හිමේෂා දිල්කි කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි තිරයට එන්න පෙර වේදිකාවේ සිය හැකියාවන් පෙන්නුම් කළ හිමේෂා පසුගිය වසරේ 43 වැනි යෞවන සම්මාන උලෙළේ කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළියට හිමි ජූරියේ විශේෂ සම්මානය පවා දිනා ගන්නට සමත් වුණු රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් ඇය විසේකාරිහි දූමීෂා නැත්තම් දූමී ලෙසින්. ඒ ගැන වගේම තව කලා ලොවේ තොරතුරු ගැන රසඳුන හිමේෂා දිල්කි සමඟ කළ කතා බහයි මේ.
විසේකාරිහි ඔබ දුමී, ඔබේ චරිතය ගැන මුලින්ම කිව්වොත්?
දූමීෂා නැත්තම් දූමී කියන්නේ ගමක සාමාන්‍ය පවුල් පරිසරයක ජීවත් වෙන කොළඹ ඇවිත් මනෝවිද්‍යාව සම්බන්ධ උපාධියක් හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. තමනගේ ළඟම යාළුවන් ගැන හොයලා බලන එයාලට ආදරේ කරන සහෝදරියකට සමාන යාළුවෙක්. ඒ වගේම ටිකක් දඟ සහ යාළුවන්ගේ නොහොබිනා වැඩවලදි නපුරුවෙන චරිතයක්.
කොහොමද විසේකාරි නාට්‍යයේ චරිතෙට ලැබෙන ප්‍රතිචාර?
හොඳ ප්‍රතිචාර තියෙනවා. විසේකාරි නාට්‍ය එක්ක ආදරණීය ප්‍රේක්ෂක පිරිසක් එක්වෙලා ඉන්නවා. පාරේ තොටේ හමුවුණත් ඒ අය අපි ළඟට ඇවිලා කතා කරලා “අනේ ඔයා දුමී නේද” කියලා අහන්න තරම් නිහතමානි ආදරයක් ඒ ගොල්ලගෙන් ලැබෙනවා.
නාට්‍යයේ දුමී සහ හිමේෂා අතර සමානකම් තියෙනවා ද?
දූමී සහ හිමේෂා අතර පොඩි සමානකම් කිහිපයක් තියෙනවා. හිමේෂාත් විශ්වවිද්‍යාල විද්යාර්ථියක්. හොඳම යාළුවන් වෙනුවෙන් ඕනෑම දේකට පෙනී ඉන්න, එයාලා ගැන හොයල බලන කෙනෙක් තමයි හිමේෂා කියන්නේත්. එක අසමානකමකට තියෙන්නේ හොඳම යාළුවා වුණත් ඕපදූප හොයන කාරණය හිමේෂා විදිහට මම බොහෝ සෙයින් අකමැති කාරණයක්. නමුත් දූමී කියන්නේ එහෙම චරිතයක්.
හිමේෂා කියන්නෙ වේදිකාවේ අත්දැකීම් ඇති කෙනෙක් , ඒ ගැන මතක් කළොත්?
මම රංගනයට පිවිසෙන්නේම පාසල් වේදිකාවේ සිටමයි. එතැනදී ආදරයෙන් මතක් කරනවා කුමාරි එදිරිසිංහ මිස් සහ සුජිතලතා මිස්. පාසල් ජිවිතයෙන් පසුව මං විශ්ව විද්‍යාලයට තේරී පත් වෙනවා. එහිදී මම ප්‍රාසාංගික කලාවේදී ගෞරව උපාධිය මේ මෑතකදී අවසන් කළා. පාසල් ජීවිතයෙන් පටන් ගත්ත වේදිකාව විශ්වවිද්‍යාල හරහා සෑහෙන අත්දැකීම ලබා ගත්තා සහ නාට්‍ය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. විශ්ව විද්‍යාලයෙත් ඉන්නතුරු වේදිකා නාට්‍ය කළා. ඔය අතර වේදිකාව පැත්තෙන් විශේෂ අවස්ථාවන් කිහිපයක් සිද්ධ වුණා. එකක් තමයි 2023 යෞවන නාට්‍ය උලළේ “witches” කෙටි නාට්‍ය හරහා හොඳම නිළිය සඳහා ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීම. දෙවනි කාරණය මං බොහෝ සේ ආදරය කරන ජයලත් මනෝරත්නයන්ගේ “ගුරු තරුව” වේදිකා නාට්‍යයට රංගනයෙන් දායකවීම. තෙවන කාරණය අධක්ෂක බුද්ධික දමයන්තගේ “මට සිහිනයක් ඇත” දිගු වේදිකා නාට්‍යය සඳහා රංගනයෙන් දායක වීම. එහිදී මහේනද්‍ර වීරරත්න අයියා සහ මම පමණයි රංගනයේ යෙදෙන්නේ. ඒක විශාල අත්දැකිමක් වුණා සහ මට උගත් ප්‍රේක්ෂක පිරිසකගෙන් සෑහෙන ප්‍රතිචාර ලැබුණා. ඔහුත් මං වෙනුවෙන් සමාජමාධ්‍ය සහ පුවත්පත් හරහා මගේ රංගනය සම්බන්ධ අදහස් ප්‍රකාශ කර තිබුණා. හතරවන කාරය මේ මෑතකදී 2024 යෞවන නාට්‍ය උලළේ අවසන් වටය සඳහා එස්. එන් සුගතදාස විසින් අධක්ෂණය කළ “The trauma” ඒකලභාෂිත නාට්‍යයට මට රංගනයෙන් දායක වීමට ලැබීම.
