්න හදනවා කියන ආරංචිය ඇත්තද?
ගුවන් සේවිකාවක් නිසා මට රට රටවල යන්න වෙනවා. විවිධ රටවල තියෙන පරස්පර කාලගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන්නෙ නැතුව මාව නිතරම අසනීප වෙනවා. ඒ වගේම රැකියාවෙන් නිවාඩු ලැබුණ ගමන් මම ලංකාවට දුවගෙන එනවා කලා කටයුතු වෙනුවෙන්. ඒ නිසා විවේක ගන්න කාලයක් නැහැ. රැකියාවයි කලා කටයුතුයි දෙකම කරන නිසා මම තෙහෙට්ටුවෙලා ඉන්නෙ. ඒත් රංගනය සහ ගුවන් සේවිකා වෘත්තිය මම පුංචි කාලෙ ඉඳලා කරන්න සිහින දැකපු වෘත්තියන් දෙකක්. වාසනාවට මේ වෘත්තීයන් දෙකම කරන්න මට අවස්ථාව ලැබුණා. හැබැයි අවාසනාවට අද මට මේ වෘත්තියන් දෙකෙන් එකක් තෝරාගන්න වෙලා තියනවා. කලාවටයි ගුවන් සේවිකා වෘත්තියටයි එක හා සමානව ආදරය කරන නිසා මට මේ දෙකෙන් කෝක තෝරාගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.
කලා ක්ෂේත්‍රයට දේශානිව අහිමි වෙයිද?
පාර දිගේ ටෙලි නාට්‍යය හරහා කලා ක්ෂේත්‍රයට ආපු මාව කෙටි කාලයක් ඇතුළතදි ප්‍රේක්ෂකයා ගොඩක් ආදරෙන් වැළඳගත්තා. පාර දිගේ ටෙලි නාට්‍යයෙන් පස්සෙ මේ වෙද්දි රඟපාන පාට කුරුල්ලො ටෙලි නාට්‍යය ඇතුළුව ටෙලිනාට්‍ය කීපයකින්ම මට රංගන ආරාධනා ලැබුණා. ඇත්තටම රංගන ක්ෂේත්‍රයේ මට පැහැදිලි අනාගතයක් තියනවා. ඒ විදිහෙ අනාගතයක් තියෙද්දි රංගන ක්ෂේත්‍රයෙන් සමුගන්න වුනොත් මට ගොඩක් දුක හිතෙයි. තවම මම රංගනය තෝරාගන්නවද? රැකියාව තෝරගන්නවද? කියලා නිශ්චිත තීරණයක් අරගෙන නැහැ. මේ අභියෝගයට කොහොමහරි මුහුණදීලා ඉදිරියෙදි එක වෘත්තීයක් තෝරගන්න බලාපොරොත්තු වෙනවා.
දේශානිගේ 24 වැනි උපන්දිනය පහුගිය දවස්වල උඩු ගුවනේදි සැමරුවා නේද?
ඔව් මගේ 24 වැනි උපන්දිනය පහුගිය සතියෙ යෙදිලා තිබුණා. එදා මට ගුවන් ගමනක් තිබුණ නිසා හරි දුකෙන් හිටියෙ පවුලෙ අයත් එක්ක උපන්දිනය සමරන්න බැරිවුණ එක ගැන. හැබැයි මං නොහිතපු විදිහට ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය කේක් එකක් ගෙනැත් මාව පුදුම කරවලා උඩු ගුවනේදි පුංචි උපන්දින සාදයක් මට ලබා දුන්නා.
24 වැනි උපන්දිනය වෙනුවෙන් කරපු photo shoot එක සමාජ මාධ්‍යවල ගොඩක් කතාබහ වුණා...
