පුංචි තිරයේ සමන්දිනි ලෙස ප්‍රේක්ෂක ආදරේ ඉහළින්ම ලැබූ ඉෂංකා අබේසේකර මේ දිනවල නම් අපට ටෙලි නිර්මාණ තුළින් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙත් පසුගිය කාලයේ ඇයට තෙලිඟු සහ මලයාලම් සිනමාවෙන් අවස්ථාවන් හිමිව තියෙනවා. ඒ ගැන වගේම ඇයගේ නවතම තොරතුරු රසඳුන සමඟ බෙදා ගත්තේ මෙලෙසින්.
කොහොමද මේ දවස්වල ජිවිතේ.
මේ දවස්වල ගොඩක්ම කළේ මියුසික් වීඩියෝ සහ වෙෙළඳ දැන්වීම් ටෙලි නාට්‍ය කිහිපයකටම ඇරයුම් ලැබුණා. ඒත් මේ දවස් ටිකේ පොඩ්ඩක් දෙපාරක් හිතනවා ටෙලි නාට්‍යවලදී. මම බැලුවේ අලුත්ම චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න. ඒ නිසා මේ දිනවල ලැබුණු තිරපිටපත් කියවමින් ඉන්නවා. වෙනස්ම පිටපතකින් හම්බවෙමු.
මලයාලම් සිනමාවේ අත්දැකීමක් ලබන්න නම් අවස්ථාව ලැබුණා නේද?
ඔව්. හැබැයි ඒ ෆිල්ම් එකේ ලොකු විස්තරයක් තවම මට මාධ්‍යයට කියන්න අවසර නැහැ. මට ලැබුණේ පොඩි චරිතයක් වුණත් එය මගේ රංගන ජීවිතේට ලැබුණු ලොකුම අවස්ථාවක්. ඒ මලයාලම් සිනමා නිර්මාණයේ කොටසක් රූගත කළේ ලංකාවේ කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයේ. ලංකාවේ රංගන ශිල්පිනියක් විදියට මට පමණයි ඒ අවස්ථාව උදා වුණේ. එතැනදී මට වැඩ කරන්න ලැබුණේ මලයාලම් සිනමාවේ දැවැන්තම චරිත කිහිපයක් එක්ක. මම ඒ නිර්මාණයේ තිරය බෙදා ගත්තේ Mammootty සහ Mohanlal එක්ක. ඒ අය මලයාලම් සිනමාවේ දැවැන්තම චරිත.
ඒ එක්කම මලයාලම් සිනමාවේ දැවැන්තයෙක් වන Fahadh Faasilවත් ඔබට මුණගැහිලා තිබ්බා නේද?
ඔව්. FaFa සහ මලයාලම් සිනමාවේ තවත් දැවැන්ත චරිතයක් වන kunchacko boban හිටියා. නමුත් මගේ රූපගත කිරීම්වලදී හිටියේ මම්මුට්ටි සහ Mohanlal. FaFa කියන්නේ මගේ ජිවිතේ මම ආසම කරන නළුවෙක්. FaFa මට ඒ ඇස් මගේ ඇස් ඉස්සරහම හම්බෙද්දි ඒක හීනයක් වගේ. මම මගේ ඇස්දෙකම වගේම ඇස් දෙකක් මලයාලම් දැවැන්ත චරිතයකින් දැක්කා. මලයාලම් සිනමාව කියන්නේ අපි හැමෝම ආස කරන සිනමාවක්නේ. මලයාලම් සිනමාව කියන්නේ මැජික් එකක්. මලයාලම් සිනමාවේ තියෙන ඒ අමුතු කලාව එක්කම ඒ ගොඩනැෙගන ස්ටෝරි එකත් අමුතු රහක් තියෙනවා. මලයාලම් සිනමාවේ ඉන්න නළු නිළියන්ටත් මම්මුට්ටි හමුවෙලා නැති අවස්ථා ඕනේතරම් තියෙනවා. ඒ නිසා එවැනි දැවැන්ත චරිත එක්ක එක කැමරා කාචය බෙදා ගන්නවා කියන්නෙම මට ලැබුණු වාසනාවක්.
කොහොමද මේ අවස්ථාව ලැබුණේ?
ලංකාවේ ඒ ප්‍රඩක්ෂන් එකේ Line Production එක කළේ IYNGARAN MEDIA Solutions Pvt Ltd ආයතනය. එයාලා හරහා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මගේ ස්වරූපයත් සමහරවිට මට ඒ අවස්ථා ලැබෙන්න හේතු වෙන්න ඇති. මාව දකින අයත් එක සැරේටම මම සිංහල බෞද්ධ කෙනෙක් කියලා හිතන්නේ නැහැ.
එහි චරිතේ මොකක් ද?
ක්‍රිෂ්ණමූර්ති කියන ආර්මි එකක නර්ස් කෙනෙක්. ලැබුණේ පුංචිම චරිතයක් වුණත් මට මහමෙරක් වගේ වටිනවා. ලොකු ස්ටෝරි එකක් එක්ක කෙරුණු සිනමා නිර්මාණයක්. ජීවිතේ පුදුමයි කියන්නේ පොඩිම කාලෙ බලපු filmවල හිටපු hero ළඟම ඉඳලා රඟපාද්දි ඒක පුදුම බයක් සහ පුදුම අත්දැකීමක් හීනයක් වගේ. ඒ personalities මාරයි. මට හරිම පුදුමයි. හැමදාම තරුණ නළුවෝ ඒ maintains සහ ඔවුන්ගේ දක්ෂතාව සහ නිහතමානීකම. මම හිතන්නේ මම හරිම වාසනාවන්තයි.
