රංගන ශිල්පිනියකට එහෙමත් නැතිනම් නිළියකට සිනමාව කියන්නේ ලොකු ආභරණයක්. මොන නිළිය ද සිනමාවට එන්න අකමැති. අනික ඒ අවස්ථාව හම්බවෙන්නේ කීයෙන් කීදෙනාට ද? ඔන්න අද දවසේ අපේ කතානායිකාවත් පසුගිය කාලය පුරාවට ම දැක්කේ ටෙලිනාට්‍ය කලාවෙන්. මෙදාපාර ඇය හා හා පුරා කියලා රිදී තිරයට අඩිය තියන්න හදන්නේ රංජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙන ‘සුපෙම් සුළඟක්’ කියන සිනමා නිර්මාණයෙන්. නමින් සචින්තනී කෞෂල්‍යා වූ ඇයගේ කතාවයි මේ.
හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ ආකාෂිට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ගොඩක් හොඳයි. සචින්තනී බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ කියාදෙන්න ආදරේ තරම් ටෙලියේ දිගැසි විදිහට. දිගැසිට පස්සේ ආකාෂිටත් ගොඩක් ආදරේ කරනවා. අනික ඒක මට ලැබුණු වෙනස් චරිතයක්. පසුගිය කාලය පුරාවට ම මට වෙනස් වෙනස් චරිත කරන්න හම්බවුණා. අභීගේ පොඩි අක්කා සුදු අක්කා කියලයි ප්‍රතිචාර ලැබෙන්නේ.
සචින්තනි සිනමාවට එනවා කියලත් ආරංචියි?
මගේ පළමු වන සිනමා නිර්මාණය තමයි සුපෙම් සුළඟක් කියන්නේ. ඒකත් ඇත්තටම අහම්බයෙන් හම්බවුණ අවස්ථාවක්. මෙහි අධ්යක්ෂවරයා රංජන් ප්‍රසන්න. පිටපත් රචනය සුනෙත් මාලිංග සහ ප්‍රියනාත් විදානපතිරණ. සඳුන් fදාළමුල්ල තමයි නිෂ්පාදකවරයා. මුලින්ම මට මෙවන් අයියා හරහා තමයි මේ ආරාධනාව ලැබෙන්නේ. අන්තිමේදී ඔඩිෂන් ගිහිල්ලා ඒ ආරාධනාව භාර ගත්තා.
මේ ආරාධනාව ගැන මොකද හිතෙන්නෙ?
ඒක මගේ ජීවිතයට සුවිශේෂයි කියලා හිතෙනවා. ඒ වගේම මගේ ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වේවි කියලත් හිතනවා. සුපෙම් සුළඟක් කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කරන්න ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක්. මොකද මම සිනමාවට එන්නෙම ප්‍රධාන චරිතයකින්. ඒ ගැන නිහතමානී සතුටක් වගේම ආඩම්බරයක් තියෙනවා.
සුපෙම් සුළඟක් හි ඔබට කවුරු සමග ද රඟපාන්න තියෙන්නේ?
මාත් එක්ක ඉන්නේ නෙත්මි රොෂෙල් සහ ලවන් අභිෂේක්. ඒ දෙන්නත් එක්කම තමයි මට වැඩ කරන්න තියෙන්නේ. හරිම ආසාවෙන් සතුටින් භාර ගත්තු වැඩක්. ආදර කතාවකටත් වඩා වෙනස් විදිහේ කතාවක් කිව්වොත් හරි.
පිටපත අතට ලැබුණාම මොකද හිතුණේ?
පිටපත අතට හම්බවුණ වෙලේ මට හරි ආසා හිතුණා. මොකද පිටපත වෙනස් විදිහක ලස්සන වැඩක්නේ. මේ නිර්මාණයට මම භාර ගත්ත පිටපතත් බලපෑවා. අනික කේෂ්ත්‍රයේ ඉන්න දැවැන්තයොත් එක්ක කරන්න හම්බවුණ වැඩක්.
ආරාධනාව භාර ගන්න දෙපාරක් හිතුව ද?
නැහැ. දෙපාරක් හිතුවේ නැහැ. මුලින්ම මට එන්න කිව්වේ කතා කරන්න කියලා. මොකද සුනෙත් අයියලාව මට මීට කලින් හම්බවෙලා නැති නිසා. හැබැයි ඔවුන්ව හම්බෙන්න කලින් මගේ අතට පිටපත හම්බවෙනවා. පිටපත එක හුස්මට කියෙව්වා. සිනමාවට හම්බවුණු පළමු වන අවස්ථාව. මට හම්බවුණු ලස්සන චරිතයක්. අනික මට කැපවීමකින් කරන්න පුළුවන් චරිතයක්.