24 වැනි උපන්දිනය වෙනුවෙන් මට ඕන වුණා ක්ලියෝපැට්රා රැජින විදිහට photo shoot එකක් කරන්න. ඉතින් ඡායාරූප ශිල්පී අශාන් ද සිල්වා තමයි photo shoot එකට අදාළ සියලු දේවල් සැලසුම් කරලා ක්ලියෝපැට්රා රැජින වෙන්න මට උදව් කෙරුවෙ. රැජිනක් විදිහට මගේ පෙනුණ තේජස, සරාගීකම, ලාලිත්‍ය එක්ක සමාජ මාධ්‍යවල ක්ලියෝපැට්රා photo shoot එක ගැන ගොඩක්දෙනා කතාකළා.
24 වැනි උපන්දිනය වෙනුවෙන් දේශානි සරාගී වෙලාද?
මගේ පියයුරු, උකුළ සහ ඇඟේ හැඩය කවදත් සරාගී කියලා මම විශ්වාස කරනවා. මම කැමතියි ප්‍රේක්ෂකයා අතරට සරාගී විදිහට යන්න. ඉතින් හැමදාමත් තිබුණ සරාගීකම 24 වෙනි උපන්දිනයෙදිත් ප්‍රේක්ෂකයන්ට පෙන්නුවා මිසක උපන්දිනය වෙනුවෙන් විශේෂයෙන් සරාගී වුණේ නැහැ.
සරාගී පෙනුමෙ රහස මොකක්ද?
මම ඇඟ ගැන ගොඩක් හිතනවා. ගෑනු ළමයෙක් වුණහම ලස්සන පිරිසුදුකම සෞඛ්‍ය ගැන හිතලා ඇඟ නඩත්තු කරන්න ඕන කියන එකයි මගේ අදහස. ඉතින් මම ඇඟ වෙනුවෙන් ව්‍යායාම කරනවා තෙල් සහ පිටි අඩු කෑම විතරක් ගන්නවා. මානසික සෞඛ්‍යය හොඳ විදිහට පවත්වගෙන යනවා වගේ දේවල් කරනවා.
ඇඟේ හැඩය ගැන ලැබෙන ප්‍රතිචාර ගැන මොකක්ද අදහස?
මගේ සම්පූර්ණ ඇඟ ගැන අගය කරලා ප්‍රේක්ෂකයන්ගෙන්, හිතවතුන්ගෙන් මට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මම ආදරයෙන් භාරගන්නවා.
සමාජ මාධ්‍යවල කියලා තිබුණා උපන්දිනය වෙනුවෙන් නිරුවත ප්‍රදර්ශනය කරලා කියලා..
සමහර මිනිස්සුන්ගේ ආකල්ප සාම්ප්‍රදායික නිසා යන්තන් ඇඟ පෙනුණත් ඒක නිරුවත කියලා හඳුන්වනවා. නිරුවතට වැඩිය කලාත්මක විදිහට සරාගීකම කාන්තා සිරුරේ ලාලිත්‍යය හැඩය පෙන්නන නිර්මාණයක් මම කෙරුවෙ. මගේ ඇඟ හැඩට සරාගී විදිහට නඩත්තු කරනවා. ඒ නිසා ඇඟේ ස්වභාවය පේන විදිහට මම විලාසිතා කරනවා. හැබැයි ඇඟ පෙන්නන අරමුණින් කවදාවත් මම නිරුවත් විලාසිතා කරන්නෙ නැහැ. කලාත්මක විදිහට යම් සීමාවක් ඇතුව ඇඟේ හැඩය පේන විදිහෙ විලාසිතා මම කරනවා.
එල්ලවෙන විවේචන ගැන අදහස මොකක්ද?
හොඳ කියලා ලැබෙන ප්‍රතිචාරවලින් ආඩම්බර වෙන්නෙවත් විවේචන විදිහට ලැබෙන ප්‍රතිචාරවලින් දුක්වෙන්නෙවත් නැහැ. හොඳ වගේම විවේචනත් මම සමසමව භාර ගන්නවා. ඒ හැබැයි ඒ කිසිදෙයක් හිතට ගන්නෙ නැතුව දිගටම මම විදිහට ජීවත් වෙනවා.
දේශානිගේ සරාගී පෙනුමෙන් මීට වැඩිය දෙයක් රංගන ක්ෂේත්‍රය වෙනුවෙන් කරන්න පුළුවන් නේද?