මේ කාලේ ඔබේ අනිකුත් නිර්මාණ මොනවද?
මේ දවස්වල දෙරණේ විකාශනය වන තුෂාර තෙන්නකොන් අධක්ෂකතුමාගේ “නිකිණි කුසුම්” නාට්‍ය චූලක්ෂිගේ චරිතය රඟනවා. ස්වර්ණවාහිනියේ විකාශය වන අසංක සායක්කාර අයියගේ “සින්ටෝ” නාට්‍යයේ ද “දිල්කි” චරිතය හරහා රංගනයෙන් දායක වෙනවා.
රංගනය පමණද ඔබේ වෘත්තිය?
මගේ උපාධිය ලබාගෙන දැනට සතියක් පමණ වෙනවා. මේ වන විට නම් රංගනය පමණයි වෘත්තිය වී ඇත්තේ. නමුත් මගේ බලාපොරොත්තුව අධ්‍යාපන පැත්තෙන් තව ඉස්සරහට යෑමටයි.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
අධ්යක්ෂ තුෂාර තෙන්නකෝන් මහතාගේ රාවණ සීසන් 3 සහ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ සිසිවන වුවන ටෙලිනාට්‍යයන් ඉදිරියට එන්න තියෙන නිර්මාණ.
ඔබ චරිත තොරලා ද රඟපාන්නෙ?
ඔව් මේ වෙනතුරු මගේ සීමාවන් මත චරිත තෝරා ගැනීම් කරනවා. මම තාම මේ ෆීල්ඩ් එකට පය තිබ්බා පමණයි. නමුත් ඒ ටික කාලය තුළ එහෙම රිජෙක්ට් කරන්න අවස්ථා කිහිපයක්ම ඇවිත් තියෙනවා. මම ආසයි පර්යේෂණ කරලා ඒ චරිතය හරහා දේවල් කැප කරලා රංගනයෙන් දායකවීමට. නමුත් මගේ සීමාවන් හරහා පමණයි.
ඔබේ සීමාවන් මොනවාද?
ඔව් මේ වෙනතුරු මගේ සීමාවන් මත චරිත තෝරා ගැනීම් කරනවා. මම තාම මේ ෆීල්ඩ් එකට පය තිබ්බා පමණයි. නමුත් ඒ ටික කාලය තුළ එහෙම රිජෙක්ට් කරන්න අවස්ථා කිහිපයක්ම ඇවිත් තියෙනවා. මම ආසයි පර්යේෂණ කරලා ඒ චරිතය හරහා දේවල් කැප කරලා රංගනයෙන් දායක වීමට. නමුත් මගේ සීමාවන් හරහා පමණයි. කොස්ටියුම් සම්බන්ධ සිමාවන් මම තියා ගන්නවා. බිකිනි අඳින චරිතයක් කරන මට්ටමට මම ඇවිත් නැහැ. හැබැයි බිකිනි අඳින කාටවත්ම මම දොස් කියන්නේ නැහැ. තව ආදරවන්තියක චරිතය වුණත් ලිංගික දර්ශනවලට පෙනී ඉන්නේ නැහැ. එතැනදී මම සීමාවන් දාගෙන තියෙනවා.
පවුලේ විස්තර මොනවද?
අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි මමයි. ලොකු සහයෝගයක් ලැබෙනවා මට මේ ක්ෂේත්රයේ රැඳෙන්න. එහෙම සහයෝගයක් නැත්නම් මට මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නැහැ. එයාලා නිසා තමයි අද මම මෙතන ඉන්නේ.
තවමත් ඔබ ආදරවන්තියක් නොවෙයිද?
ඒ ගැන මම තව ඉස්සරහට කියන්නම්. මම හොයන්නේ මට ගොඩක් නිදහස දෙන කෙනෙක්. මොකද මම මගේ සීමාවන් දන්නවා. ඒ නිසා ඒ නිදහස ඇතුළේ මට ඉන්න පුළුවන් මාව තේරුම් ගන්න උගත් කෙනෙක්.
අනුෂා රණසිංහ