ඔබේ මුල්ම සිනමා නිර්මාණයත් තෙලිඟු සිනමාපටයක් නේද?
ඔව්, මම සිනමාවට තියන පළමු පියවර සහ මගේ පළමු ඉන්දියන් සිනමා නිර්මාණය වෙන්නේ තෙලිඟු සිනමාපටයක්. එදා මට රඟපාන්න ලැබුණේ දග්ගුබාටි වෙන්කටේෂ්ගේ (Daggubati Venkatesh) බිරිය විදිහට. මේක මගේ වාසනාව වෙන්න ඇති. ඒ චරිතයටත් ඔවුන් මාව තෝරාගන්නේ මගේ පෙනුම නිසා.
ඒ නිර්මාණය තිරගත වුණාද?
නැහැ තාම නැහැ. ලංකාවේ නිර්මාණ වගේ නෙවෙයි. එයාලගේ රූල්ස් හරි වෙනස්. තාම කිසිම ටිසර් එකක්වත් අවුට් වෙලා නැහැ.
රංගන ශිල්පිනියක් වෙන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම රංගන ශිල්පිනියක් වෙන්නේ අහම්බෙන්. ඒක දැන් මඟ දාලා යන්න බැරි දෙයක් වෙලා. තාමත් මට ඒක හීනයක්. තව තව වැඩ කරන්න ආසයි. කලාවට එන්න සහ මේ වගේ අවස්ථාවන් ලැබෙන්න කෙනෙක්ට වාසනාවක් තියෙන්න ඕනේ. සමහර වෙලාවට අපි දකිනවා රංගනය විෂයක් විදියට හදාරමින් එන අය. නමුත් මම විශ්වාස කරන්නේ දක්ෂතාව එක්කම වාසනාවත් තියෙන්න ඕනේ.
ඔහොම ගිහින් ඉන්දියාවටම යයි ද?
අනේ ඒකනම් කොහොම වෙයිද දන්නේ නැහැ. මම හිතනවා මට හොඳ අවස්ථාවන් ලැබෙයි කියලා. මම කොහොමත් අවස්ථාවන් ලැබෙනකම් බලන් ඉන්නෙත් නැහැ, ඒ දේවල් හොයාගෙන යන්න කැමැති කෙනෙක්. මගේ දෛවය කොහොම ලියවිලා තියෙනව ද කියන්න මම දන්නේ නැහැනේ.
පොඩි කාලේ ඉඳන්ම ෆිල්ම්ස් බලපු කෙනෙක් ද?
අම්මෝ ඔව්. ගෙදරින් බැණුම් අහගෙන ෆිල්ම්ස් බලලා තියෙනවා. හොඳ ෆිල්ම් එකක් යනවා නම් ක්ලාස් කට් කරන්න බොරු අසනීපත් වෙනවා. ඒ වෙද්දී මම මේ ක්ෂේත්‍රයට එන්න හිතලාවත් නැහැ. මගේ ආසම නළුවන් වුණෙත් ටැමිල් සිනමාවේ නළුවන්. අල්ලු අර්ජුන්, යාෂ්, වික්‍රම් වගේ අය ඉන්න ෆිල්ම් මම හරි ආසාවෙන් බැලුවේ. ඒ ෆිල්ම්ස් බලද්දී අපේ හිත් ඇතුළේ අමුතුම ලෝකයක් හැදෙනවා.
සමන්දිනිට තාමත් ආදරේ ලැබෙනවා නේද?
අනේ ඔව්. ‘කියා දෙන්න ආදරේ තරම්’ටෙලිනාට්‍යයේ සමන්දිනි කියන්නේ මාව පුදුමාකාර විදියට ප්‍රේක්ෂකයන් අතරට අරන් ගිය නිර්මාණයක්. තාමත් මඟතොටේදී කතා කරන්නේ සමන්දිනි කියලා. සමහරු අහනවා ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ දෙවන කොටස පටන් ගන්නේ නැද්ද කියලත්. ඒ ආදරේ නම් මැරෙනකම්ම තියෙයි.
ඉෂංකා හැමදාම ඔහොම ඉන්න ද කල්පනාව
ඒ කිව්වේ (හිනා )
හැමදාම තනියම ඉන්න ද හිතන්නේ?
තනියම ඉන්න කවුද කැමති. වැඩේ කියන්නේ මට ගැළපෙන කෙනෙක් තාම ලැබුණේ නැහැ. අනේ මන්දා එයත් කොහේ ඉන්නව ද කියලා.
ඔයත් හොයනවද එයාව
ඔව්. මමත් හොයනවා කෝ එයා කියලා. මොකද මටත් වේලාවකට කම්මැළි හිතෙනවා. ඒ නිසා ඉක්මනට එන්න කියමු නේද?
අනුෂා රණසිංහ