ඔව්. නිතර රඟපාන චරිත වෙනුවෙට සරාගීකමට සහ රූපයට ගැළපෙන චරිතයක් රඟපාන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා.
සරාගිනියක් නිසා පිරිමි ළමයින්ගේ ආකර්ෂණය නිතර ලැබෙනවා ඇති?
පිරිමි ළමයින්ගේ ආකර්ෂණය වගේම ආදර යෝජනා නිතර ලැබෙනවා. හැබැයි කලින් මම ආදරය කරපු කෙනා ආදරය එපා කෙරෙව්වා. දැන් මට ආදරය කටුක අත්දැකීමක්. ඒ නිසා මගේ ජීවිතයෙන් ආදරය අයින් කළා.
ආදරය එපා වෙන තරමට මොකක්ද වුණේ?
මම ආදරේදි ගොඩක් බොළඳයි. ඉතින් මම ආදරේ කරනකොට ඕනෑම කැපකිරීමක් කරලා මුළු හදවතින්ම ආදරය කරනවා. හැබැයි පස්සෙ දැනගන්න ලැබෙනවා ආදරය කරපු කෙනා බොරුකාරයෙක් කියලා. ඒ විදිහෙ රැවටීමකට මම ළඟදි ලක්වුණා. ඒ සිද්ධියෙන් පස්සෙ මම ආදරය ගැන හිතන්නෙ නැහැ.
වැරදි තෝරා ගැනීමක්ද කළේ?
මට අද හිතෙනවා මම කළේ වැරදි තෝරා ගැනීමක් කියලා. ආදරේදි බොළඳ නිසා ඒ දවස්වල මට ඒක තේරුණේ නැහැ. ආදරේ කරන්න කලින් තමන්ගෙ ජීවිතයේ ඇත්ත තත්ත්වය ගැන අනිත් කෙනාට හෙළිකරලා සම්පූර්ණයෙන් අවංක වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. වෙන අරමුණක් හිතේ තියාගෙන බොරු කරනඑක ආදරය නෙවෙයි. බොරුව හැමදාම පවත්වගෙන යන්න බැහැ. බොරුව එළිවුණාට පස්සෙ ඇතිවන ප්‍රතිඵලය සහ විපාක ගොඩක් දරුණුයි කියලා කවුරුත් දැනගන්න ඕන.
ඒ තෝරගැනීම සහ අත්හැරීම ගැන අද වෙද්දි මොන විදිහෙ හැඟීමක්ද තියෙන්නෙ?
ආදරය කරන්න වැරදි පුද්ගලයෙක්ව තෝරාගත්ත එක ගැන මට ලොකු දුකක් පසුතැවීමක් තියනවා. මම ඔහු වෙනුවෙන් සෑහෙන්නෙ දේවල් කළා. මගේ ජීවිතේ වටින කාලයකුත් එයා වෙනුවෙන් වැය කළා. ඒ දේවල් ගැන පසුතැවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි මම සතුටු වෙනවා එයා එක්ක දිගටම ඉඳලා කරදරේ වැටෙන්නෙ නැතුව මේ විදිහට ජීවිතය බේරුණු එකට.එයාගේ ඇත්ත ස්වරූපය එළිවෙලා මේ විදිහට වෙන්වෙන්න ලැබුණ එක මගේ හොඳට වෙච්ච දෙයක්. ඒ ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා.
ආපහු ආදරය කරන්න අදහසක් නැද්ද?
ආපහු ආදරය ගැන විශ්වාස කරන්න අමාරු තත්ත්වයක මම ඉන්නෙ. ආදරය ගැන හිතනවා නම් හොඳට හොයලා බලලා ජීවිතයට ළංකරගන්න ඕන. ගොඩක් දෙනා ඇත්ත ප්‍රතිරූපය හංගගෙන බොරු ප්‍රතිරූපයකින් අපේ ජීවිතවලට එන්නෙ. ඒ නිසා දැන් මම පිරිමින්ව ආශ්‍රය කරන්නෙ අතේ දුර තියාගෙන.