සරසවි අධ්‍යාපන කටයුතු එහෙම කොහොම ද?
සරසවි අධ්‍යාපන කටයුතු අවසන් කරලා මම ගිය වසරේ නීතිඥවරියක් විදිහට දිවුරුම් දෙනවා. ඊට පසුව මගේ ගුරුවරයා වුණු සුජීව ගුණතිලක සර් යටතේ කඩුවෙල උසාවියේ පුහුණුවීම් සිදු කළා. හැබැයි මේ වෙනකොට රංගන වැඩටයුතු හින්දා නීතිඥ වැඩකටයුතුවලින් ඈත්වෙලා ඉන්නේ.
දැන් උසාවි යන්නේ නැතිද?
ඇත්තටම මේ දවස්වල යන්නේ නැහැ. මෑතක් වෙනකම් වැඩකටයුතු සිදුකළා. හැබැයි ඒකත් අතහැරලා නැහැ. වැඩ භාර ගත්තු මගේ මිතුරන් එක්ක වැඩ කරගෙන යනවා.
මේ වෙනකොට වෘත්තිය මොකක්ද?
මම වෘත්තීන් කිහිපයක නියැළෙනවා. ප්‍රධානම වෘත්තිය වෙලා තියෙන්නේ රංගනය. ඊට අමතරව නීතිඥ වෘත්තිය වගේම ගුරු වෘත්තියත් සිදුකරගෙන යනවා.
කඩුවෙල උසාවියට ගියාම ලැබුණු ප්‍රතිචාර?
හරිම සතුටුයි. ජ්‍යෙෂ්ඨ නීතිඥ සර්ලාගෙන්, මැඩම්ලාගෙන් වෙනස්ම ප්‍රතිචාර ලැබුණේ. සමහර වෙලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හම්බවෙනවා. විවිධ සිද්ධීන්වලටත් මුහුණපාන්න හම්බවෙනවා. කියාදෙන්න ආදරේ තරම් ෂූටිං කරන කාලේ උසාවියේ ප්‍රැක්ටිස් කරන කොට එහෙම දේවල් සිදුවෙලා තියෙනවා. ඒකත් හරිම සුන්දරයි. එතැනදී විවිධාකාර පුද්ගලයන් හම්බවෙනවා. රංගනය කියන එකත් එක්ක මිනිස්සු මාව හඳුනන නිසා කතාබහ කරනවා. ඒ අත්දැකීම් සුන්දරයි.
ආපහු උසාවි යන්න අදහසක් නැතිද?
තියෙනවා. තියෙනවා. මම ආපහු උසාවි යනවා.
රංගන ජීවිතය ඔබට දැනෙන්නෙ කොහොමද?
හරිම සතුටුයි. ඇත්තට ම මම මේ දැන් කරන කිසිම දෙයක් මගේ හීනවල තිබුණු දේවල් නෙමෙයි. මම කවදාවත් රංගන ශිල්පිනියක් වගේම නීතිඥවරියක් වෙන්න බලාගෙන හීන දැකපු කෙනෙක් නෙමෙයි. මොකද මම ඇත්තටම යුද හමුදාවට යන්න හිටපු කෙනෙක්. හමුදා නිලධාරිනියක් වෙනවා කියන අදහස තමයි තිබුණේ. උසස් පෙළට එනකොට තමයි මට නීතිඥ වෘත්තිය තෝරාගන්න සිද්ධ වෙන්නේ. එතැනින් එහාට රන්වල බළකාය හරහා කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සිද්ධ වෙනවා. ඒ අනුව තමයි මම කලාවට එන්නේ. ඉතිං මම හෙමින් හෙමින් ආපු ගමන ගැන මට නිතහමානීව සතුටු වෙන්න පුළුවන්. මොකද මේ හැම පියවරක්ම මම උත්සාහයෙන් කැපවීමෙන් සහ මගේ ළඟ ඉන්න පිරිසගේ උදව්වෙන් ආවෙ. ආපස්සට හැරිලා බලද්දී හරිම සතුටුයි. දවසින් දවස අඩියක් ඉස්සරහට තියලා කියලා හිතෙනවා.
මහේෂ් එදිරිසිංහ